යෝගට් කන්න කලින් මේ දේවල් ගැනත් දැනගෙන කන්න

October 11, 2019
5,881
Know these before you eat yoghurt
යෝගට් කියන්නේ ඉතාම හොඳ බැක්ටීරියා ප්‍රභවයක් වන අතර එය අපේ ශරීරයේ ආහාර දිරවීමට උපකාරී වෙනවා. එය ඔබේ දරුවන්ගේ දත් සහ අස්ථි වලටත් හොඳයි. නමුත් බොහෝ ආහාර මෙන්ම යෝගට් පරිභෝජනය කිරීමේදීත් ආහාරයට ගැනීමට
කලින් ඔබ විසින් අනුගමනය කළ යුතු නීති කිහිපයක් තිබෙනවා. සමහරවිට රාත්‍රියේ කිරි ආහාර වර්ග කෑමට ගැනීමෙන් වැළකී සිටීමට හොඳයි කියලා ඔබ බොහෝ වාරයක් අසා ඇති. ඇත්තටම ඒ දේ ගැන දැනගත යුතු වැදගත් නීති කිහිපයක් මෙන්න.

1. රාත්‍රියේදී යෝගට් ආහාරයට එක් කිරීමෙන් වැළකී ඉන්න. විශේෂයෙන් ඔබ කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව තිබෙනවා නම් ආයුර්වේදයට අනුව රාත්‍රියේ කිරි පරිභෝජනය සුදුසුම නෑ. මොකද ඒකෙන් ඔබේ ශරීරය ඇතුලේ සෙම වර්ධනය වෙන්න පුලුවන්. නමුත් ඔබට යෝගට් වෙනුවට බටර් සමඟ රාත්‍රී ආහාරය අරගන්න ඔබට පුලුවන්.

2. ඔබ දිවා කාලයේදී යෝගට් ආහාරයට ගන්නවා නම් සීනි නොමැතිව එය අර ගන්න. නමුත් ඔබ රාත්‍රියේ දී යෝගට් ආහාරයට ගන්න අවශ්‍යම නම් ඒකට සීනි හෝ කළු ගම්මිරිස් ටිකක් එකතු කරන්න. එය ආහාරය දිරවීමට සහ ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය සුවපත් කරන්න උපකාරී වෙනවා.

3. කවදාවත් උණුසුම් වුණ යෝගට් අනුභව කරන්න එපා.

* රාත්‍රියේදී ඔබේ ආහාර වේලට යෝගට් ඇතුළත් කරගන්න පුලුවන් ක්‍රම කිහිපයක් දැන ගන්න:

1. Dahi Rice: තම්බා ගත් බත් සමග යෝගට් ස්වල්පයක් මිශ්‍ර කරන්න. එයට ලුණු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක් කරන්න. හොඳ රසයක් ලබා ගැනීම සඳහා ඔබට කරපිංචා කොළ සහ රතු මිරිස් ස්වල්පයක් එක් කළ හැකියි.

2. Curd sugar: ඔබ පැණිරස ආහාර වලට කැමති නම් ඔබ මෙම මිශ්‍රණයට කැමති වෙයි. යෝගට් වලට සීනි ටිකක් එකතු කර ආහාරයට ගන්න. රාත්‍රී ආහාරයෙන් පසු එය පානය කිරීමෙන් ඔබේ බඩ සුවපත් වන අතර බඩේ සියලුම අම්ල උදාසීන වෙනවා.

3. Buttermilk: බටර්මිල්ක් කියන්නේ රාත්‍රී ආහාරයෙන් පසුව ඔබට ගන්න පුලුවන් තවත් සෞඛ්‍ය සම්පන්න පානයක්. මෙය ඔබේ බඩ සිසිල් කරනවා පමණක් නොවෙයි මහා බඩවැලේ ඇති බැක්ටීරියා ප්‍රතිස්ථාපනය කරමින් තවත් සෞඛ්‍යමය වාසි රැසක් ලබා දෙනවා.

4. Lassi: ලස්සි කියන්නේ ක්‍රීම් සහ සීනි වලින් පිරුණු බටර් වලින් හදපු මිහිරි ආහාරයක්

5. Kadhi: කදි කියන්නේ ග්‍රෑම් පිටි, ලුණු සහ බටර් මිශ්‍රණයකින් සකස් කරන ලද සාම්ප්‍රදායික ආහාර වට්ටෝරුවක්. තවද මෙම මිශ්‍රණය මිරිස් කරපිංචා සහ කලුදුරු බීජ සමග බැද තිබෙනවා . මෙම ව්‍යංජන සාමාන්‍යයෙන් ඉන්දියානුවන් බත් හෝ චපාති සමඟ අනුභව කරනවා.

6. Fruit Salad: පලතුරු, කෙසෙල්, ඇපල්, දෙළුම් ආදිය කොටස් වලට කපා යෝගට් එකකට මිශ්‍ර කර සෞඛ්‍ය සම්පන්න අතුරුපසක් භුක්ති විඳින්න ඔබට පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get vitamin E for healthy skin and hair
   71,011
   26

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   70,592
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Foods to you should never give your kids
   75,014
   25

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,501
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed