ලෙඩ රෝග ගනනාවකටම සුවය දෙන මේ අහාරය මෙච්චරම හොඳ ඇයි?

May 25, 2018
14,987
Why this food is so good for many diseases?
සිරුරට ඉතා ඉක්මනින් ශක්තිය ලබා දෙන්න පුළුවන් පලතුරක් තමයි කෙසෙල් කියන්නේ. කෙසෙල් වල සුක්රෝස්, ෆෘක්ටෝස් හා ග්ලූකෝස් යන සීනි වර්ග තුනම අඩංගු වෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් සිරුරට ශක්තිය ලබා දෙන්න පුලුවන්. ඒ වගේම එය කෙඳී වලින් සමන්විතයි. ඒ නිසාම කෙසෙල් කියන්නේ දිරවන්නත් හරිම පහසු පළතුරක්.

ගැස්ට්‍රයිටීස් කියන්නේ වැඩිහිටි අපට විතරක් නෙවෙයි ඉස්කෝලේ යන පොඩි දරුවෝ පවා බිලි අරගෙන ඉන්න රෝගී තත්ත්වයක්. වැඩිහිටියන්ටත් වඩා අද වෙද්දී මේ තත්ත්වය පාසල් යන වයසේ දරුවන් තුළ දකින්න පුළුවන්. ගැස්ට්‍රයිටීස් හැදුනම තියෙන අමාරුව දන්නේ ඒක හැදුණු කෙනෙක්ම විතරයි. ඒ වගේද තත්ත්වේ බරපතල වෙලා බඩවැල් වල තුවාලත් හැදුනම? බඩවැල් තුවාල වෙන තරමට ගැස්ට්‍රයිටීස් වැඩි වුන අයට වගේම තවත් ලෙඩ රෝග රාශියකට සුවය දෙන්න පුළුවන් ආහාරයක් තමයි කෙසෙල් කියන්නේ.

ගැස්ට්‍රයිටීස් නිසා ආහාර මාර්ගයේ ඇති තුවාල වලට හොදම පිළිතුරක් තමයි කෙසෙල්. ඒ වගේම ආහාර මාර්ගයේ ඇති වන විවිධාකාර ආසාදනයන්ට සුවය දෙනවා. කෙසෙල් කියන්නේ හරිම මෘදු ආහාරයක්. ඒ නිසා ආහාර මාර්ගයේ ඇති වී තිබෙන තුවාල හා ආසාදනයන් ඉතා ඉක්මනින් අවම කරන්න පුළුවන්. ඒ වගේම කිසිම වේදනාවක් ඇති කරන්නෙත් නැහැ. ආමාශයේ අම්ලකර තත්ත්වයන් නිසා ඇතිවන තුවාල සුව කරන අතරම ආමාශයේ ආම්ලික තත්ත්වයන් අවම කරන්නත් කෙසෙල් වලට පුළුවන්.

ඒ වගේම ගර්භනී ව්වරුන්ටත් කෙසෙල් ඉතාමත් සුදුසුයි. ගර්භනී සමයේදී ශරීර උෂ්ණත්වය ඉහල යන එක සාමන්‍ය තත්ත්වයක්. ඉතින් මේ කාලේදී මවගේ සිරුරේ උෂ්ණත්වය පහත දැම්මේ ශක්තිය කෙසෙල් වලට තියෙනවා. ඒ වගේම දරුවාගේ ශරීරය ඉසිල වෙන්නත් කෙසෙල් ආහාරයට ගන්න එක ඉතාමත් හොඳයි. ඒ වගේම දරු උපතක් අපේක්ෂාවෙන් සිටින මවකගේ සිරුරේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන අපහසුතාවයන් වළක්වන්නත් කෙසෙල් වලට පුළුවන්.

හිමොග්ලොබින් අඩු වීම නිසා ඇති වන නිරක්තියට සුවය දෙන්න කෙසෙල් වලට පුළුවන්. කෙසෙල් වල යකඩ හා පොටෑසියම් අඩංගු නිසා කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ හිමොග්ලොබින් නිශ්පාදනය ඉහළ නංවා ගන්න පුළුවන්. ඒ වගේම කෙසෙල් වල තියෙන පොටෑසියම් නිසා එය රුධිර පීඩනයත් අවම කරනවා. ඒ වගේම ඇති විය හැකි ආඝාත තත්ත්වයන් මර්දනය කිරීමටත් හැකියාව තිබෙනවා.

මේ දේවල් වලට අමතරව මානසික ආතතිය අඩු කරන්නත්, ස්නායු අබාධ වලටත්, මලබද්ධය වැනි තත්ත්වයන් සඳහාත් කෙසෙල් කියන්නේ දිව්‍ය ඖෂධයක් වගේ දෙයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,491
   22

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed