කොච්චර චුට්ටක් කෑවත් මහත් වෙනවා. මොනවාද අපිට අතපසු වුනේ?

August 30, 2020
3,910
Why we get fat although we eat less?
ඇත්තටම සමහර හැඩකාරිය්නගේ සිරුරයි බත් පිගානයි දිහා බැලුවාම ඒ අය එච්චර කන්නෙත් නැහැ. ඒත් මහතයි. ඇයි මේ වෙනස..? ඔබ ආහාර ගැනීමේදී ප්‍රමාණය ගැන විතරක් සලකා බැහැ. එහිදී වැදගත් වෙන හේතු මොනවාද....?

ආහාර ලබා ගන්නා වේලාව

අපිට මොනතරම් වැඩ කටයුතු තිබුනත් අපේ සිරුරේ ජෛව රිද්මයෙන් ඔබ්බට යන්න අපට බැහැ. උදේට රජෙක් වගෙත් ආහාර ගැනීමට උපදෙස් දෙන්නෙත් ඒ නිසයි. රාත්‍රි ආහාරය දහනය වීමක් සිදු නොවෙන නිසා රාත්‍රි ආහාරය බොහොම සැහැල්ලු විය යුතුයි. දරුවන්ට වුනත් උදේ ආහාරය වැදගත් වෙන්නේ අධ්‍යාපනයට අවශ්‍ය උනන්දුව, ධාරණය වෙනුවෙන් උදේ ආහාරය ඉතා වැදගත් නිසයි.

ආහාරවල විවිධත්වය

ආහාරය කාබොහයිඩ්ඩ්‍රේට මෙන්ම මේදය , ප්‍රෝටීන්, යකඩ සහ වෙනත් ඛණිජ ලවණ අන්තර්ගත වන සේ පිළියෙල කර ගන්න. බොහෝ දෙනා පිළියෙල කිරීමේ පහසුව නිසා අර්තාපල් වැනි අල වර්ග වෙනුවෙන් විශේෂත්වය ලබා දෙනු ඇත. මැල්ලුම් කපන්න ඇති අපහසුව යැයි කියමින් ආහාර වේලට මැල්ලුමක් එක් කර ගැනීම බොහෝ විට අතපසු කරනු ඇත. එහෙත් මැල්ලුමකින් ලැබෙන පෝෂණ ගුණය මෙතැකැයි කියා නිම කළ නොහැකි අතර ඉතා සුළු වියදමකින් විශාල ලෙසින් පෝෂණය ලබා ගැනීමට පලා වර්ග උපයෝගී වෙනු ඇත. එහෙත් ඔබ අර්තාපල් වෙනුවෙන් නිතරම යොමු වෙන විට ඔබේ සිරුර අනවශ්‍ය ලෙසින් පිෂ්ඨ ආහාරයට ගැනීමේ ආදීනව නිසාම තරබාරුවට පත් වීම වලක්වා ගත නොහැක.

මාළු ආහාරයට ගැනීමේදී

මාළු හදවත් රෝගීන්ට පවා ගුණදායක වේ. ඔමේගා 3 අඩංගු මත්ස්‍යයන් ගැඹුරු මුහුදේ වෙසෙති. මෙම සංයෝගය හදවත වෙනුවෙන් ගුණදායක වේ. ඊට අමතරව සාලයා, හුරුල්ලා වැනි මත්ස්‍යයන් අනුභවය සුදුසුය.

තන්තු ආහාර

ඔබේ ආහාර වේලට තන්තු අන්තර්ගත වීම ඉතා වැදගත් වේ. තන්තු මගින් බඩවැල්වල ක්‍රියාකාරිත්වය හොඳින් සිදු වේ. මේ නිසා කොහිල, බෝංචි, කෙහෙල්මුව, කෙසෙල් බොඩ, කුරක්කන් වැනි තන්තු බහුල ආහාර එක් කර ගැනීමට උනන්දු වන්න. කොහිල පිලියෙල කිරීමේදි එහි ඇති නූල් ඉවත් කරන්න එපා. මෙම නූල් වැනි තන්තු බඩවැල් ක්‍රියාකාරිත්වයට හේතු වෙනවා. දියවෙනසුළු තන්තු ලෙස සැලකෙන මෙම ආහාර ගැනත් අවධානය දක්වන්න.

- පියලි ඇට වර්ග- බෝංචි, මෑ
- පළතුරු
- පලා

ආහාරයෙන් පසුව අතුරුපසට පලතුරු

ප්‍රධාන ආහාරයෙන් පසුව පලතුරක් ආහාරයට ගැනීම නිසා ඉතා හොඳින් ආහාර අවශෝෂනය වෙනවා පමණක් නොව ජීරණය පහසු කරයි. මලබද්ධයට විසඳුමකි. කෙසෙල්ගෙඩි, පැපොල් වැනි පළතුරු මල බුරුල් කරන ගුණයෙන් යුක්තය.

කිරි භාවිතා කරන විට මේද රහිත කිරි වුවත් ඔබ කහට තේ සමග මිශ්‍ර කරන්න. සතියකට දෙවරක් හෝ තුන්වරක් පමණ අතරවාරයකදී යෝගට් හෝ මුදවාපු කිරි වරදක් නැත. පොල් කිරිවල මේද බහුලව ඇත. එහෙත් පොල් සම්බෝල , මැල්ලුම වෙනුවෙන් පොල් යොදා ගන්නා විට මේදය එතරම් අඩංගු වන්නේ නැත ඊට හේතුව තෙල් රැඳී තිබෙන්නේ තද තන්තු රාමුවක බැවින්ය. එබැවින් පොල් තෙල් අනවශ්‍ය ලෙසින් යොදා ගෙන ආහාර පිසිනවාට වඩා මැල්ලුමක් පිළියෙල කර ගැනීම එතරම් අගුණ නොවන්නේය.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to pick cloths for your skin tone
   4,801
   156

සමේ වර්ණයන්ට ගැළපෙන විදිහට ඇඳුම් තෝරා ගන්නේ මෙහෙමයි

සමේ පැහැය මත පදනම්ව ඔයාට වඩාත්ම ගැලපෙන වර්ණ මොනවාදැයි හඳුනා ගැනීමට ස​හ ඇඳුමක් ඔන්ලයින් ඕඩර් කරන්න කලින්, සාප්පු සවාරි සැරිසැරීමට කලින් මතක තබා ගැනීම​ට මාර්ගෝපදේශ කිහිපයක් මෙන්න
Chilli prawns recipe
   189
   125

රසවත් චිලී ප්‍රෝන්ස්

හැමදාම ඉස්සෝ එකම විධියටම කාලා එපා වෙලා නේද....මෙන්න ඔබට රසවත් චිලී ප්‍රෝන්ස් රෙසිපි එකක්.. පොඩි වෙනසක් කරලා බලමුද එහෙනම්..
Do not do these after sexual intercourse
   2,273
   98

ලිංගික සංසර්ගයෙන් පසු මේ දේවල් නම් කරන්න එපා

ලිංගික එක්වීමකින් පසු ඔබ විසින් අනිවාර්‍යෙන් වැළකිය යුතු කරුණු පිලිබදව ඔබ දැනුවත්ද..? කාර්‍යක්ෂම ලිංගික ජීවිතයක් ගතකරන ගමන්ම ඔබ වැළකී සිටිය යුතු ප්‍රධාන කරුණු 6 ක් පිළිබදව හැඩකාරි අපි ඔබට ඉදිරිපත් කරනවා
Parents should keep these in mind about their children
   4,882
   98

දරුවන් ඉදිරියේ මේ දේවල් නොකරන්න හැම මවක්, පියෙක්ම වගබලා ගත යුතුයි

අපි දුර දිග නොබලා කරන සමහර වැරදි දරුවන්ට හානි කරන්න හේතු වෙනවා. ඒ මොනවද කියලා හරියටම දැන ගත්තොත්
Oils that helps to have a uplift your beauty
   9,627
   64

සුන්දර රූපයක් උරුම කර දෙන තෙල් සත්කාර

ඔයාගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති වන සුන්දරත්වයේ ගැටලු වලටත් මේ ඖෂධීය තෙල් වර්ග කදිම සත්කාරයක්

Latest Articles

Most Viwed