ගර්භණී කාලය තුල මවට ලබාදෙන විටමින් වල ඔබ නොසිතන පැතිකඩ

January 19, 2017
11,404
Vitamins and nutrition when pregnant
පුංචි කිරිකැටියෙක් දෝතට එනකල් පුදුම ආසාවකින් තමයි ඕනෑම විවාහපත් යුවලක් කාලය ගත කරන්නේ. ඔවුන්ගේ කිරි සිහිනය සැබෑවන බවට ලක්ෂණ පහල උන ගමන්ම ඔවුන් මුලින්ම කරන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලදරිනියව හමුවෙලා ගර්භණි භාවය පරික්ෂා කර ගැනීම. ඔවුන්ගේ කිරි සිහිනය සැබෑවක් වන බව තහවුරු කරගත් පසු පවුල් සෞඛ්‍ය සේවා නිලදරිනියගේ මගපෙන්වීම මත මව ගර්බණි සායනයකට යොමු වෙනවා. එහිදී මවට අවශ්‍ය කරන විටමින් වර්ග ලබාදීමක් සයනය මගින් සිදු කරනවා. බොහෝ මවු වරුන් මෙම විටමින් වර්ග ඖෂද කියා වැරදි වැටහීමක් ඇති කර ගන්නවා.

මෙහිදී වටහාගත යුතු කරණය වන්නේ සෑම ගර්භනී මවකටම ඖෂද ලබා දීමක් සයන මගින් සිදු කරන්නේ නැහැ මව පරික්ෂා කිරීමෙන් අනතුරුව ඇයට යම් රෝග තත්වයක් ඇත්නම් එය මර්දනය කර මවත් දරු ගැබත් ආරක්ෂා කර ගැනීමට පමණක් ඖෂද ලබාදීමක් සිදු කරනු ලබනවා. කිසිදු විටක නිරෝගී මවකට ඖෂද ලබාදීමක් සයන මගින් සිදු කරන්නේ නැහැ. මවට හා දරුවාගේ වර්ධනයට අවශ්‍ය විටමින් වර්ග මෙම සායන මගින් ලබාදෙන අතර එමගින් මවට හෝ දරුවට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. මෙලෙස ප්‍රධාන ලෙස ගර්භනී මවකට ලබාදෙන විටමින් වර්ග තුනක් තිබෙනවා.

1.ෆෝලික් ඇසිඩ්
2.යකඩ පෙති
3.කැල්සියම් පෙති

මෙම විටමින් වර්ග අතරින් ෆෝලික් ඇසිඩ් සදහා හිමි වන්නේ විශේෂ ස්ථානයක්. මෙය ගර්භනී වීමට පෙර සිටම ලබාගන්නා ලෙස කාන්තාවන්ට උපදෙස් ලැබෙනවා. මෙමගින් දරුවාගේ කොදු ඇට පෙළ ආශ්‍රිතව ඇති විය හැකි මෙනින්ගෝමයිරසි (දරුවාගේ සුසුම්නාව හා ඒ ආශ්‍රිත පටක එලියට පැමිණීම) නමැති ඉතා භයානක තත්වයත්, හිස් කබලේ කොටසක් අඩුව දරුවන් ඉපදීමේ තත්වයත් (මෙවැනි දරුවන් ජිවත් කල නොහැකියි) මර්ධනය කරනු ලබනවා.

යකඩ පෙති ගර්භනී මවකට දෙනු ලබන්නේ යකඩ ඌනතාවය නිසා මවට ඇති විය හැකි නීරක්තිය වලක්වා ගැනීම සදහා එසේම යකඩ පෙති ගර්භනී කාලයේදී මවකට ඇති විය හැකි විවිද සන්කුලතාවයන්ගෙන් මවත් දරුවාත් ආරක්ෂා කරනු ලබනවා.එසේම කැල්සියම් පෙති දරුවාගේ දත් , කාටිලේජ, මාංශපේෂී වර්ධනයට වැදගත් දායකත්වයක් දක්වනු ලබනවා.

එම නිසා ගර්භනී අවදියේදී ලබාදෙන මෙම විටමින් වර්ග වලින් මවට හා දරුවාට ලැබෙන ආරක්ෂාව ඉතා ඉහල මට්ටමක පවති. නියමිත ආකාරයට නියමිත වෙලාවට මෙම විටමින් වර්ග ලබා ගැනීම ගර්භනී කාලයේ මවකට ඉතා වැදගත් වුවක් බවට පත් වන බව මතකයේ තබා ගැනීම වැදගත් .

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

The fastest way to relieve bloating
   6,865
   56

බඩ පිපීම නිසා ඔබත් නිතර නිතර පීඩාවට පත්වනවාද? එසේනම් මෙන්න පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම

ඉක්මන් ක්‍රම නැතිව බඩ පිපුම පාලනය කරන්න මේ ක්‍රම ටික කරලා බලන්න..
10 symptoms shows you are pregnant
   54,170
   34

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   47,061
   18

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
These signs may be saying that you have cholesterol
   41,170
   17

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය
Are you aware of dry cracked feet?
   18,102
   15

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed