ඔෆිස් යන ඔයාට ලස්සනට අඳින්න පුළුවන් ඇඳුම් විලාසිතා

August 8, 2018
21,512
Kind of cloths a office girl can wear
ලස්සන ඇඳුමකින් හැඩ වෙලා වැඩට යන්න කොයි කවුරුත් එක වගේ කැමතියිනේ. ඔයා හැමදාම ඔෆිස් යන කෙනෙක් නම් එකම ඇඳුම කවදාවත් අඳින්න කැමති නැහැනේ. එකම ඇඳුම ඇඳලා ඔයා ඔෆිස් ගියොත් ඔයාට වගේම ඔයාව දකින අනිත් අයටත් ඔයාව ඒකාකාරී විදිහට පෙනෙන්න පුළුවන්. ඔයා රාජ්‍ය ආයතනයක වැඩ කරන කෙනෙක් නම් ඔයාට ගොඩක් දුරට අඳින්න වෙන්නේ සාරිය හෝ ඔසරිය. ඔයා සාරිය එහෙමත් නැත්තම් ඔසරිය අඳින කෙනෙක් නම් ඔයාට සාරි ජැකට් එක විවිධාකාරයෙන් නිර්මාණය කරලා අඳින්න පුළුවන්. ඒත් ඔයා පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන කෙනෙක් නම් සාරිය අඳින්න අත්‍යාවශ්‍යම වෙන්නේ නෑ. ඔයා පෞද්ගලික ආයතනයක සේවය කරන කෙනෙක් නම් ඔයාට ගැළපෙන ඇඳුම් විලාසිතා අඳින්න පුළුවන් ඇඳුම් මොනවද කියලා මේ ලිපිය පොඩ්ඩක් කියවලම බලන්න.

Ankle glazer pencil cut trouser





ලා, තද වර්ණවලින් යුක්ත Ankle glazer pencil cut trouser වර්ගයේ ඇඳුම් ඔෆිස් යනකොට ඔයාට අඳින්න පුළුවන්. කලිසමේ වර්ණයට ගැළපෙන විදිහට උඩ බ්ලවුසයේ වර්ණයේ ඔයා විසින් ගලපාගත යුතුයි. ඔයා මෙවැනි අඳුමක් ඔෆිස් අඳින්න තෝරා ගන්නවා නම් Collar less top එකක් ඇඳීම වඩාත් සුදුසුයි. එතකොට ඔයාට පුළුවන් ඇඳුමේ වර්ණයට ගැළපෙන විදිහට necklace එකක් භාවිත කරන්න. ඇඳුමේ වර්ණයට ගැළපෙන විදිහට ඔයාගේ බෑග් එක සහ පාවහන් තෝරා ගැනීමෙන් අනෙක් අය අතරේ ඔයාව කැපී පෙනෙන විදිහට ඔෆිස් යන්න පුළුවන්.

Pencil cut Trouser and Blouse





ඔයාට ඔෆිස් අඳින්න පුළුවන් තවත් විදිහක් තමයි pencil cut trouser එකකට බ්ලවුස් එකක් භාවිත කරන්න පුළුවන්. සිරුර කෙට්ටු අයට වගේම සිරුර තරමක් මහත යුවතියන්ටත් මේ විලාසිතාව හොඳට ගැළපෙනවා. collar සහිත වගේම collar රහිත බ්ලවුස් වර්ග මේ විලාසිතාව සඳහා ඔයාට අඳින්න පුළුවන්.

Pencil cut Skirt and Shirt Blouse





ඔයා ඔෆිස් එකට skirt එකක් අඳිනවා නම් pencil cut වර්ගයේ skirt එකක් අඳින එක වඩාත් ලස්සනයි වගේම පිළිවෙළයි. ඔයාගේ සමේ වර්ණය අනුව තෝරාගත් ස්කර්ට් එකකට ගැළපෙන බ්ලවුසයක් තෝරා ගන්න අමතක කරන්න එපා. collar සහිත වගේම collar රහිත බ්ලවුසයක් මේ සඳහා තෝරාගත හැකියි. ස්කර්ට් එකට බ්ලවුස් එකක් යටකර ඇඳීමෙන් ඔයාගේ පෙනුම තවත් වැඩි වෙලා පේන්න පටන් ගන්නවා.

Pencil cut Frocks





ඔයාට ලස්සනට ඇඳුමක් ඔෆිස් එකට අඳින්න ඕන නම් ඔයාට පුළුවන් pencil cut වර්ගයේ ගවුමක් අඳින්න. ඔයාගේ සිරුරේ ෂේප් එක මනාව පේන විදිහට ඔයාගේ සමේ වර්ණයට ගැළපෙන විදිහේ ගවුමක් තෝරා ගැනීම ඉතා වැදගත්.

Normal Skirt and Blouse





ගොඩක් දෙනෙක් ඔෆිස් අඳින ඇඳුමක් තමයි skirt and bliuse එක. ඔයාගේ උස අනුව ඔයාට skirt එකේ ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. ඔයා තරමක් මිටි කෙනෙක් නම් quater ප්‍රමාණයේ skirt එකක් ඔයා ඇන්දොත් ඔයාව තවත් මිටි වෙලා පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඔයාගේ උසට සරිලන විදිහට තරමක් දිගින් අඩු skirt එකක් ඇඳීම වඩාත් සුදුසුයි. ඔයා තරමක් උස කෙනෙක් නම් ඔයාට quater ප්‍රමාණයේ skirt එකක් හොඳට ගැළපෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get vitamin E for healthy skin and hair
   71,010
   26

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   70,592
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Foods to you should never give your kids
   75,014
   25

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,500
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed