සෑම දෙයකටම ඔබට දොස් පවරන සැමියෙක් සමඟ ඔබ කටයුතු කරන්න ඕනේ කොහොමද

August 24, 2020
2,129
How to deal with a fussy husband
ඔබ ජීවත් වෙන්නේ නිතරම ඔබ කරන කියන දේවල් ගැන හේතු කියන්න ඕනේ විවාහයක නම්, ඔබ ගනුදෙනු කරන්නේ, සිදු වෙන සෑම දෙයකටම බොහෝ විට ඔබට දොස් පවරන සැමියෙක් සමඟයි. ඒ විදිහේ ජීවිතයක් ගෙවන්න කවුරුවත් කැමති වෙන්නේ නෑ. කෙසේ වෙතත් ඔබේ සැමියාගේ ඒ ගැටලුව ඔබ දෙදෙනාගේ බැඳීමට බලපාන්නට ඉඩ නොදී ඔහුත් සමඟ යහපත් ආකාරයට ගනුදෙනු කරන්න පුලුවන් ආකාරය ගැන අපි ඔබට කියන්නම්...

සෑම දෙයක් ගැනම ඔබට දිගින් දිගටම දොස් පවරන සැමියෙක් සමඟ ගනුදෙනු කරන්න පුලුවන් ක්‍රමය මෙන්න:

1. ගැටලුව නිවැරදිව පෙන්නලා දෙන්න කියලා සැමියාට කියන්න
 
ගැටලුවකදී ඔබේ සැමියාගෙන් ඔබ වරදක් කරලා කියලා සිතන්නට හේතුව මොකක්ද කියලා විවෘතව අහන්න. තත්වය තාර්කිකව තේරුම් ගත්තාට පස්සේ ඔබේ අතින් වරදක් වෙලා තියනවා නම් ඒක නිහතමානීව පිළිගෙන ඉදිරියට යන්න. කෙසේ වෙතත් ඔබේ සැමියා ඔබට සාධාරණ හේතුවක් නැතුව දිගින් දිගටම දොස් පවරනවා නම්, දෙදෙනා අතර සන්නිවේදන ගැටලුවකට වඩා එහා ගිය ප්‍රශ්නයක් තියෙන බව ඔබ තේරුම් ගත යුතුයි.

2. ඔබේ දැක්ම බෙදා ගන්න

ඇත්තටම සධාරණ විවේචන ඔබට ඔහුගෙන් ලැබෙනවා නම් ඒවා ගැන ඔබ විවෘතව සිතන්න. ඒ එක්කම ඔබ හිතන විදිහ ගැන ඔහුට ඉදිරිපත් කරන්න. සෑම දෙයකටම දොස් පැවරීම නිසා ඔබට අපහසුතාවයක් හා වේදනාවක් දැනෙන්නේ ඇයි කියලා ඔබේ සැමියාට කියන්න. එයින් දෙදෙනාගේම පැත්තෙන් පැවසිය යුතු දේ සහ විය යුතු දේ ගැන පැහැදිලි දැක්මක් ලබා ගන්න පුලුවන්.

3. දළුලන ගැටලුව තුරන් කිරීමට උත්සාහ කරන්න

මුලින්ම ඔබ ඔබේ වැරැද්දක් ගැන වගකිව යුතු තත්වයකදී ඒකෙන් බේරෙන්න බලන්න එපා. ඒ වගේ අවස්ථාවකදී සන්සුන්ව ඉන්න; ඔබේ සැමියා ඒ විදිහට හැසිරෙන්නේ ඇයි කියලා හඳුනාගෙන ගැටලුව නිවැරදි කිරීම සඳහා ඔබට ප්‍රශ්නයේ මුල් කෙලවරේ සිට සිතා බලා ඒ ගැන ඔබට යමක් කරන්න පුලුවන් ද කියලා බලන්න. නැතිනම් අහංකාර නොවී සැමියාගෙන් උදවු ලබා ගන්න.

4. ඉවත්ව යාමට හිත හදා ගන්න

ඔබගේ සම්බන්ධතාවය නැවත ගොඩනගන්න උත්සාහ කළත් එකම කාරණය පිළිබඳව සැරින් සැරේ දීර්ඝ කාලයක් තිස්සේ කතා කළා කියලා, තාමත් ඔහුගේ හැසිරීම වෙනස් වෙන්නේ නති නම් ඔබට එතැනින් ඉවත්ව ඉදිරියට යාමට කාලයයි. මේක දැඩි තීරණයක් වෙන්න පුලුවන්. නමුත් ඔබේ අනාගතය වෙනුවෙන් ඒ තීරණය වඩා හොඳයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Do not do these after sexual intercourse
   726
   586

ලිංගික සංසර්ගයෙන් පසු මේ දේවල් නම් කරන්න එපා

ලිංගික එක්වීමකින් පසු ඔබ විසින් අනිවාර්‍යෙන් වැළකිය යුතු කරුණු පිලිබදව ඔබ දැනුවත්ද..? කාර්‍යක්ෂම ලිංගික ජීවිතයක් ගතකරන ගමන්ම ඔබ වැළකී සිටිය යුතු ප්‍රධාන කරුණු 6 ක් පිළිබදව හැඩකාරි අපි ඔබට ඉදිරිපත් කරනවා
These food makes you look more older
   440
   326

ඔබව වේගයෙන් වයස්ගත කරන මේ ආහාර දැන ගෙන ඉන්න

වයසට කලින් වයසට යාම වැළැක්වීම සඳහා ඔබ ඔබේ ආහාර වේලෙන් ඉවත් කළ යුතු ආහාර කිහිපයක් තියෙනවා
Hit fashion trends in 2021
   299
   211

2021 වසරේ හිට් වුණු ෆැෂන් ට්‍රෙන්ඩ්ස්

මේක විලාසිතා ලෝකයට නිහඬ වසරක් වුණත් ආකර්ෂණීය මෝස්තර කිහිපයක් එළිදක්වා තියෙනවා. 2021 වසරේ ට්‍රෙන්ඩ් වුණු ෆැෂන් ටිකක් තමයි මේ
Why should you wear the mask even though you are fully vaccinated?
   516
   156

කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා සම්පූර්ණයෙන් ලබාගත් ඔබ තවදුරටත් මුහුණු ආවරණ පැලදිය යුතුද??

එන්නත ලබා ගැනීමෙන් රෝගය වැළඳීම සම්බන්ධයෙන් පරිපූර්ණ ආරක්ෂාවක් සැලසෙන්නේ නැද්ද යන ගැටළු සමාජයේ බොහෝ කතාබහට ලක්වනවා.. එන්නත් ලබාගත් ඔබ මුහුණු ආවරණයක් පැලඳිය යුත්තේ කවර අවස්ථාවකද..
Why we get fat although we eat less?
   3,709
   97

කොච්චර චුට්ටක් කෑවත් මහත් වෙනවා. මොනවාද අපිට අතපසු වුනේ?

එච්චර කන්නෙත් නැහැ. ඒත් මහතයි. ඇයි මේ වෙනස..? ඔබ ආහාර ගැනීමේදී ප්‍රමාණය ගැන විතරක් සලකා බැහැ. එහිදී වැදගත් වෙන හේතු මොනවාද....?

Latest Articles

Most Viwed