තන්තුමය ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔබගේ උදරයේ තැන්පත් වී ඇති මේදය ඉවත්කර ගැනීමට හැකි බව ඔබ දන්නවාද?

April 23, 2022
8,335
fiber food help to reduce bally fat
උදරයේ තැන්පත් වී ඇති මේදය ඔබගේ සෞඛ්‍යයට ඉතාමත්ම අහිතකර බව ඔබ දන්නවාද? ඒ වගේම එය හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව සහ වෙනත් රෝග ඇතිවීමේ අවධානම ඉහළ නංවනවා.. එමනිසා උදරයේ තැන්පත් වී ඇති මේදය ඉවත්කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් කරුණක්..

එසේනම් උදරයේ මේදය ඉවත් කරගන්නේ කෙසේද?

උදරයේ තැන්පත් වී ඇති මේදය ඉවත් කිරීම සම්බන්ධයෙන් පීඩාවට පත්ව සිටින ඔබට සතුටුදායක පුවතක් මෑතකාලීනව පර්‍යේශකයන් කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.. ඒ තමයි තන්තු බහුල ආහාර වැඩි වශයෙන් පරිභෝජනයට එක්කර ගැනීම. තන්තුමය ආහාර දියවන තන්තු සහ දිය නොවන තන්තු ලෙස කොටස් දෙකකට වර්ග කර තිබෙනවා. නමුත් ඔබගේ උදරයේ මේදය අඩුකර ගැනිමට උපකාරී වන්නේ සිරැරේ ඇති ජලයෙ දියවන තන්තු (Soluble Fiber) පමණක් බවත් මතක තබාගත යුතු වෙනවා.


Soluble Fiber උදරයේ මේදය ඉවත් කිරීමට සහය වන්නේ කෙසේද?

- ඔබ Soluble Fiber අඩංගු ආහාර ගැනීමත් සමග ඒවා සිරැරේ ජලය සමග මිශ්‍ර වී ජෙල් වැනි සංඝටකයක් සාදනවා. එමගින් ආමාශය මගින් ජීර්ණය වන ආහාර මහා බඩවැල වෙත මුදා හැරීම ප්‍රමාද කරනවා.

- එමෙන්ම උදර මේදය සම්බන්ධයෙන් කරනු ලැබූ අධ්‍යන කිහිපයකින්ම Soluble Fiber මගින් උදරයේ මේදය තැන්පත් වීම පාලනය කරනු ලබනවා.

- Soluble Fiber බඩවැල්වල ඇති බැක්ටීරියා ව්විධත්වය උත්තේජනය කිරීම සිදුකරනවා.

- ආහාර රුචිය පාලනය සදහාද Soluble Fiber සහය වෙනවා. එය උදරයේ මේදය තැන්පත් වීම මෙන්ම සිරැරේ අනවශ්‍ය බර වැඩි වීමද පාලනය කරනවා. ඔබ Soluble Fiber අඩංගු ආහාරයට ගත්විට වඩාත් පිරුණු බවක් ලබාදෙන අතර නිතර නිතර කුසගිනි දැනීම සහ ආහාර රුචිය පාලනය කරනු ලබනවා. එමනිසා සිරැරට ලැබෙන අනවශ්‍ය කැලරි ප්‍රමානය පාලනය වෙනවා.

Soluble Fiber අඩංගු ආහාර වර්ග


- බතල
- බ්‍රොකෝලි
- කිඩ්නි බීන්ස්
- කැරට්
- ඇපල්
- හණ ඇට
- ඕට්ස්
- බාර්ලි
- මුං ඇට


Soluble Fiber අඩංගු ආහාර ගැනීමේදි සැලකිලිමත් විය යුතු කාරණා

ද්‍රවමය තන්තු අඩංගු ආහාර උදරයේ මේදය තැන්පත් වීම පාලනයට සහ ආහාර රුචිය පාලනයට වඩා හොඳ තේරීමක් වුවත් එක් ආහාර වේලක් තුල විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනිම සුදුසු වන්නේ නැහැ.. බඩේ කැක්කුම, පාචනය සහ බඩ පිපීම වැනි උදරය ආශ්‍රිත රෝග ඇතිවීමට එය හේතුවෙනවා. කාන්තා ඔබ දිනකට ග්‍රෑම් 21-25 ක් පමණත් පිරිමි පුද්ගලයකු ග්‍රෑම් 30-38 ක් පමණත් ආහාරයට ගැනීම ප්‍රමාණවත් වෙනවා.


තන්තුමය ආහාර අතිරේකයන් ගැනීම උදරයේ මේදය අඩුවීමට උපකාරි වෙනවාද?

සෑමවිටම තන්තුමය ආහාර අතිරේකයන් ගැනීමට වඩා සුදුසු වන්නේ ආහාර ලෙස එය සිරැරට ලබාගැනීමයි. නමුත් ඔබට ප්‍රායෝගික ගැටළු තිබේ නම් තන්තුමය ආහාර අතිරේකයක් ලබාගැනීමට පුළුවන්. නමුත් එමගින් හිතකර මෙන්ම අහිතකර බලපෑම්ද එලවීමට ඉඩ තිබෙන නිසා වෛද්‍ය උපදෙස් ලබාගෙන සුදුසු තන්තු අතිරේකයක් ලබාගැනීමයි ඔබ කලයුතු වන්නේ.
ඒ වගේම තන්තුමය ආහාර ගත් පමණින් ඔබගේ තරබාරුව සහ උදරයේ ඇති මේදය ඉවත් වන්නේ නැහැ.. ඔබට නිරෝගි සෞඛ්‍යයක් සහ සිහින් හැඩකාරි සිරැරක් ලබාගැනීමට ඔබට අවශ්‍ය නම් අධික මේදය සහ සීනි අඩංගු ආහාර, ක්ෂණික ආහාර සීමා කිරීමත්, සමබල ආහාර වේලක් ලබාගැනීමත් සහ නිතිපතා ව්‍යායාම් හි නිරත වීමත් වැනි ධනාත්මක වෙනස්කම් ඔබ කල යුතු වෙනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,491
   22

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed