උදේට නානවා නම් මේ දේ කරන්න නම් එපා

August 30, 2021
1,375
Never do this when you take a shower in the morning
බොහෝ දෙනා උදෑසනම ස්නානය සඳහා පුරුදු වී සිට්නවා.. ඒ සඳහා ගනු ලබන කාලය, ජලයේ උෂ්ණත්වය, ඔබ භාවිතා කරන සබන්, ෂැම්පු ආදිය ඔබගේ ඉතා පුද්ගලික තේරිම් වුවත් වෛද්‍යවරුන් පවසන ආකාරයට ඔබගේ මේ උදෑසන ස්නානය අතරතුර ඔබ ව්සින් වැළකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.
ස්නානය කර දවස නැවුම්ව ආරම්භ කිරීමට කැමති හැඩකාරි ඔබත් මේ කරුණු ගැන දැනුවත් වීම ඉතාමත් වැදගත්..

උදෑසන අධික ලෙස උණුසුම් ජලයෙන් ස්නානය කිරීමෙන් වැළකිය යුතුයි
සමෙහි ආරක්ෂිත ආවරණයට හානි වීම
මද රස්නයකින් යුතු හෝ සිසිල් ජලය මගින් උදෑසන ස්නානය කිරීම ඔබට වඩාත් යෝග්‍ය වනවා. අධික උණුසුම් ජලය නිසා ඔබගේ සම වියළීමට ලක්වන අතර සමෙහි ඇති ඇසට නොපෙනෙන ආරක්ෂිත ආවරණය සඳහා බාධා එල්ල කරනු ලබනවා. මෙම ආරක්ෂිත ආවරණය දහදිය සහ ස්නේහ ශ්‍රාවයන් (සෙබම්) මගින් සැදුම් ලද්දක් වන අතර අධික උණුසුම් ජලයට නිරාවරණයෙන් ඒ සඳහා හානි ඇතිවනවා. බැක්ටීරියා ඇතුළු වීම වැළකිමට අමතරව සම වියළීම වැලැක්වීම, සංවේදිතාව ආරක්ෂාව, උද්දීපනයෙන් ආරක්ෂාව, සමේ සංකූලතා ඇත්වීම වැළැක්වීම සඳහා මෙම ආරක්ෂිත ආවරණය අපට වැදගත් වනවා.

එමෙන්ම උදෑසන ස්නානය සඳහා සිසිල් ජලය භාවිතා කිරීමෙන් නැවුම් බවක් ලබා ගැනීමට, මනා රුධිර සංසරණ වේගයක් පවත්වා ගැනීමට සහ ව්‍යායාමයන් හි නිරත වීමෙන් ඇතිවන වෙහෙස නිවා ගැනීමටත් උපකාරි වනවා.

උදෑසන ස්නානය වඩාත් දිගු වීම සුදුසු නැත
සම සහ හිස කෙස් වියලීම
උදෑසනම වඩාත් දිගු කාලයක් ස්නානය කිරීමෙන් පසුව නැවුම් ආරම්භයක් ලබා ගැනීමට බොහෝ දෙනා ප්‍රියකලත් වෛද්‍යවරුන් පවසන්නේ උදෑසන ස්නානය වඩාත් දිගු නොවී විනාඩි 5ත් 10ත් අතර කාලයකින් අවසන් කිරීම වඩාත් සුදුසු බවයි. දිගුකාලයක් ජලයේ ගත කිරීමෙන් ඔබගෙ සම සහ හිසකෙස් වියළීම සිදුවන බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.

සමේ රෝගයන් තිබේ නම් උණුසුම් ජලය සහ වැඩි කාලයක් ස්නානය සුදුසු නොවේ..
චර්ම රෝගයන් උග්‍ර වීම
දද , කුෂ්ඨ හෝ වෙනත් චර්ම රෝගයන්ගෙන් පීඩා විදින පුද්ගලයන් ඉතා උණුසුම් ජලයෙන් ස්නානය කිරීම සහ වැඩි වේලාවක් ස්නානය සුදුසු නොවන බවට වෛද්‍යවරුන් අනතුරු අගවනවා. වැඩි වේලාවක්, අධික උණුසුමක් ඇති ජලය ස්නානයෙන් ඇතැම් චර්ම රෝගයන් උග්‍ර විය හැකියි. එමනිසා චර්ම රෝගයන් ඇතිවිට සිසිල් ජලයෙන් ස්නානය සහ හැකිතරම් කෙටි වේලාවක් තුල ස්නානය අවසන් කිරීමට මතක තබා ගැනීම ඉතාමත් වැදගත් වනවා.

