දරුවාගේ කිරි වමනය දැමීම අඩු කරන්න සහ ආහාර ජීර්ණය වැඩි දියුණු කරන්නේ කොහොමද?

September 16, 2020
13,999
How to improve infants digestive system
මවක්වීමේ සිහිනය සැබෑ කරගෙන සතුටින් ඉන්න මොහොතේ, දරුවා කිරි වමනය කිරීම සහ ජීර්ණ ගැටළු වලින් පීඩා විඳින එක ඔබට හිතට අසහනයක් ගෙන දෙන කාරණයක්. ළදරුවාගේ සුභසිද්ධිය ගැන සිතන කුළුඳුල් මවුවරුන් මෙවැනි ප්‍රශ්න වලින් බොහෝ අපහසුතාවයට පත් වෙනවා. මෙම ලිපිය මඟින් ඔයා මුහුණ දෙන දරුවාගේ නිතර දකින්න ලැබෙන ආහාර ජීර්ණ ගැටළු කිහිපයකට විසදුම් අරගෙන තමයි අපි ආවේ.

ළදරුවන්ගේ ජීර්ණ පද්ධතිය සියුම් නිසා ඔවුන් මෙවැනි අපසසුතා වලට මුහුණ දෙනවා. අනෙක ළදරුවන්ගේ අමාශයට යන ආහාර, ගලනාලය හරහා නැවත ඉහලට යාම වලක්වන නාලය මේ වන විට වර්ධනය වී නෑ. ඉතින් ආමාශයේ ආහාර නැවත ඉහලට එන්න බලනවා. ඒ නිසා ඔයා මේ පහත කියැවෙන කාරණා ගැන සෑම විටම සැලකිල්ලෙන් ඉන්න ඕනේ.

ළදරුවන් තුළ ආහාර ජීර්ණ ගැටළු ඇතිවීමට පොදු හේතු:


* ආරම්භක මාසවලදී ළදරුවන් මව් කිරි සමග වාතයත් ගිල ගැනීම
* සාමාන්‍යයෙන් ළදරුවන්ට වෛරස් හෝ බැක්ටීරියා ආසාදන ඇති වීම
* ළදරුවන් ඝන ආහාර අනුභව කිරීමට පටන් ගන්නා විට, ඔවුන්ට මල බද්ධය අත්විඳිය හැක


ළදරුවන් තුළ දුර්වල ආහාර ජීර්ණයට සම්බන්ධ පොදු රෝග ලක්ෂණ:
අසාමාන්‍ය ලෙස කලබල වූ ළදරුවෙක්
අධික උණ
පාචනය/ වමනය
මලබද්ධය
විජලනය
ආහාර රුචිය නැතිවීම
හුස්ම ගැනීමේ අපහසුතා
ලේ පැල්ලම් සහිත මළපහ

ආහාර දිරවීමේ ගැටළු වලින් පෙළෙන ළදරුවන් තුළ එවැනි රෝග ලක්ෂණ බහුලව දක්නට ලැබෙනවා. ඔයාගේ දරුවා මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වෛද්‍යවරයකු හමුවන්න.

ළදරුවන් තුළ ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීම සඳහා නිවෙස් පිළියම්

1. ළදරු සම්බාහනය
ඔයාගේ දරුවාගේ උදරය සම්බාහනය කිරීමෙන් ආහාර දිරවීමේ ගැටළු බොහොමයක් ලිහිල් කර ගන්න පුළුවන්. දරුවාගේ නාභිය වටා ඔරලෝසු කටුව කැරකෙන අතට රවුමට මසාජ් කර ඔයාගේ දෑත් පහළට ගෙනයන්න. ඔයාගේ දැත් වලින් මෘදු ලෙස බඩ තද කරන්න. ඒ වගේම දරුවාගේ කකුල් රිද්මයානුකූලව සම්බාහනය කරන්න. පහත වීඩියෝ එකෙන් ඔබට ඒ ගැන හොඳ අදහසක් ගන්න පුලුවන්.




2. උණුසුම් සම්පීඩනය

උණුසුම් සම්පීඩනයකින් ඔයාගේ දරුවා සන්සුන් කරන්න පුලුවන්. එය උදරයේ වායුව හා ඉදිමීම අඩු කර ගැනීම සඳහා ද උපකාරී වෙනවා.
ඔයාට අවශ්‍ය වන්නේ;
යන්තමින් උණුසුම් ජලය බඳුනක්
පිරිසිදු රෙදි කඩක් හෝ තුවායක්

ඔයා කළ යුතු දේ;
උණුසුම් වතුර භාජනයට පිරිසිදු රෙදිකඩ දමන්න. රෙදි කඩහොඳින් මිරිකා ගන්න. දැන් සෙමින් දරුවාගේ බඩ මත සෙමින් තබන්න. විනාඩියකින් ඉවතට ගන්න. මෙම 2-3 වතාවක් කරන්න. ඔයාගේ දරුවාගේ තත්වය යහපත් වන තුරු මෙම සත්කාරය දිනකට දෙවතාවක් පමණ කරන්න.

3. කිරිදෙන ඉරියව්ව වෙනස් කරන්න

කිරිදෙන අතර තුර දරුවා තබාගෙන සිටින ඉරියව්ව ටිකක් වෙනස් කරන්න. එයින් දරුවාගේ උදරයේ ඇති ආම වාතය ඉහලට ඒම වලකිනවා. එයින් ආමවාතය පහලින් පිටවීමට උදවු කරනවා. සෑම විටම කිරි දෙන විට දරුවාව සෘජුව ඉහලටතබා ගන්න. මෙය කිරි ආපසු ඒම වලක්වනවා.

4. යෝගට්

ඔයාට අවශ්‍ය වන්නේ;
තනුක කළ යෝගට් තේ හැඳි කිහිපයක්
ඔයා කළ යුතු දේ
යෝගට් තේ හැඳි කිහිපයක් ජලය සමග මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය දරුවාට කවන්න. මෙම පිළියම තෝරා ගැනීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා කල යුතුයි.

5. ගුඩුස් යවන්න
ළදරුවන්ගේ ආහාර දිරවීමේ ගැටළු විසඳීම සඳහා තවත් ක්‍රමයක් නම්, අහාර හෝ කිරි දුන් සෑම විටම ගුඩුස් යවන්න. වාතය ඉවතට යැවීමෙන් දරුවා පරිභෝජනය කළ කිරි වමනය කිරීම වළක්වා ගන්න පුළුවන්.

6. මව්කිරි
දරුවාට මාස 6 ක් වන තුරු මව්කිරි පමණක් දෙන්න. ඔයාගේ ළදරුවන්ට ඝන ආහාර සැපයීම ආරම්භ කළ යුත්තේ මාස 6 ක් සම්පූර්ණ වූ පසුවයි. එසේ වුවද, ළදරුවන්ට වයස අවුරුදු 2 ක් පමණ වන තුරු ඝන ආහාර සමඟම මව්කිරි දෙන්න ඕනේ. මව්කිරි පරිභෝජනය ඔයාගේ දරුවාගේ ආහාර ජීර්ණ සෞඛ්‍යයට වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව මතකයේ තබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Do you suffer from bloating?
   1,571
   347

ඔබත් නිතර නිතර ඇතිවන බඩ පූරවා දැමීමෙන් පීඩා විඳිනවාද?

බඩ පුරවා දැමීම බොහොම අසහනකාරී අත්දැකීමක්.. ඔබ මෙතෙක් කල් මෙයට පිළියම් කළ හැටි වැරදි බව අද අපි කියන දේ වලින් වැටහේවි..
The Surprising Health Benefits of Sex
   42,743
   251

ලිංගිකව එක්වීමෙන් ඇත්තටම ඔබට මොකද වෙන්නේ?

ඇත්තටම මොකද වෙන්නේ ලිංගිකව එකතු වුනහම? ඔබ දෙදෙනා තෘප්තිමත් වෙන එක විතරද? උත්තරය එහෙම නෙමෙයි කියන එක
Repair your discoloured lips
   10,274
   128

අවපැහැ ගැන්වුණු දෙතොල් පැහැපත් කරගන්න කැමතිද?

අද හැඩකාරි තුළින් නිවසේ සිටම දෙතොල් පැහැපත් කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන කතා කරන්න අපි හිතුවා. මුලින්ම දෙතොල් අවපැහැ ගන්නේ ඇයිද කියලා පොඩ්ඩක් හොයලා බලමුද?
Nutrition that every mom should consider
   7,790
   110

හැම ගර්භනී මවක්ම මග නොහැරිය යුතු පෝෂණය

වැදගත්ම දේ තමයි මෙය දෙපාර්ශවයේම සරු භාවය ඇති කරන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක්. ඒ වගේම ඔබ නොදන්නා තවත් පෝෂණ ප්‍රතිලාභ
How to have good air quality in your surrounding
   78
   65

නිවසේ හෝ වටපිටාවේ වාතයේ ගුණාත්මකභාවය රැක ගන්න නම් මේ විදිහට වැඩ කරන්න

නිවසේ වාතයේ ගුණාත්මක භාවය දුර්වල නම් හෝ වෛරස් වලින් පිරී තිබේ නම් ශ්වසන රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා.ස්වාභාවිකවම ඔබගේ නිවෙස්වල වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා ඔබට අනුගමනය කළ හැකි ටිප්ස් කිහිපයක් කියා දෙන්න හිතුවා..

Latest Articles

Most Viwed