ආදරය හැමදාටම රැකගන්න කැමතිද?

March 29, 2017
15,523
7 little things happy couple do daily
ඔහුත් එක්ක හැමදාම ආදරයෙන් ඉන්න ඔබ ගොඩාක් කැමතියි නේද? හිතේ තියෙන ආදරේ දවසින් දවස වැඩි කරගන්න මේ විදිහට කරන්න.

1.සිඹින්න

ඔහුව ඔබ සිඹින විට ඔහුට වැදගත් කමක් දෙනවා කියල ඔහුට හිතෙනවා. දවසකට පුංචි කිස් එකක් දෙන්න ලොකු කාලයක් යන්නේ නෑ නේද? හැබැයි එකෙන් ලැබෙන ප්‍රතිලාබය ගොඩයි. ඔහුට වැදගත්කමක් දෙනවාට ඔහු ඉතාමත් කැමතියි.

2. බදාගන්න

අපි ආදරය කරන කෙනෙක්ව බදාගත්තහම හිතේ තියෙන ආතතිය නැතිවෙලා යනවා. ඉතින් පුළුවන් හැමවෙලේම ඔහුව ආදරයෙන් බදාගන්න.

3. සවන්දෙන්න

ඔහු කියන හැමදේටම සවන්දෙන්න. මොකද පිරිමි සාමාන්යයෙන් කතා කරනවා අඩුයි. ඔබත් එක්ක මොනවාහරීම දෙයක් ගැන කතා කරනකොට හොඳින් සවන් දෙන්න. ඔබ ඔහුට සවන්දෙනවා කියන්නේ දෙන්න අතරේ විශ්වාසය වර්ධනය වෙනවා කියන එක.

4. නිදාගනිදිදී තුරුල් වෙන්න

දෙන්නට දෙන්න තුරුල්වෙලා නිදා ගන්නේ බැන්ද අලුතම විතරයි නේද? මුල් කාලේදී එහෙම පුළුවන් නම් පස්සේ කාලෙදිත් එහෙම බැරි වෙන්න විදිහක් නෑ. තුරුල්වෙලා ඉන්නකොට අපි කාගේත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙනවලු. ඉතින් දෙන්නටම හොඳ සෞඛ්ය ප්‍රතිලාබයකුත් ලැබෙනවා. ආදරයත් වැඩි වෙනවා තුරුල් වෙන එකෙන්.

5. සමාව දෙන්න

මේ ලෝකයේ අපි කව්රු අතිනුත් වැරදි වෙනවනේ. පහුගිය වැරද්දක් ගැනම කියා කියා ඔහුගේ හිත රිද්දන්නත්, ඔබේ සිත රිද්දවාගන්නත් එපා. වුන දේවල් අමතක කරන්න. ඉදිරිය ගැන සිතන්න. දෙන්නා අතර තියෙන ඍනාත්මක අදහස් නැති කරගන්න හොඳම විදිහ තමයි සමාව දීලා හිත හදා ගන්න එක.

6. හිනාවෙන්න

ඔහුත් එක්ක විවෘතව කතා කරන්න බැරි කිසිම මාතෘකාවක් තියෙන්න බෑ. ඕනෙම දෙයක් ගැන කිසිම බයක් සැකයක් නැතුව ඔහු එක්ක කතා කරන්න පුළුවන් කියන්නේ ඔය දෙන්නාගේ සම්බන්ධතාවය හරිම ශක්තිමත් කියන එක. ඉතින් පුළුවන් හැම වෙලේම සතුටු දේවල් ගැන හොඳින් කතාබහ කරලා, හයියෙන් හිනා වෙන්න. දෙන්නා අතරේ අවබෝධය, ඇඟලුම් කම වර්ධනය වෙනවා ඔබට හිතා ගන්නවත් බැරි විදිහට.

7. මම ඔයාට ආදරෙයි කියන්න

ආදරය හිත අස්සේ තියාගෙන ඉන්නවට වඩා ආදරය ප්‍රකාශ කරන එක ගොඩාක් හොඳයි. ජිවිතේ හැම අයුරකින්ම කැපකිරීම් කරන්නේ ඔහු වෙනුවෙන් ඔබේ හිතේ තියෙන ආදරයටනේ. ඉතින් ඇයි ඒ ආදරය ගැන කියන්න බැරි? කව්රුත් කැමතියි ආදරය ගැන අහන්න. ඒක නිසා හිත අස්සේ තියාගෙන ඉන්නේ නැතුව එළිපිටම ආදරෙයි කියලා කියන්න.

මේ කියපු දේවල් හරිම පුංචි දේවල්. ගොඩක් ලොකු කාලයක් යන්නේ නෑ මේ දේවල් කරන්න අපි කාටවත්. හැබැයි සම්බන්ධතාවයක වැදගත්කම, කල්පැවැත්ම ආරක්ෂා කරන්න මේ දේවල් වල ලොකු බලපෑමක් තියෙනවා. මේ කියපු කාරනා ගැන ඔබ එකඟ වෙනවානම්, තව කෙනෙක්ටත් පෙන්නන්න. කියලා දෙන්න. එතකොට ඒ අයගේ ජිවිතත් ආදරණිය වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get vitamin E for healthy skin and hair
   71,012
   26

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   70,594
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,503
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,017
   25

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed