බඩ පිපීම නිසා ඔබත් නිතර නිතර පීඩාවට පත්වනවාද? එසේනම් මෙන්න පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම

March 16, 2022
9,022
The fastest way to relieve bloating
බොහෝ දෙනා ආහාර ගැනිමෙන් පසු බඩ පුරවා දැමීම නිසා පීඩා විඳිනවා. එය Distension, Puffiness, Bloating ආදි විවිධ නම් වලින් හඳුන්වනු ලබනවා.. බඩ පිපුමට හේතුව ලෙස වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී බඩවැල් තුල සිටින බැක්ටීරියා විසින් කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කිරීමත් එය ජීර්ණය කළ නොහැකි වායුවක් බැවින් උදරය තුලදි පුරවා දැමීමේ ස්වභාව‍යක් දනවන බවයි. මෙම ක්‍රියාවලිය පාන් සෑදීමේ ක්‍රියාවලියට සමාන වබ බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.. පාන් සෑදීමේදි පිපුම් කාරකයක් ලෙස එක් කරන ඊස්ට් මගින් කාබොහයිඩ්‍රෙට් මුදවා හැරීමත් මගින් පිටි පිපීම සිදුවනවා.

සාමාන්‍ය‍යයෙන් ඔබ ආහාර ගැනීමෙන් පසු ඒවා ජීර්ණ ක්‍රියාවලීයේ අවසාන අවස්ථාව තුළදි බඩ පිපුම් තත්ත්වයන් ඇති වනවා. එයට ප්‍රථිකාර ලෙස ලබාගන්නා ඖෂධ මගින් සුවයක් ලැබීමටද වේලාවක් ගතවන බැවින් ඔබ ප්‍රතිකාර පිළිබඳව සිතා බැලිමට පෙර මේ තත්ත්වය අවම කරගන්න ක්‍රියා කරන්න ඕනේ. එමනිසා පහත ක්‍රමයන් මගින් ඔබට බඩ පිපුම් තත්ත්ව ඇතිවීම වළක්වා ගැනීමටත් බඩ පිපුම් තත්ත්වයන්ගෙන් සුවයක් ලබාගැනීමත් හැකියාව ලැබෙනවා.


බඩ පිපුම සඳහා පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම

1. අමු එළවලු ආහාරයට ගැනීමට වඩා පිස, තම්බා, රෝස්ට් කර ආහාරයට එක්කර ගන්න.

2. බෝංචි විවිධ ආහාර වට්ටෝරුවලට එක්කිරීමට පෙර හොඳින් පිසින්න.

3. ආහාර ගන්නා විට කලබලයෙන් නැතුව හොඳින් වේලාව ගෙන සපමින් ඒවා රසවිඳින්න.

4. ආහාර ජීර්ණ මාර්ගයට අතිරික්ත වාතය ඇතුළුවීම වැලැක්වීමට ආහාර ගන්නා අවස්ථාවෙ කතා කිරීමෙන් වැළකී සිටින්න.

5. ඔබ තුල බඩ පිපුම් ස්වභාවයක් ඇතිකරන ආහාර වර්ග හඳුණා ගැනිමට ඒවා ලැයිස්තු ගතකර තබා ගන්න.

6. දිරවීම පහසු කරන ඉහළ කෙඳි ප්‍රමාණයක් සහිත ආහාර කුඩා ප්‍රමාණ වශයෙන් දිනයේ සෑම ආහාර වේලක් සඳහාම එක්කර ගැනීමට උත්සාහ කරන්න.

7. දිනපතා උදෑසන උණු වතුර කෝප්පයක් හෝ තේ පානය කර ඉන් පසු දවස පුරා ප්‍රමාණවත් පරීදි ජලය පානය කරන්න.

8. දිනපතා නියමිත වේලාවකදී ආහාර ලබාගැනීමට හුරුවන්න.

9. ආහාර වල අඩංගු සීනි ජීර්ණය සම්බන්ධ ගැටළු ඇති පුද්ගලයන් විශේෂයෙන් කිරි ආහාර වලට බඩ පිපෙන අයට (lactose intolerance) කිරි ආහාර සීමා කිරීම, ලැක්ටේස් එන්සයිම් (lactase enzyme) පෙති, පව්ඩර්, දියර ආහාර වේලට එකතු කරගන්න පුලුවන්..

10. බඩ පිපුම සඳහා ඉක්මන් සහනය ගෙන දෙන ඖෂධ වර්ගයක් වෛද්‍ය උපදෙස් මත ළඟ තබාගෙන අවශ්‍ය අවස්ථාවලදී ලබාගැනීම.

ඉහත සදහන් ක්‍රම මගින් ඔබට පහසුවෙන් බඩ පිපුම තත්ත්වයෙන් ඉක්මන් සහනය ලබාගත හැකි අතර ඔබගේ දෛනික ජීවිතයට බාධාවක් වෙමින් ඔබ නිරන්තරයෙන් බඩ පිපුම තත්ත්වය අත්විදිනවා නම් වෛද්‍ය උපදෙස් කරා යොමුවීම සුදුසුවනවා.. ඉක්මන් කෘත්‍රිම ක්‍රම වලට යනවාට වඩා ඔබට බඩ පිපුම වළක්වා ගැනීමේ ඉහත ක්‍රමයන් අත්හදා බැලිය හැකියි.. නැතිනම් වෛද්‍ය උපදෙස් ලබාගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed