කොච්චර දේවල් ගැන දැනගෙන හිටියත් මේ දේ ගැන දැනගෙන හිටියේ නෑ නේද?

June 13, 2018
11,789
Did you know about your smile
අපිට සරලවම කරන්න පුළුවන් ගොඩක් දේවල් ගැන සමහර වෙලාවට අපි හිතන්නේ හරිම සංකීර්ණ  විදිහට. ඒ විතරක් නෙවෙයි අපිට එන ප්‍රශ්න උනත් අපි විසඳගන්න පාවිච්චි කරන්නේ සංකීර්ණ ක්‍රම. මේ නිසා අපිට ඉක්මනින් පහසුවෙන් කරගන්න පුළුවන් ගොඩක් දේවල් අමාරුවෙන් අපහසුවෙන් තමයි කරගන්න වෙන්නේ. අපි හිතනවනේ අපි ගොඩක් දේවල් දන්නවා කියලා මේ හින්දම තමයි අපිට අපි ළඟම තියෙන ගොඩක් හොඳ දේවල් ඉක්මනට අමතක වෙන්නේ. ඒ විදිහට අපිට අමතක වෙන අපි වැදගත් කියලා හිතන්නේ නැති අපි ළඟම තියෙන වැදගත් දෙයක් ගැන තමයි අපි අද කතා කරන්නේ ඒ තමයි අපේ හිනාව. හිනාව නිසා අපිට ලැබෙන මේ පුදුම හිතෙන දේවල් ගැන දැන ගත්තට පස්සේ ආයේ නම් ඔයා කවදාවත් ඔයාගේ හිනාව අමතක කරන්නේ නැති වෙයි.

01. ඔයාගේ ලස්සන වැඩි කරනවා.

අපි හිනා වෙන්නේ නැතුව ඉන්නවට වඩා ඇත්තටම ලස්සනයි අපි හිනාවෙනකොට. අපි හිනා වෙනකොට කවුරු උනත් අපි දිහා බලන්න කැමතියි. මොකද හිනාව අපේ ලස්සන දෙතුන් ගුණයකින් වැඩි කරනවා. හැමෝගෙම ආකර්ශනය ඔයාගේ පැත්තට හරව ගන්න ඔයාට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් දේ තමයි ඔයාගේ හිනාව.

02. ඔයාගේ මනස සැහැල්ලු කරනවා

අපිට අපේ සතුට පෙන්නන්න තියෙන හොඳම දේ තමයි හිනාව කියන්නේ. අපිට දුක හිතේ හැම වෙලාවකම අපි හොයන්නේ හිනාවෙන්න පුළුවන් අවස්ථාවක්. මොකද හිනාව අපේ ඔලුවෙන් දුක අයින් කරලා ඔලුව සැහැල්ලු කරනවා. සමහර අය හිතන්නේ හයියෙන් හිනාවෙන එක විකාරයක් කියලා. මේ නිසා මේ අය ඒ අයගේ හිනාව හැම වෙලාවකම පාලනය කරගන්නවා. හැබැයි මේ අය නොදන්නා දෙයක් තමයි හයියෙන් හිනාවෙන අය හිනා නොවෙන ගොඩක් අයට වඩා නිරෝගීයි.

03. ඔයාගේ හදවතට හොඳයි

හිනාව හදවත සතුටින් පුරවනවා වගේම. අපේ හදවත සුරකිනවා. අපි හිනා වෙනකොට අපේ රුධිර පීඩනය නිවැරදි විදිහට ක්‍රියාත්මක වෙලා මුළු ශරීරය පුරාම නිවැරදිව රුධිරය ගමන් කරනවා. මේ නිසා අපේ හදවත ලෙඩ රෝග ගණනාවකින් ආරක්ෂා වෙනවා. ඔයාගේ හිනාව නිසා ඔයාට හදවත් රෝගයක් ඇතිවෙන්න තියෙන අවධානම 50% කින් අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි ඔයාගේ හිනාව ඔයා හදවතින්ම පිරිසිදු කෙනෙක් කියලා අනිත් අයට පෙන්නනවා.

04. ඔයාගේ මාංශපේශීන් සැහැල්ලු කරනවා

මේකත් හිනාව නිසා අපේ නිරෝගී කමට ලැබෙන දෙයක්. අපි මොකක් හරි ප්‍රශ්නෙකින් ඉන්නකොට අපේ මාංශ පේෂීන් තියෙන්නේ හිරවෙලා. ඉතින් ඒ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා අපි හිනා වෙනකොට අපේ මාංශ පේශීන් සැහැල්ලු වෙනවා. 
මේක හරියට තමන්ම තමන්ට හොඳ මසාජ් එකක් කරගන්නවා වගේ වැඩක්. ඒ නිසා ලෝබ නැතුව හිනා වෙනකොට හොඳට හිනාවෙන්න.

05. හොඳම වේදනා නාශකයක්

මේ කියන්නේ හිනා වෙනකොට අපේ දුක නැතිවෙන එක ගැන විතරක් නෙවෙයි. අපි හොඳට හිනා වෙනකොට ශරීරය තුල අපේ වේදනාවන් අඩු කල හැකි හෝර්මෝනයක් නිෂ්පාදනය කරනවා. මේ නිසා හිනාවෙන් පුළුවන් අපේ වේදනාවන් පාලනය කරගන්න. ඉතින් හිතේ විතරක් නෙවෙයි ඇගේ වේදනාවක් දැනෙන කොටත් හොඳට හිනාවෙන්න. ඔයාට අනිවාර්යෙන් හොඳ සහනයක් ලැබෙයි.

06. ඔයාගේ පෙනහළු වලට හොඳ ව්‍යායාමයක් ලබා දෙනවා

ඔයා කවදාවත් හිතලා නැති වුනාට හොඳ හිනාවකට පුළුවන් අපේ පෙනහළු පිරිසිදු කරලා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් අපේ ශරීරය පුරා බෙදා හරින්න. ඔයා වැඩි වැඩියෙන් හිනා වෙනකොට ඔයාට දවස පුරාම ලොකු ශක්තිමත් බවක් දැනෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක ඔයාගේ නින්ද සම්බන්දව තියෙන ප්‍රශ්න ගොඩකටත් හොඳ විසඳුමක්. හිනාව ඔයාට හොඳ නින්දක් අනිවාර්යෙන්ම ලබාදෙනවා. ඒ නිසා හැම දෙයක්ම අමතක කරලා හිනාවෙන් දවස ගෙවන්න ඔයත් අද ඉදලම පුරුදු වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,491
   22

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed