නිදි යහනේ සෞඛ්‍ය

June 2, 2020
37,877
Healthy life in bed
නිදි යහනේ සෞඛ්‍ය යහපත් පරිදි පවත්වා ගැනීමට අවශ්‍ය කරුණු තුනක් තිබෙනවා.

- සමතුලිත ආහාර වේලක්
- ක්‍රියාශීලී ජීවන රටාවක් සහ
- යහපත් මානසික සෞඛ්‍යය

ඉහත කරුණු තුන අතරින් ඔබේ ලිංගිත ජීවිතයේ සෞඛ්‍ය පවත්වා ගැනීමට නම් ගත යුතු ආහාර මොනවාදැයි දැනගන්නත් කැමැති ඇති නේද...?

මුහුදු ආහාර රති ප්‍රබෝධල ශක්තියෙන් ඉහලයි. ආදරයේ දෙවඟන වන 'Aphrodite' ග්‍රීක් දිව්‍යාංගනාව මහසයුරේ සුදු පෙණපිඩු අතරින් උපන් බව පැවසෙන පුරාවෘත්තය සමග මේ අදහස සමාජගත වුණා. මිනිස් ඉතිහාසයේ වඩාත් සුප්‍රකට ප්‍රේමවන්තයන් අතර මුල්තැන ගන්නා පුද්ගලයා, ඉතාලි ජාතික 'ගියාකොමෝ කැසනොවා කැසනොවා, සිය උදෑසන ආහාරය සඳහා බෙල්ලන් පනහක් අනුභව කරන ලදැයි කියැවේ.

මොලුස්කා (Molluscs) ගණයට අයත් එම අනර්ඝ මුහුදු ආහාරවල පුරුෂ හෝර්මෝන නිෂ්පාදනයට අවශ්‍ය 'Zinc' ඛනිජ ලවණය අන්තර්ගතයි. 'Zinc' ඛනිජ ලවණය, පුරුෂ මඳසරුභාවයට පිළියමක් මෙන්ම ගුණාත්මක ශුක්‍රාණු වර්ධනයට උපකාරී වෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා. මුහුදු බෙල්ලන් වර්ග, රතු මස්, වට්ටක්කා ඇට සහ තල මෙන්ම ආසියානු රටවලට ආවේනික 'හෙම්ප්' (Hemp) නමැති පැළෑටියේ ශාරීරික උත්තේජකාරී බීජ, කජු සහ ආර්මන්ඩ් වැනි විවිධ ඇට වර්ගත්, එසේම කඩල, කිඩ්නි බීන්ස් (Kidney beans) එළකිරි සහ චීස් සිරුරට 'Zinc' සපයන ප්‍රමුඛ ආහාර වර්ග අතරට ගැනෙනවා.

චොකලට්- Dark chocolate
16 වැනි සියවසේ දී යුද බලය යොදා ගනිමින් රටවල් අල්ලා ගත් ස්පාඤ්ඤ ජාතිකයකු වන හෙර්නන් කෝර්ටිස් (Hernán Cortés) පෞරාණික 'මායා' සහ 'ඇස්ටෙක්' අධිරාජ්‍යයන් දෙසට අවධානය යොමු කරමින්, 'කැස්ටයිල්' රාජධානිය යටතේ අද මෙක්සිකෝව නමින් හැඳින්වෙන භූමියෙන් වැඩි කොටසක් යටත් කර ගත්තා. චොක්ලට් කෑම ආලය කෙරෙහි ආකර්ෂණය වීමට බලපාන අධි උත්තේජනයක් ජනිත කරන බව විද්‍යාඥයන්ගේ අදහසයි.
හෙර්නන් කෝර්ටිස් චොක්ලට් සොයා පැමිණි පළමු යුරෝපීය ජාතිකයා. ඔහු සිය අධිරාජ්‍යයා වෙත මේ වගේ සටහනක් තබා තිබුණා. මායාවරුන් රණබිමේ දී ඇති වෙන වෙහෙස නිවා ගැනීමට සහ සටණේ දී දරා ගැනීමේ ශක්තිය නංවාලීමට චොක්ලට් දියර පානය කරන බව තමා නිරීක්ෂණය කළ බැව් එහි දන්වා තිබුනා.

ඊට අමතරව...
• සැමන්
• බිත්තර
• කුරුළු මසින් සැකසූ ආහාර
• නිවිති
• බීජ හා ඇටවර්ග
• සෝයා නිෂ්පාදන

මිරිස්
සැර මිරිස්වල 'Capsaicin' රසායනය ඇතුළත්. මිරිස් කෑම මගින් පරිවෘත්තීය ක්‍රියාදාමය(metabolism) සහ හෘද ස්පන්දනය කඩිනම් කරයි. මිරිස් ශරීරගත වීමත් සමග 'Capsaicin' රසායනයේ බලපෑමෙන් සිතේ සතුට සහ "විසේ ඇති කරන" තවත් වාජීකාරක හෝමෝනයක් සිරුරට මුදා හැරෙන බව පරීක්ෂණ මගින් පෙන්නුම් කරනවා.

ඒ වගේම ලිංගික සංසර්ගයේ දී ඇතිවෙන ශාරීරික පරිවෘත්තීය ක්‍රියාදාමයේ (metabolism) වේගවත් වීම, සිරුරේ උණුසුම ඉහළ යාම සහ හෘද ස්පන්දනය වේගවත්වීම වැනි තත්ත්වයන් මිරිස් කෑමෙන් පසුවත් සිදුවිය තවත් වාසි යි.

මත්පැන් බිව්වොත් මොකද වෙන්නේ..
මධ්‍යසාර මගින් ආශාවන් කුල්මත් කරන නමුත් ඒ සමගම ස්වාභාවික සහ සංසුන් හැසිරීම හීන කරනවා. අධික මධ්‍යසාර පානය ගැහැණු-පිරිමි දෙපාර්ශවයේම සංවේදීභාවයන් දුබල කරනවා. ලිංගික ක්‍රියාකාරකම් දුබල කරන අතර ලිංගික බෙලහීනතාවයටද හේතු වෙනවා. ඒ විතරක් නොවෙයි... මද්‍යසාරවල අපුල ගඳ... ඉවසන්න පුලුවනෑ.

ලිංගික බෙලහීනතාවයට ආහාර නැතිද...?
ශාක මගින් ලබා ගන්නා 'ෆ්ලේවෝන්'(flavonoids) රසායනය බහුල ආහාර ලිංගික බෙලහීනතාව (ED) අවම කර ගැනීමේ මාවතක් ලෙස පර්යේෂකයෝ හඳුනා ගනිති.

'බ්ලූ බෙරි' පළතුරෙන් හමු වී ඇති 'ඇන්තඋසෛනන්' (anthocyanin) රසායනය සහ 'සිට්‍රස්' පවුලේ වෙනත් පළතුරු වර්ගත් ලිංගික බෙලහීනතාව(ED) වළක්වා ගැනීමේ උපකාරක ආහාර වර්ග විදිහට පෙන්වා දෙනවා.

පළතුරු වැඩියෙන් අනුභවය ලිංගික බෙලහීනතාව(ED) 14% කින් අවම කර ගැනීමට හේතුවෙන අතර, ඒ සමග 'ෆ්ලේවෝන්'(flavonoids) රසායනය බහුල ආහාර පරිභෝජනය සහ ශාරීරික ව්‍යායාම මගින් එම දුබලතාව 21% කින් අඩුකර ගත හැකියි.
සිවිය සහිත ධාන්‍ය වර්ග, පළතුරු, එළවලු, මෑ - බෝංචි වැනි රනිල කුලයේ ආහාර, ආර්මන්ඩ් සහ වෝල්නට්ස් වැනි ඇට වර්ග සහ ඔලිව් තෙල් ඇතුළත් මධ්‍යධරනී ශෛලියේ ආහාර වේල් ලිංගික බෙලහීනතාව (ED) අවම කර ගැනීමට සහ ලිංගික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වා ගෙන යාමට උදව් වෙන බව ඇතැම් පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

ඒ සඳහා ඉවහල් වෙන තවත් සුදුසු ක්‍රියාමාර්ගයක් වන්නේ 'ඇන්තඋසෛනන්' (anthocyanin) වර්ණක අන්තර්ගත බ්ලැක් බෙරි, බ්ලැක් කරන්ට්ස්, රාස්බෙරි, සමහර මිදි වර්ග, වම්බටු සහ ගෝවා ආහාරයට එක්කර ගැනීමයි.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed