ස්පැගති 500g
වතුර ලිටර් 4ක් පමන
කටු රහිත කුකුල් මස් 500g
එලවළු 300g (කැරට්, බෝංච්, ගෝවා, බෙල් පෙපර්)
ළූණූ කොල අහුරක්
අමු මිරිස් කරල් 4ක්
තක්කාලි ගෙඩි 3ක්
තෙල් මේස හැදි 4ක්
ලුණු පදමට
සොයා සෝස් තේ හැදි 2ක්
තක්කාලි සෝස් මේස හැදි 1ක්
විනාකිරි තේ හැදි 2ක්
ළූණූ ගෙඩි 2ක්
අඹරාගත් ඉගුරු තේ හැදි 1ක්
අඹරාගත් සුදු ළූණූ තේ හැදි 1ක්
ගම්මිරිස් තේ හැදි 1ක්
චිකන් කියුබ් 2ක්
මුලින්ම කුකුල් මස් තීරු වශයෙන් කුඩාවට කපා ලුණු, ගම්මිරිස්, සෝයා සෝස්, විනාකිරි දමා කවලම් කර තබන්න. පසුව වතුර භාජනයක් ලිප මත තබා රත් වන විට ලුණු ස්වල්පයක් හා තේල් මේස හැදි 1ක් පමන එක් කරන්න. වතුර නටන විට ස්පැගති දමා විනාඩි 10ක් පමන තම්බා ගන්න.
මීලගට ඉතුරු වු තෙල් භාජනයකට දමා රත් කර එයට ඉගුරු, සුදු ළූණූ, ළූණූ කොල එකතු කර රන් වන් පැහැවන විට මස් එකතු කර හොදින් කවලම් කරගෙන විනාඩි 2-3ක් තබන්න. ඉන්පසු චිකන් කියුබ් හා වතුර මේස හැදි 3ක් පමන එක්කර එය ආවරනය කර විනාඩි 5ක් පමන පිස ගන්න. පසුව එයට ළූණූ, අමු මිරිස්, එලවළු, තක්කාලි සෝස්, තක්කාලි එකතු කරගෙන හොදින් කවලම් කරන ගමන් පිසෙන්න හරින්න. පසුව ඒයට තම්බා ගත් ස්පැගති එක් කරන්න.
එලවළු එකම හැඩයකට කපාගන්න. දික් ආකරයකට වඩාත් සුදුසුයි. අවශය නම් තක්කාලි වල ඇට ඉවත් කරගෙන අඹරා එක්කර ගත හැකිය. එමෙන්ම ඔරිගානෝ තේ හැන්දක් පමන එක්කර වඩාත් රස කරගන්න පුළුවන්.