කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න නම් මේ ආහාර අදම ආහාරයට එකතු කර ගන්න

November 28, 2017
68,813
Eat these food to avoid the risk of getting cholesterol
කොලෙස්ටරෝල් කියන්නේ දැන් අපිට උණ හෙම්බිරිස්සාව තරමටම සමීප ලෙඩ රෝග වලින් එකක්. කොලෙස්ටරෝල් ඇති වෙන්න හේතු වෙන්නේ මොන තත්ත්වයන්ද කියන එක වගේම කොලෙස්ටරෝල් අවදානමට ලක් වුණු කෙනෙක් ලඟින් දිස් වෙන රෝග ලක්ෂණ මොනවද කියන එක ගැනත් කලින් ලිපියකින් ඔයාව දැනුවත් කර නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න තියෙන හොඳම ආහාර මොනවද කියන එක ගැන තමයි මේ කියන්නේ.  දැනටමත් කොලෙස්ටරෝල් වැළඳුනු කෙනෙක්ට වගේම ඒ රෝගය ඇති වෙන්න කලින් ඒ අවදානමෙන් මිදෙන්නත් මේ ආහාර වර්ග නැතුවම බැහැ. 

1. ග්‍රීන් ටී 

 ග්‍රීන් ටී ධමනි පිරිසිදුව හා සෞඛ්‍යසම්පන්නව තබාගැනීමට ඉතාමත් වැදගත් වෙනවා වගේම හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම එහි ප්‍රතිඔක්සිකාරකත් අඩංගු වෙනවා. කිරීටක ධමනි සිහින් වීමේ රෝගය වැළඳීමේ අවධානම ග්‍රීන් ටී මඟින් අවම කරනවා. ග්‍රීන් ටී වල අඩංගු රසායනිකයන් රුධිර නාල වල නිසි ක්‍රියාකාරිත්වයට වැදගත් වන නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න ග්‍රීන් ටී හොඳ විසඳුමක්. කොලෙස්ටරෝල් අවදානමට දැනටමත් ලක් වුණු කෙනෙක් දිනපතා ග්‍රීන් ටී කෝප්ප 2-3 ක් පානය කිරීම වරදක් නැහැ.

2. නිවිති

නිවිති කියන්නේ කොලෙස්ටරෝල් වගේම බොහොමයක් ලෙඩ රෝග වලට සුවය දෙන ඖෂධිය ගුණය අතින් ඉතා ඉහළ පලා වර්ගයක්. නිවිති වල අඩංගු නයිට්‍රික් ඔක්සයිඩ් ධමනි සංකෝචනය වීමට එරෙහිව ක්‍රියාකරන අතරම රුධිරය කැටි ගැසීම මේදය තැන්පත්වීම වළක්වමින් හෘදයාබාධ ඇති වීම අවම කරනවා.

නිවිති වල අඩංගු විටමින් A සහ C, පොටෑසියම් සහ ෆෝලික් අම්ලය  මගින් අහිතකර කොලෙස්ටරෝල් ධමනි බිත්ති තුල තැන්පත් වීම වලක්වන බැවින්, ධමනි සිහින්වීමේ අවධානම අඩු කරනවා. නිවිති ව්‍යාංජනයක් ලෙස හෝ දිනපතා නිවිති කොළ හුමාලයෙන් තම්බා ආහාරයට එකතු කර ගන්න ඔයාට පුළුවන්.

3. සුදුළූණු  

ස්වාභාවිකව හා අතුරු අබාධ නැතිව ධමනි පිරිසිදු කිරීමට උපකාරී වෙන වටිනා ඖෂධයක් තමයි සුදුළූණු. හෘද රෝග සහ රුධිර නාල අවහිර වීම වැළැක්වීමටත්, රුධිරයේ අඩංගු අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්නත්, රුධිර නාල විශාල කිරීම, රුධිර සංසරණය වැඩි කිරීමටත් සුදුළූණු ඉතා වැදගත්. දැනටමත් කොලෙස්ටරෝල් වැළඳුනු කෙනෙක් දිනපතා මී පැණි සමඟ හිස් බඩට සුදුළූණු අහාරය හෝ ආහාර පිළියෙළ කිරීමේදී සුදුළූණු ආහාර වලට එකතු කර ගන්න අමතක නොකළ යුත්තක්. 

4. අලිගැට පේර 

අලිගැට පෙර කියන්නේ මේදය අඩංගු ආහාරයක් නිසා කොහොමද කොලෙස්ටරෝල් වලට හිතකර වෙන්නේ කියලා ඔයා හිතනවා ඇති. අලිගැටපේර වල අඩංගු වෙන්නේ හිතකර මේදය. ඒ වගේම රුධිර පීඩනය අවම කරන පොටෑසියම් සහ එහි අඩංගු අනෙකුත් වැදගත් පෝෂක, රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් අඩු කර ධමනි අවහිරවීම වලක්වන හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිකරනවා. 

5. සව් 

රසවත් වගේම ඉතාමත් ගුණවත් ආහාරයක් තමයි සව් කියන්නේ. සව් වල ඔමේගා-3 මේද අම්ල, තන්තු, අඩංගු වන නිසා සව් හදවතට වඩාත් ගුණදායකයි. අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීම, රුධිර පීඩනය පාලනය කිරීම සහ ධමනි පිරිසිදු කිරීමේ හැකියාව සව් වලට තියෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to have a falling hair
   16,905
   37

කඩා හැළෙන හිසකෙස් ලබා ගන්න කැමති ද?

කඩා හැලෙන හිස කෙස් ඔයාගේ මුහුණට විශේෂ පෙනුමක් ලස්සනක් එකතු කරනවා. ඉතින් කාන්තාවක් විදිහට ඔයා ඔයාගේ කෙස් කළඹ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම නම් අත්‍යවශ්‍යයි. ඔයාගේ කෙස් කළඹ නිරෝගීව සහ කඩා හැලෙන ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න හැඩකාරී අපි අද තීරණය කළා
Symptoms to say you are pregnant
   43,773
   34

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Changes in your body if you consume cod-liver oil daily
   92,172
   31

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   6,986
   29

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
One major effect of fasting
   3,798
   27

නිරාහාරව සිටීමෙන් උදරයට ඇතිවන අති විශාල බලපෑමක්

බර අඩුකර ගැනීමේ වුවමනාව, කාර්‍යබහුලත්වය ආදී නොයෙකුත් හේතූන් නිසා බොහෝ දෙනා ආහාරවේල් මගහරිනවා. එමගින් ඔබගේ බඩවැල් ආශ්‍රිතව ඇතිවන තත්ත්වයන් පිළිබද බොහෝදෙනා දැනුවත් නැහැ.. අද හැඩකාරි අප ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ නිරාහාරව සිටියහොත් ඔබට ලැබෙන ප්‍රයෝජනයක් පිළිබදවයි..

Latest Articles

Most Viwed