2018 වසරේ hit වුණු විලාසිතා (02 කොටස)

September 6, 2018
17,595
Fashion Hits 2018 (Part 2)
2018 වර්ෂය කියන්නේ ජනප්‍රි‍රය විලාසිතාවන් රැසක් කරලියට පැමිණි වර්ෂයක්. මීට පෙර ලිපියකින් Hadakari ඔයා එක්ක 2018 වසරේ ජනප්‍රිය වුණු ඇඳුම් විලාසිතාවන් කිහිපයක් ගැන කතා බහ කලා මතක ඇතිනේ. ඔන්න අදත් අපි ඔයා ඒක්ක ලෝකයේම කාන්තාවන් අතර ජනප්‍රි‍රය වුණු, කතාබහට ලක්වුණු ඇඳුම් විලාසිතා කිහිපයක් ගැන කතා කරන්න තීරණය කළා. 2018 වසරේ ජනප්‍රිය වුණු ඇඳුම් මොනවාද කියලා දැනගන්න ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ.

Animal Print (සතුන්ගේ සමේ හැඩ මුද්‍රිත)









2018 වර්ෂයේ ජනිප්‍රිය වු ඇඳුම් විලාසිතාවන් අතරට සත්ත්වයන්ගේ සමේ ස්වභාවය අනුකරණය කරලා ඇඳුම් නිර්මාණය කරන්න පටන්ගෙන තියෙනවා. විශේෂයෙන්ම බළල් කුලයට අයත් කොටියා, දිවියා වැනි සත්ත්ව විශේෂයගේ හමේ ස්වභාවයට ඇඳුම් වර්ග නිර්මාණය කරලා තියෙනවා. හෑන්ඩ් බෑග්, ජීන්ස්, බලවුස්, සෙරෙප්පු වැනි බොහෝ ඇඳුම් ආයිත්තම් වලට පුල්ලි සහිත විවිධ වර්ණයෙන් යුතු රෙදි තමයි භාවිත කරලා තියෙන්නේ.
සීබ්‍රාගේ සමත් ඉතාමත් ආකාර්ෂණීයයිනේ. ඔන්න ඉතිං 2018 වර්ෂයේ බොහෝ ඇඳුම් පැළදුම්වලට සීබ්‍රාගේ සමේ ස්වරූපයට රෙදි වර්ග භාවිත කරලා තියෙනවා. ජැකට්, බ්ලවුස් වගේම ටොප් වර්ග වලට සීබ්‍රාගේ සමේ ස්වරූපය විවිධ වර්ණ මුසු කරලා තමයි මේ අඳුම් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි උරගාන කුලයට අයත් සර්ප විශේෂයන්ගේ සමේ ස්වරූපයටත් රෙදි භාවිත කීරීම 2018 වසරේ සුව්ශේෂි ලක්ෂණයක්. මෙවැනි ඇඳුම් 2018 වසරේ කොතරම් ජනප්‍රි‍යද කියලා කිවොත් fashion show වල නිරූපන ශිල්පිනියන් භාවිතා කළ ඇඳුම් වර්ග අතරේ මේ ඇඳුම් ඉතාමත් ජනිප්‍රිය වෙලා තියෙනවා.

Floral Print (මල් මුද්‍රිත)









2018 වර්ෂයේ කරලියට පැමිණි ඇඳුම් ආයිත්තම්වල විශේෂත්වය වෙන්නේ 1960, 1970 වර්ෂවල ජීවත් වු අය අතරේ ජනප්‍රි‍රය වූ ඇඳුම් වර්ග යළි භාවිතයට ඇවිත් තියෙනවා විවිධ ප්‍රවණතාවන්ගෙන් එකතු වෙලා. මල් මුද්‍රිත ඇඳුම් කියන්නේත් ඒ වගේ ඇඳුම් විලාසිතාවක්. මෙම ඇඳුම්වල විශේෂත්වය වෙන්නේ මුළු ඇඳුමම ඒකාකාරී වූ ස්වරූපයක් දක්නට ලැබෙනවා. ඇඳුම පුරාම විවිධ වර්ණයෙන් යුතුව ල් ප්‍රින්ට් එකක් තමයි භාවිත කරලා තියෙන්නේ. ජින්ස්, බ්ලවුස්, ගවුම්, ටොප් වර්ග විතරක් නෙමෙයි සාරී වර්ගද 2018 වර්ෂයේදී ඉතාමත් ජනප්‍රි‍රය ඇඳුම් අතරට එකතු වීම විශේෂයි.

Off-Shoulder Clothing (ඕෆ් ශෝල්ඩෙර්)









මේ ඇඳුම් විලාසිතාව නම් අපේ රටේ යුවතියන් අතරේ වඩාත්ම ජනප්‍රිය වුණු විලාසිතාවක්. ගොඩක් දුරට මෙවැනි ඇඳුමකින් ඔයාගේ උරහිස්වලින් ආවරණය වෙන්නේ ඉතාමත් අඩුවෙන්. Off-Shoulder ඇඳුමකින් ඔයාගේ සිරුරේ හැඩය මනාව ඉස්මතු කරලා පෙන්වන්නත් පුළුවන්. Off-Shoulder බ්ලවුස් වර්ග වගේම ගවුම් වර්ගත් 2018 වසරේ වඩාත් ජනප්‍රිය ඇඳුම් අතරට දැනටමත් එකතු වෙලා ඉවරයි. ඔයාට ඕනැම වර්ගයේ ජින්ස් එකක් හෝ ස්කර්ට් එකකට මෙවැනි වර්ගයේ බ්ලවුස් එකක් අදින්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට පාටියකට යන්න ඕන නම් මෙවැනි වර්ගයේ ගවුමක් එකක් හොඳට ගැළපෙනවා. ඔයා ළඟ මෙවැනි වර්ගයේ ඇඳුම් දැනටමත් ඇති. එහෙම නැතිනම් ඉතිං 2018 වසරේ තවත් මාස කිහිපයක් ඉතිරිවෙලා තියෙනවානේ. ඉතිං තවමත් කල් තියෙනවා ඔයාට Off-Shoulder වර්ගයේ ඇඳුමක්මිලදි අරගෙන ලස්සනට අඳින්න.

Lavender Colour Clothing (ලැවෙන්ඩර් පාට ඇඳුම්)









ලැවෙන්ඩර් කියන්නේ ඉතාමත් ආකාර්ෂණීය වගේම සුවඳවත් මලක් කියලා ඔයා දන්නවානේ. මෙහි පැහැය ලා දම් පාටින් තමයි දක්නට ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි 2018 වර්ෂයේ ජනප්‍රි‍රයතම වර්ණය එහෙමත් නැතිනම් වසරේ වර්ණය වෙන්නේත් ලැවෙන්ඩර් මලේ වර්ණය. ඉතාමත් සාමකාමී වගේම ආදරණීය වර්ණයක් වන මේ වර්ණය කුඩා දරුවන්ගේ ඇඳුම් වලට බහුලව භාවිත කරලා තියෙනවා. 2018 වසරේ ජනප්‍රිය ඇඳුම් බොහෝමයක වර්ණය වුණේ මෙකී වර්ණය. විශේෂයෙන්ම Bridal Gown, Party Dress වලට මේ වර්ණය 2018 දී භාවිතා කරනවා. ගැහැණු පිරිමි භේදයක් නැතුව ලොකු කුඩා කා අතරත් මේ වර්ණයේ ඇඳුම් භාවිතා කරනවා. ලැවෙන්ඩර් ලේස් වර්ග භාවිත කරනවා විවිධ ඇඳුම්වල විසිතුරු බව හා නිර්මාණශීලි බව වැඩි කර ගන්න. ඉතිං තවමත් ඔයාට කාලය තියෙනවා 2018 වසරේ ජනප්‍රියතම වර්ණයෙන් ඇඳුමක් අදින්න.

Art infused Prints (චිත්‍ර ප්‍රින්ට් යෙදූ)









2018 වසරේ ජනප්‍රිය වුණු ඇඳුම්වලට සජීවි බවක් එකතු කර ගැනීමට විවිධාකාරයේ චිත්‍ර යෙදූ ප්‍රින්ට් භාවිත කරලා තියෙනවා. ඒකාකාරී බවෙන් ටිකක් මිදිලා විවිධකාරීත්වයක් එකතු කර ගැනීමට මේ හැඩ තල උපකාරී වීම විශේෂත්වයක්. ජින්ස්, ටී ෂර්ට්, ගවුම් , ස්කර්ට් සහ බ්ලවුස් වලට මේ ප්‍රින්ට් එක භාවිත කරලා තියෙනවා. මිනිස් රූප, කාටුන් චරිත, ජනප්‍රි‍රය චරිතවල මුහුණු සහ මල්වර්ග තමයි මේ ඇඳුම්වල නිර්මාණය කරන්න භාවිත කරලා තියෙන රෙදි වල ප්‍රි‍න්ට් එක විදිහට යොදා ගන්නේ. ඒ නිසා සජීවීත්වය මනාව පිළිඹිබු කරනවා. කාන්තාවන්ගේ පමණක් නෙමෙයි පිරිමි පාර්ශ්වය අදින ෂර්ට් හා ටී ෂර්ට් වලටත් මේ චිත්‍ර ප්‍රින්ට් භාවිත කරලා තියෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   6,385
   23

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Changes in your body if you consume cod-liver oil daily
   91,991
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Symptoms to say you are pregnant
   43,585
   18

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Dress patterns for flower prints
   61,521
   17

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Kaju Dosi Recipe
   138,495
   16

කජු දෝසි - Recipe

Video

Latest Articles

Most Viwed