ඔබගේ පවිත්‍රකාරක ඉතා හොඳින් තෝරා ගැනීම වැදගත් වනවා
සබන්, ෂැම්පු , කන්ඩිෂනර්,ෂවර් ජෙල් වැනිදෑ තෝරාගැනීම
ඔබගේ උදෑසන ස්නානය සහ කාලය කොතරම් නිවැරදි වුවත් ඔබ ස්නානය කිරීමේදි යොදාගන්නා සබන්, ෂැම්පු, කන්ඩිෂනර්, ෂවර් ජෙල් වැනි නිශ්පාදන නිසි ප්‍රමිතියකින් යුතු නොවේනම් එය ඔබගේ සම සහ හිසකෙස් සඳහා අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා. විශේෂයෙන් එම නිශ්පාදනයන්හි PH අගය සිරැරට සුදුසු වනවාදැයි පරික්ෂා කිරීම ඉතාමත් වැදගත් වනවා. එමනිසා සෑමවිටම ඔබගේ සමට සුදුසු නිශ්පාදන තෝරා ගැනීමටත් සමට පෝෂණය සහ තෙතමනය ලබාදෙන මොයිස්චරයිසර් අඩංගු නිශ්පාදන සෑම විටම තෝරාගත යුතු වනවා. විශේෂයෙන් ඔබගේ සම අධි සංවේදි හෝ අධික ලෙස වියළිමට ලක්වනවා වැනි ගැටළු තිබේනම් සමේ රෝග වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get rid of warts 
   20,849
   121

ඉන්නන් සහ ලප කැළැල් සඳහා කවුරුත් නොදන්නා අත්බෙහෙත් 

කාන්තාවන් දැඩි ලෙස අපහසුතාවයට පත් වන කරුණක් ලෙස ඉන්නන් සහ ලප කැළැල් හඳුන්වා දිය හැකිය. අද හැඩකාරී අපි ඔයාට ඉන්නන් සහ ලප කැළැල් ස​ඳහා කවුරුත් නොකී අත්බෙහෙත් කිහිපයක් මේ ලිපිය තුලින් කියලා දෙනවා
Make your skin fair within a week
   20,602
   82

සතියක් වගේ කෙටි කාලයක් තුළ ඔබටත් සම පැහැපත් කර ගන්න පුළුවන්

ඔයාගේ සමේ සෞඛ්‍යය සම්පන්න බව වැඩි දියුණු කරගන්න පුලුවන් ආකාර ගැන වගේම සමේ රැකවරණය, ජීවන රටාව සහ මේක් අප් සමඟ පැහැපත් දීප්තියක් පවත්වා ගන්න පුලුවන් නිවැරදි ආකාරය
Ideas to do your hair by yourself
   3,877
   76

තනිවම කොණ්ඩා විලාසිතා කරන්න හිතන් ඉන්නවා නම් මෙන්න ඒකට අදහස්

හැමෝම අතරේ කැපී පෙනෙන විදිහට ඔයාගේ හැඩ වැඩි කරලා පෙන්වන්න ලස්සන කොණ්ඩ මෝස්තර කිහිපයක් තමයි අපි අදත් අරන් ආවෙ. ඉතින් ඔයාත් මේ සරල මෝස්‌තර ටික ට්‍රයි කරලා බලන්න
reasons why your vaginal skin is darkening
   956
   54

ඔබගේ යෝනි මාර්ගය අවට සම අඳුරු අඳුරුයිද.. එසේනම් මෙන්න එයට බලපාන හේතු

සාමාන්‍යයෙන් කාන්තාවන් සියලුදෙනාගේම පාහේ යෝනි මාර්ගය සහ ඒ අවට සම අඳුරු පැහැයක් ගන්නවා.. නමුත් ඔබ මෙහි අඳුරු පැහැය යටින් ඇති හේතුව දන්නවාද.. එසේනම් මෙන්න එයට බලපාන හේතු සියල්ලම
Dress patterns for flower prints
   33,528
   52

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed