Leave-In Conditioner එකක් කොණ්ඩයට වැදගත් වෙන්නේ ඇයි?

October 15, 2020
7,358
Why a leave-in conditioner important to our hair?
Leave-in කන්ඩිෂනර් කියන්නේ නෑවට පස්සේ තෙත කොණ්ඩයට යොදන හිසකෙස් ආරක්ෂණ නිෂ්පාදනයක්. සාමාන්‍ය කන්ඩිෂනර් එකක් වගේ නෙමෙයි, Leave-in කන්ඩිෂනර් හිසකෙස් වලට ආලේප කළාම ඔබ ඊළඟ සේදීම කරනකල් ම ඒක ඔබේ හිසකෙස් මත රැඳිලා තියෙනවා.

ඔබේ හිසකෙස් වල නැති වුණ තෙතමනය හා මෘදු බව යථා තත්වයට පත් කිරීමට සහ ඔබේ හිසකෙස් විවිධ කොණ්ඩ මෝස්තර වලට සූදානම් කිරීම සඳහා Leave-in කන්ඩිෂනර් වලින් ලොකු දායකත්වයක් ලබා දෙනවා. සෑම වර්ගයකම හිසකෙස් සඳහා Leave-in කන්ඩිෂනර් ප්‍රතිකාර භාවිතා කිරීමෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන්. වියළි, සිනිඳු හා නිතර රීබොන්ඩ්, පර්ම් කරන කොණ්ඩ සඳහා Leave-in කන්ඩිෂනර් බෙහෙවින් උපකාරී වෙනවා.

මෙම නිෂ්පාදනය දියර, ඝන ක්‍රීම් හෝ ස්ප්‍රේ වගේ විවිධ වර්ග වලින් පැමිණෙනවා. නෑවට පස්සේ තුවායෙන් වේල ගත්ත හිසකෙස් මත එය භාවිතා කරනවාට අමතරව, නැවත හිසකෙස් සෝදන තෙක් හිසකෙස් වල නැති වූ තෙතමනය යථා තත්වයට පත් කරන්න වියළි කෙස් මත භාවිතා කරන්න පුලුවන් සමහර මෘදු Leave-in කන්ඩිෂනර් වර්ග ද තියනවා.

Leave-In කන්ඩිෂනර් භාවිතා කිරීමේ වාසි :

වියළි කෙස් වලට තෙතමනය දෙයි
Leave-In කන්ඩිෂනර් වල ප්‍රධාන අරමුණ වෙන්නේ හිසකෙස් සඳහා හොඳ තෙතමනයක් හා සජලනයක් ලබා දීමයි. සාමාන්‍ය කන්ඩිෂනර් එකකට වඩා තෙතමනය අවශ්‍ය වන බොකුටු, රළු කෙස් වර්ග සඳහා මෙම නිෂ්පාදන විශිෂ්ටයි. Leave-In කන්ඩිෂනර් වල තෙතමනය රඳවා තබා ගත හැකි ගුණ ඇති අතර එය වියළි, කැඩෙන සුළු හිසකෙස් මෘදු සහ තෙතනමය සහිත කරන්න උපකාරී වෙනවා. ඒ වගේම ඒවා මඟින් හිසකෙස් වඩාත් නම්‍යශීලී හා ශක්තිමත් කරනවා. ජලය මත පදනම් වූ Leave-In කන්ඩිෂනර්, තෙල් මත පදනම් වූ නිෂ්පාදනවලට වඩා කෙස් ගස් හරහා විනිවිද යන අතර හිසකෙස් වැඩි කාලයක් පෝෂණය කරනවා.

ගැට ගැසෙන හිසකෙස්
හොඳ Leave-In කන්ඩිෂනර් එකක නොහික්මුණු හිසකෙස් වලට අවශ්‍ය කඩා හැලෙන සහ මෘදු බවක් එක් කරන අමුද්‍රව්‍ය අඩංගු වෙනවා. ඔබේ කොණ්ඩය පහසුවෙන් ගැටගැසෙන එකක් නම්, Leave-In කන්ඩිෂනර් එක් කිරීමෙන් කොණ්ඩය පීරීම සහ විලාසිතා කිරීම පහසු කරයි. හිසකෙස් කැඩී යාම අඩු කිරීමට සහ හිසකෙස් වල දිග රඳවා ගැනීමට Leave-In කන්ඩිෂනර් උපකාරී වෙනවා.

කොණ්ඩ මෝස්තර වලට වඩාත් හොඳ ප්‍රතිචාර දක්වයි
Leave-In කන්ඩිෂනර් මඟින් ඔබේ කොණ්ඩය කළමණාකරනය කරගන්න පුලුවන් හැකියාව වැඩි දියුණු කරනවා. බ්ලෝ ඩ්‍රයර් එකකින් හෝ ෆ්ලැට් අයන් එකකින් කොණ්ඩයට මෝස්තර කිරීම ද පහසු කරනවා. මොකද ඔබ යොදන කොණ්ඩා මෝස්තරයෙන් ලබා දෙන අලංකාරය වැඩි කරන අමුද්‍රව්‍ය ඒකේ අඩංගුයි. මෙම නිෂ්පාදනය රැලි සහිත හිසකෙස් සඳහා හොඳ නම්‍යශීලී බවක් ලබා දෙනවා. ඔබේ කොණ්ඩ දවස ඇතුලත නැවත සකස් කිරීමට අවශ්‍ය නම් නැවත Leave-In කන්ඩිෂනර් යෙදීම ගැටළුවක් නෑ..

හිසකෙස් පාරිසරික හානිවලින් ආරක්ෂා කරයි
අධික ලෙස හිරු එළියට නිරාවරණය වීම සහ ක්ලෝරින් සහිත ජලයෙහි පිහිණීම නිසා හිසකෙස් විජලනයට පත් වෙන්න පුලුවන්. එමඟින් හිසකෙස් වල වර්ණ වෙනස් වීම, හිසකෙස් හැලීම සහ හිසකෙස් කෙළවර බෙදීම් ඇති වෙන්න පුලුවන්. පිහිනන්න කලින් Leave-In කන්ඩිෂනර් හොඳින් හිසකෙස් වලට යොදන්න. ඒ හරහා ක්ලෝරීන් සහ ලුණු වලින් ඔබේ හිසකෙස් වලට හානි වෙන්නේ නෑ.

විශේෂයෙන්ම පරිසරයේ පවතින අධික ශීත සීතල හෝ වියළි උණුසුම් තාපය නිසා හිසකෙස් රළු හා වියලි වෙන්න පුලුවන්. ඔබේ හිසකෙස් සීතල හා වියලි වාතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා Leave-In කන්ඩිෂන‍ර් එකක් හැම වෙලාවේම ළඟ තියාගන්න.

තාපයට එරෙහි බාධකයක් ලෙස ක්‍රියා කරයි
බ්ලෝව ඩ්‍රයි කරන්න හෝ උණුසුම් අයන් භාවිතා කරන්න කලින් ඒවායින් එන තාපයේ හානිකර බලපෑම් වලින් ඔබේ හිසකෙස් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ තාප ආරක්ෂකයක් භාවිතා කරන්න ඕනේ. බොහෝ Leave-In කන්ඩිෂන‍ර් තාපයට එරෙහි බාධකයක් විදිහට ක්‍රියා කරනවා. තාප හානි වලට එරෙහිව අමතර ආරක්ෂාවක් ද සපයයි. ඔබේ කොණ්ඩයේ තෙතමනය රඳවා තබා ගැනීමටත්, මෝස්තර වලින් ඇති වන හානි වළක්වා ගැනීමටත් කොණ්ඩයට මෝස්තර කරන්න කලින් Leave-In කන්ඩිෂනර් යොදන්න. 

වර්ණ ගැන්වූ හිසකෙස් වලට දීප්තිය එක් කරයි
Leave-In කන්ඩිෂනර් ප්‍රතිකාරයක් මගින් හානියට පත් වුණු හිසකෙස් වගේම වර්ණ ගැන්වූ හිසකෙස් ද පුනර්ජීවනය හා සුමට කරනවා. හානිකර හිරු කිරණ වලින් හිසකෙස් අඳුරු හා දුර්වර්ණ වෙන්න පුලුවන්. ඒ වගේම කොණ්ඩයට බලපාන වෙනත් පාරිසරික සාධක වලින් ද හිසකෙස් වලට බලපෑම් ඇති වෙනවා. ඒක නිසා මේ Leave-In කන්ඩිෂනර් ඔබේ හිසකෙස් වලට ආලේප කිරීමෙන් හිසකෙස් වල වර්ණයේ විචිත්‍රතාව වැඩි කර ගන්න පුලුවන්. ඒ අතර ඔබේ හිසකෙස් වලට ඉතා දීප්තිමත් බැබළීමක් ඇති කරනවා. වර්ණ ගැන්වූ හිසකෙස් සඳහාම සකස් කර ඇති විශේෂ Leave-In කන්ඩිෂනර් වර්ග තියනවා. ඒ හරහා ඔබේ කෙස් වල වර්ණය දිගු කාලයක් කොණ්ඩයට සීල් කරලා තියාගන්න පුලුවන්.

frizzy සහ වියළි කෙස් වලට
ඔබට තියෙන්නේ වියළි හා frizzy හිසකෙස් නම්, ඔබේ හිසකේ වලට Leave-In කන්ඩිෂනර් එක් කිරීමෙන් ඔබට අවශ්‍ය ප්‍රයෝජන ලබා ගන්න පුලුවන්. අකීකරු හිසකෙස් සකස් කිරීමට ද මෙම නිෂ්පාදනය උපකාරී වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1874 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 8:50:34 AM
Script:/article/1874/why-a-leave-in-conditioner-important-to-our-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 8:50:34 AM
Script:/article/1874/why-a-leave-in-conditioner-important-to-our-hair.html