මේ වෙරලු වාරයයි. වාරයට ලැබෙන පළතුරු බුත්ති විඳින්නත් අපි දැනගන්න එපායැ. අමුවෙන් හෝ ඉදුන වෙරලු ගෙඩියක් කටේ දා ගන්නවාට වඩා හැඩකාරියන්ගේ අතින් රස ගැනෙන වෙරළු අච්චාරුවේ රස බලන්නකෝ..
අවශ්‍ය ද්‍රව්‍ය :
පැසුන වෙරලු ග්‍රෑම් 250 ක්
කහ ස්වල්පයක්
තලා ගත් අබ තේ හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
විනාකිරි මේස හැන්දක්
මේස ලුණු රස අනුව
කැබලි මිරිස් මේස හැඳි දෙක තුනක්.
සාදන අන්දම :
01. මුලින්ම වෙරලු සෝදා ගෙන තම්බන වතුරට කහ ස්වල්පයක් එකතු කර ගෙන තම්බා ගන්න.
02. හොඳින් තැම්බුනාට පසුව පොල් කටු හැන්දකින් වෙරලු ගෙඩි තලන්න. මෙය උණුවෙන්ම සිදු කරන්න. උණුවෙන් වෙරලු ගෙඩි තලා ගැනීම පහසුයි. ඒ වගේම ලුණු මිරිස් ඇතුලට වදින්නත් ඕන නිසා හොඳින් තලා ගැනීම හොඳයි.
03. දැන් විනාකිරි, අබ, මිරිස්, ලුණු, ගම්මිරිස් ආදිය සියල්ල එකතු කරමින් පාප්පයක් වැනි ඝන මිශ්‍රණයක් සාදා ගන්න.
04. තම්බා තලා ගත් වෙරලු භාජනයකට දමා සාදා ගත් මිශ්‍රණය හැම වෙරලු ගෙඩියකම දැවටෙන සේ අතගාන්න.
එන්.ඒ.පි.සි