දෙපතුල්වල වියලිබව නැති කිරීමට නිවසේදීම කරගත හැකි පහසු ප්‍රතිකාරයක්

January 27, 2017
11,717
How to Remove Dry Skin from Your Feet
කාන්තාවන් බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි විලුඹ ඉරි තැලීයාම. මෙය දෙපාවලට වේදනාවක් මෙන්ම දෙපාවල සුන්දරත්වයටද හානියක් ගෙන දෙන්නක්. විලුඹ ඉරිතැලීමට බලපාන ප්‍රධාන හේතුව තමයි දෙපතුල්වල සම වියලීම. ඒ නිසා දෙපතුල්වලට වියලිබව නැතිකරගැනීම මඟින් මෙම තත්වය අඩු කරගන්න ඔබට පුළුවන්. මේ සඳහා අපි නිවසේදීම කරගත හැකි ප්‍රතිකර්මයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

මුලින්ම ෂැම්පූ මිශ්‍ර මද උණුසුම් වතුර භාජනයකට දෙපා දමා තබාගෙන ඉන්න. විනාඩි 2ක් පමණ දෙපා එසේ තබා බුරුසුවකින් විලුඹ ප්‍රදේශය හොඳින් රවුමට අතුල්ලන්න. මෙමගින් මැරුණු සම ඉවත්වේවි.

දැන් පාද සඳහා යොදන ස්ක්‍රබ් වර්ගයක් (Foot Scrub) විලුඹ ප්‍රදේශයේ හොඳින් ආලේපකර රවුමට අතුල්ලන්න. මෙම ස්ක්‍රබ් ආලේපය විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න.

ඉන්පසු හොඳින් දෙපා පිසදමා විලුඹ ප්‍රදේශයේ වැස්ලින් ස්වල්පයක් ආලේප කරන්න. දැන් දෙපතුල් ආවරණය කිරීමට ඇති ආවරණයකින් හෝ පිරිසිදු රෙදි කැබැල්ලකින් විනාඩි 20ක් පමණ දෙපා ආවරණය කර තබන්න.

ඉන්පසු වැස්ලින් සෝදාහැර විටමින් E අඩංගු ක්‍රීම් වාර්ගයක් දෙපාවල ආලේප කරන්න. මෙම ප්‍රතිකාරය සතියට දින 4ක් පමණ කිරීමෙන් ඔබට විලුඹ පැලීමට ඉක්මණ් සහනයක් නිවසේදීම සලසා ගත හැකි වනු ඇති.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Day to day tips for a outstanding beauty
   16,035
   6,070

කැපීපෙනෙන රූපයකට එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් ටිප්ස් 04ක්

එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් වන සිරුරේ වයස් ගත ස්වභාවය පාලනය කර ගැනීම සඳහා උපකාර වන උපදෙස් ස්වල්පයක් කියන්නයි යන්නේ
How to get the photo look
   18,904
   1,799

ආකර්ෂණීය ෆොටෝ ලුක් එක ගන්නෙ මෙන්න මෙහෙමයි

මේ ටිප්ස් ටික කියෙව්වොත් ඔබ ෆොටෝ එකකට පෝස් කරන්න කලින් සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුළුවන් වෙයි
Romantic looking hair braids
   2,220
   835

රොමැන්ටික් ලුක් එකක් එකතු කරන ගෙත්තම් මෝස්‌තර

මේ මෝස්‌තර ටික උත්සහා කරලා බැලුවොත් දවස පුරාම හිසකෙස් නිසා කරදර විදින්නේ නැතිව ඔයාට ඉන්න පුළුවන්. මේවයින් ඔයා මොන මෝස්තරය තෝරා ගත්තත් ඔයාට සුන්දර පෙනුමක් ලැබෙන බවට විශ්වාසයි
Here are some ways to stop wrinkles
   478
   349

දැන් සමේ රැලි වැටීම් නැති කර ගන්න තියෙන පහසුම ක්‍රම ටිකක් මේ

එදිනෙදා ඔයාගේ හැසිරීම් රටා නිසාත් සම රැළි වැටෙන එක ඉක්මන් කරනවා. එහෙනම් සම රැළි වැටෙන එක නතර කර ගන්න මේ ස්වාභාවික සත්කාර ඔයත් try කරන්න
Eat like this to stop gain weight
   5,534
   342

ස්ථුල බවට තිත තියන්න මේ විදියට කෑම කන්න

මහත වැඩි අයට තමන්ගේ බර අඩු කරගන්න කරන්න ඕන දේවල් කීපයක් ගැන කියන්න හිතුවා

Latest Articles

Most Viwed