සැමන් සම්බෝල

April 17, 2020
432
Salmon Sambol
ලංකාවේ අපි අතර ජනප්‍රිය තවත් කෑමක් තමයි සැමන් සම්බෝල. පාන්, රොටී හෝ බත් එක්ක උනත් කන්න පුලුවන් සැමන් සම්බෝල හදන ආකාරය බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

ලොකු සැමන් ටින් එකක මාළු
ලොකු ලූණු ගෙඩි 1
අමු මිරිස් කරල් 3 (කැමති නම් කොච්චි කරල් 3)
දෙහි ගෙඩි 1ක යුෂ
ලුණු සහ ගම්මිරිස් රස පදමට
සිහින්ව කපා ගත් තක්කාලි ලොකු ගෙඩි 1 (කැමති නම් පමණක් )

සාදන ආකාරය :

01. ලූණු ගෙඩිය සිහින්ව කපාගන්න. අමු මිරිස් ටිකත් සිහින්ව කපා ගන්න. බෝල් එකකට දමන්න. තක්කාලි එකතු කරනවා නම් එයත් බෝල් එකට දමන්න

02. ටින් මාළු ටික කටින් බෝඩ් එක මත තබා හැන්දක පිට පැත්තෙන් යන්තම් පොඩි කරන්න.

03. දැන් මාලු ටික ලූණු සහ අමු මිරිස් එකට එකතු කරන්න.

04. ලුණු, ගම්මිරිස් සහ දෙහි එකතු කර හැන්දකින් කලවම් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Essential 3 vitamins for glowing skin
   3,646
   2,841

සමේ ස්වාභාවික අලංකාරය සඳහා ඔබ අනිවාර්යයෙන් ගත යුතු විටමින් 3 ක්

ඔබට සමේ සෞඛ්‍ය සම්පන්න බවත් දීප්තිමත් බවත් ඉහ​ළ නංවා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ගන්න අත්‍යාවශ්‍ය විටමින් වර්ග 3ක් ගැන අපි ඔබට කියන්නම්. ටික කාලෙකින් ඒවා ඔබේ සමේ මැජික් එකක් වගේ වැඩ කරන ආකාරය ඊට පස්සේ ඔබම දකින්න...
5 tips to be beautiful like a bollywood actress
   48,760
   176

බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය
Do not make you sex life a nightmare because of HSDD
   408
   108

HSDD රෝගය නිසා නිදි යහන කටු යහනක් නොවන්නට

කිසිම හේතුවක් නැතුව ලිංගිකව එක් වීම නීරස අත්දැකීමක් නම් එතැන කුමක් හෝ අඩු පාඩුවක් තිබෙනවා. ලිංගිකව එක්වීම නීරස අත්දැකීමක් නම් ඒ තත්වය Hypoactive sexual desire disorder (HSDD), රෝගය නිසා වෙන්නත් පුලුවනි. මේ රෝග තත්වයේ නිමිති මොනවාද...?
How to keep your feet beautiful
   37,864
   102

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
Are you willing to get married after a divorce
   1,517
   92

දික්කසාදයෙන් පසු ඔබ​ට නැවත විවාහ වීමට අදහසක් තියෙනවද?

අද හැඩකාරී අපි ඔයාට දික්කසාදයෙන් පසු නැවත විවාහ වීමට අදහස් කරන්නේ නම් ප්‍රයෝජනවත් වන උපදෙස් කිහිපයක් මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නයි උත්සාහ කරන්නේ

Latest Articles

Most Viwed