මහදුරු වල ගුණ 5ක්

April 26, 2022
15,714
5 benefits of mahaduru
මහදුරු ඇට කිව්වට මහදුරු කියන්නේ මහදුරු ශාකයේ ඵල යි. ලස්සන සුදු මල් පොකුරකින් ඇතිවෙන මහදුරු ගෙඩිය නැතිනම් ඵලය වේලලා තමයි අපි ආහාරයට ගන්නේ.

අපි අතීතයේ ඉඳලා මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගන්නවා. ඒත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ. අද හඩකාරි කතා කරන්න හිතුවේ මහදුරු වලින් අපට ලැබෙන ප්‍රයෝජන 5ක් ගැන.

පොදුවේ කිව්වොත් මදුරු ඉතාම පෝෂණීය ආහාරයක්, තන්තු වලින් ඉහලයි, ප්‍රතිඔක්සිකාරකයක්, විටමින් සහ ලවන වලින් පොහොසත්. ආයුර්වේදයේ බෙහෙවින් පාවිච්චි කරන අමුද්‍රව්‍යයක්.

1.බැක්ටීරියා සහ දිලීර වලට එරෙහිව සටන් කරනවා
මහදුරු වල බැක්ටීරියා සහ දිලීර වලට සටන් කළ හැකි සංඝටක තියෙනවා. ඒ 'thymol' සහ 'carvacrol' යි.

2.කොලෙස්ට්‍රෝල් පාලනය කරනවා
අධි කොලෙස්ට්‍රෝල් පාලනයට සහ ට්‍රයිග්ලිසරයිඩ් පාලනයට මහදුරු හොඳ ඖෂධයක්.

3.අධි රුධිර පීඩනය පාලනය
අධික රුධිර පීඩනය සහ අධි ආතතිය හදවත් රෝග සහ ආඝාතය ඇති වීමට ප්‍රධාන හේතු යි. පරීක්ෂණ වලින් සොයාගෙන ඇත්තේ මහදුරු වල අඩංගු thymol වලින් හදවතේ නාල අවහිර වීම වලකන බවයි.

4.උදරයේ තුවාල සහ අජීරණ තත්ත්ව වලකනවා
ඇතැම් ඖෂධ නිසා උදර්යේ ඇතිවන තුවාල සුව කරන්න මහදුරු වලට හැකි බව සොයාගෙන තියෙනවා. ඒ වගේම බඩේ අජීරණ තත්ත්ව ද වලකන බව සොයාගෙන තියෙනවා.

5.පෙනහලු වලට
මහදුරු ආහාරයට ගැනීමෙන් පෙණහලුවලට වාතය ගලායාම වැඩි දියුණු කරන බව සොයාගෙන තියෙනවා.

එහෙත් ඝර්භණී මවුවරු අධික ලෙස මහදුරු ආහාරයට නොගත යුතු බවත් කියන්න ඕනේ. එයින් ඝර්භණී කාන්තවන්ට සංකූලතා ඇතිවිය හැකිබව සඳහන් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,589
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,498
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,010
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   71,002
   23

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed