ඔයාගේ ජීවිතයේ අහිමි වු සතුට යළි ලබා ගන්නේ මෙන්න මෙහෙමයි

November 21, 2018
5,372
How to get back your happiness
මිනිසුන්ට ජීවත් වෙන්න ඕන කරන්නේ මොනවද කියලා හැඩකාරී අපි ඔයාගෙන් ඇහුවොත් ඔයා ළඟ නොයෙකුත් නම් පිළිතුරු තියේවී. මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල්, වාසස්ථාන ආදී නොයෙක් පිළිතුරු ඔයා ළඟ අඩු වැඩියෙන් තියෙන්න පුළුවන්. ඉතිං මේ සෑම දෙයක්ම ඔයාට ජීවත් වෙන්න අත්‍යාවශ්‍යයි කියලා ඔයාට අනන්තවත් හිතිලා ඇති. අද හැඩකාරී ඔයාට මේ කියන්න යන්නෙත් ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය දෙයක් ගැන. සමහරවිට අපි මේ කියන දේ ඔයා ළඟ ඇති තරම් තියෙන්නත් නැති වෙන්නත් පුළුවන්. සතුට කියන්නේ ඔයාට ජීවත් වෙන්න ඕන කරන ආහාරයක් හා සමානයි. මොකද සතුට අහිමි වුණු තැන තමයි ගොඩක් දෙනෙක් ජීවිතය අත්හරිනේ සහ ජීවිතයෙන් පැනලා යන්නේ. ඒත් ඔයා අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියෙව්වට පස්සේ තවත් නම් ජීවිතය අත්හරින එක්ක නෑ. දුක, සතුට, කඳුල යන මේ සියල්ලම තියෙන්නේ ඔයා ළඟ. ඔයාට පුළුවන් මේ හැමදේම අඩු වැඩි වශයෙන් ජීවිතයට ළඟා කර ගන්න. සතුට ඔයාගේ ජීවිතයට ළඟා කර ගත්තොත් ගත වෙන හැම තප්පරයකදීම ඔයාට ජීවත් වෙන්න ආස හිතෙයි. එහෙම නොවුණොත් ඔයාට සිද්ධ වෙන්නේ ගෙවෙන හැම තප්පරයකම දුකින් කාලය ගත කරන්න. ඉතිං ඔයාම තීරණය කරන්න සතුට තමන්ගේ ජීවිතයට ළඟා කරගෙන ජීවත් වෙනවද? එහෙමත් නැතිනම් දුකින් කාලය එක්ක ඔට්ටු වෙනවද කියලා.

හුදෙකලා වෙන්න එපා

ජීවිතයේ ප්‍රශ්ණ, බාධක, කම්කටොලු නැත්තේ කාටද. බහුතරයක් ජීවත් වෙන්නේ ප්‍රශ්ණ හා නොයෙක් ගැටලු මධ්‍යයේ තමයි. එහෙම කියලා ඔයාට මේවායින් පැනලා යන්න නම් හැකියාවක් ලැඛෙන්නේ නැහැ. ඔයාගේ හිතට මොනයම් හෝ කරදරයක් ආවම හුදෙකලා වෙන්න එපා. තමන්ගේ හිතවතුන්, නැදැයින් එක්ක කතාබහ කරන්න. විසඳුමක් කොහේ හරි තියෙනවා. හුදෙකලා වුණොත් ඔයාට ඒ විසඳුම හොයන්න වෙන්නේ තනියම. එතකොට විසඳුම ඔයාට ඉක්මනින් නොපෙනන්නත් පුළුවන්. කාලය ඔයා වෙනුවෙන් නවතින්නේ නැහැනේ. ඉතිං එයින් වෙන්නේ ඔයා තවත් දුකට පත් වෙන එක. තියෙන ගැටලුව ඉක්මනින් විසඳා ගත්තොත් ඔයාට අහිමි වුණු සතුට ඉක්මනින් ළඟාකර ගත හැකියි. ඒ විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් හුදෙකලා ජිවිත ගත කරන්න කැමතියි. ඒත් එයින් ඔයාට යම් ආශ්වාදයක් ලැබුණත් ඇත්තටම ඔයාට පරිපූර්ණ සතුටක හිමිකරුවෙක් වෙන්න එයින් හැකියාවක් නැහැ. අන්න ඒ නිසා හුදෙකලා බවෙන් අත් මිදෙන්න කියලයි හැඩකාරී අපි ඔයාට කියන්නේ. එතකොට හිතුවාටත් වඩා ඉක්මනට සතුට ඔයාව හොයාගෙන ඒවී.

අන්තර්ජාලයට ඇබ්බැහි වෙන්න එපා

අද සමාජය තුළ ගොඩක් දෙනෙක්ට සතුට අහිමි වෙලා තියෙන්නේ අන්තර්ජාලය නිසා. මොකද අද හැමෝම සයිබර් අවකාශයේ ඕනවටත් වැඩියෙන් අතරමං වෙලා. හැඩකාරී අපි ඔයාට මේ කියන්නේ අන්තර්ජාලය නරකයි කියලා නම් නෙමෙයි. ගොඩක් අය සතුට ළඟා කර ගන්න ගිහින් තිබුණු සතුටත් නැති කර ගන්නවා මේ කියන කරුණ නිසා. ඔයාට පුංචි උදාහරණයකින් මේ කරුණ පැහැදිලි කරන්නම්කෝ. අද ගෙදරක සමාජිකයින් 05 ක් ඉන්නවා නම් මෙයින් 03 ට වත් අඩුම තරමේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඉතිං මේ ස්මාර්ට් ෆෝන් එක ඇතුළේ තමයි ගොඩක් දෙනෙක්ගේ සතුට තියෙන්නේ. කෑම ටිකක් ගන්න කෑම මේසයේ ඉඳ ගත්තත් ස්මාර්ට් ෆෝන් එක අතේ. පවුල ඇතුලේම එකිනෙකාගේ ජීවිත හුදකලා වෙලා. එකිනෙකාගේ ජීවිතයේ කුමක් සිදුවෙන්වාදැයි එකිනෙකා නොදනියි. එකිනෙකා අතර ආදරය, සහයෝගය, දයාව නැති වෙලා ගිහින්. ඒ තරම් අපි තාක්ෂණයට ඇබ්බැහි වෙලා. ඕනම දෙයක් ඕනවට වැඩියෙන් ඕනෙම නෑ කියලා ඔයා අහලා ඇතිනේ. ඉතිං ඔයා තාක්ෂණය භාවිත කරන්න, ඔයාගේ යහපත වෙනුවෙන්. එහෙමයි කියලා තාක්ෂණය වගේම අන්තර්ජාලය නිසා ජීවත් වෙන්න ඕන කරන සතුට නම් අහිමි කර ගන්න එපා.

පවුලේ හිතවතුන්ට හැකිතාක් සමීප වෙන්න

ඔයාට මට වගේම අපි හැමෝටම ජීවිතයට සතුට ලබා ගන්න පුළුවන් පහසුම තැන තමයි පවුල කියන්නේ. ඔයා පවුලට සමීප වෙලා ඉන්න තරමට ඔයාට සතුටින් ඉන්න පුළුවන්. අද තියෙන තරඟකාරී සමාජ වටපිටාව එකක් ගණදෙනු කරන අතරේ ඔයාට ඔයාගේ පවුලේ සමීපතමයන් එක්ක කාලය ගත කරන්න වේලාවක් නැති වෙන්නත් පුළුවන්. ඒත් ඔයාට හැඩකාරී අපි නම් කියන්නේ පුළුවන් හැම වේලාවෙම පවුලේ අය එක්ක සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගන්න කියලා. මොකද පවුල ඇතුළේ තියෙන ආදරය, සෙනෙහස, සහෝදරත්වය නිසා ඔයාට සතුටින් කාලය ගත කරන්න පුළුවන්. එය ඔබ අපි සිතින් සිතනවාට වඩා ප්‍රායෝගිකව අත් විඳින අය අතර තහවුරු වූ කරුණක්.

භාවනා කරන්න

සිත හරිම චංචලයි කියලා ඔයා දන්නවානේ. ඉතින් හිතට නොයෙකුත් බාධක, අභියෝග හිරිහැර එන්න පුළුවන්. හිත ලෙඩ වුණාම තමයි බොහොම ඉක්මනින් ඔයාගේ ගත ලෙඩ වෙන්නේ. අන්න ඒ නිසා ඔයාගේ හිතේ සුවපත්බව හරිම වැදගත්. හිත ලෙඩ වුණාම තමයි ඔයාගේ සතුට ඔයාටත් නොදැනිම නැති වෙලා යන්නේ. ඉතිං ඔයාගේ සතුට නැවත ළඟා කර ගන්න හරිම පහසු අභ්‍යාසයක් තමයි භාවනාව කියන්නේ. චංචල සිත එක් තැන කරගෙන මානසික සුවයක් ලබා ගන්න පුළුවන් භාවනා කිරීම මගින්. ඔයාට පුළුවන් නම් උදෑසන අවදි වුණාට පස්සේ විනාඩි 15 ක් විතර භාවනා කරන පුරුද්ද ඇති කර ගන්න, එවිට ඔයාටත් නොදැනීම අහිමි වුණු සතුට ලබා ගන්න හැකි වේවී.

සුවදායක නින්දක් ලබා ගන්න

නින්ද කියන්නෙත් ඔයාගේ ජීවිතයට අවශ්‍ය ආහාරයක් හා සමානයි. සෑම කෙනෙකුගේම නිරෝගී පැවැත්මට නින්ද අත්‍යාවශ්‍යයි. ඒත් ගොඩක් දෙනෙක්ට කාර්යබහුල ජීවිතය එක්ක සුවදායක නින්දක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. එවිට මානසික වශයෙන් වගේම ශාරීරික වශයෙන්ද ඔයාව අපහසුතාවට පත් විය හැකියි. අන්න ඒ නිසා කුමන වැඩරාජකාරී තිබුණත් ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get vitamin E for healthy skin and hair
   71,013
   26

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   70,594
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,503
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,017
   25

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed