කිහිලි යට ඇති කළුවීම ඔයාටත් ප්‍රශ්නයක්ද? මෙන්න ස්වභාවික විසඳුම් කිහිපයක්

February 8, 2019
17,381
Natural remedies for dark underarms
කාන්තාවන් අතරින් බොහෝ දෙනෙක් මුහුණ පාන ගැටළුවක් විදිහට අත්යට කළුවීම දකින්න පුළුවන්. සමහර වෙලාවට ඔයත් මේ ප්‍රශ්නයට මුහුණ පාමින් ඉන්නවා වන්න පුළුවන්. කිහිලි යට කළුවීම ඔයාගේ පෙනුමට බාධාවක් වගේම බොහෝ අවස්ථාවලදී ඔයාව අපහසුතාවයට පත් කරන්නත් හේතුවක් වෙනවා. විලාසිතාවන් අතරේ වැඩි තැනක් වෙන් වෙන්නේ අත් රහිත, පටි විලාසිතාවන්ට නිසා තැනකට යන්න ඇඳුමක් අඳින්න ගියාම ඔයා අපහසුතාවයට පත් වුන වෙලාවල් ඇති. ඉතින් මේ නිසා යුවතියන් අත් නැති ඇඳුම් අඳින්න මැලිකමක් දක්වනවා. අද හැඩකාරී අපි ඔයාට වෙලෙඳපොළේ ඇති මිලෙන් අධික ක්‍රීම් වර්ග මිලදී ගෙන ප්‍රතිකාර කරනවාට වඩා ගෙදරදීම එදිනෙදා හමුවන ස්වභාවික අමුද්‍රව්‍යවලින් ඔයාගේ අත්යට කළු වූ ප්‍රදේශය පැහැපත් පෙනුමක් ලබා ගැනීමට කළ හැකි ප්‍රතිකර්ම කිහිපයක් ගැන කියා දෙන්නට හිතුවා.

දොඩම් ලෙලි

අවශ්‍ය ද්‍රව්‍ය :
දොඩම් ලෙලි කුඩු තේ හැඳි 3 
රෝස වතුර තේ හැඳි 2 
කිරි තේ හැඳි 1

පළමුව දොඩම් ලෙලි අව්වේ වේලා ග්‍රයින්ඩරයක් ආධාරයෙන් හොඳින් කුඩුකර ගන්න. කුඩු කර ගත් දොඩම් ලෙලි, රෝස වතුර සහ කිරි එක් කර මිශ්‍ර කරන්න. පසුව අත් යට සෝදා පිරිසිදු කර ගෙන කිහිලි යට ආලේප කරන්න. විනාඩි 15 කින් පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න. කිහිලි යට ඇති කළු පැහැය ඉවත් කර සම පැහැපත් කර ගැනීමට භාවිතා කරන අපූරු සත්කාරයක්.

අර්තාපල්

අර්තාපල් කියන්නෙත් අත් යට අඳුරු පැහැය ඉවත් කරන්න යොදා ගන්න පුළුවන් තවත් ගොඩක් හොඳ ප්‍රතිකර්මයක්. අර්තාපල් වල තියෙන ස්වභාවික බ්ලීචින් අත් යට කළු පැහැය නැති කර ගැනීමට උපකාරී වෙනවා. සිහින් අර්තාපල් පෙත්තක් ගෙන අවපැහැ වුණු ප්‍රදේශවල අතුල්ලා සිහිල් ඇල් ජලයෙන් සෝදා හරින්න. ක්‍රමානුකූලව දින කිහිපයක් මෙම සත්කාරය  කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

කිරි

අවශ්‍ය ද්‍රව්‍ය :
කිරි ස්වල්පයක් 
මුදවපු කිරි ස්වල්පයක්
අත්යට ඇති අඳුරු පැහැය ඉවත් කිරීමට හැකි විටමින් හා විශේෂ අම්ලයන්ගෙන් කිරි සමන්විත වෙනවා. ඒ නිසා ඔයාගේ අත්යට ඇති අඳුරු පැහැය නැති කිරීමට කිරි උපකාරි වෙනවා. කිරි මුදවපු සහ කිරිත් සමඟ මිශ්‍ර කර අත් යට ආලේප කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තියෙනවා. කිරිවල ඇති ලැක්ටික් නම් අම්ලයට සම පැහැපත් කිරීමේ හැකියාව තියෙනවා.
 
පොල්තෙල්

පොල්තෙල් අත් යට අඳුරු බව ඉවත් කරන්න තවත් හොඳ විකල්පයක්. පොල්තෙල් වල විටමින් අඩංගු නිසා ස්වභාවිකවම සම පැහැපත් කිරීමට උපකාර වන අතරම ස්වභාවික ඩියොඩ්රන්ට් එකක් ලෙසත් ක්‍රියා කරනවා. අඳුරු වූ අත්යට පොල්තෙල් ආලේප කර විනාඩි 10 ක් 15 ක් පමණ තිබෙන්නට හැර මෘදු සබන් යොදා සෝදා හැර පිරිසිදු රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කරන්න.

විශේෂයෙන්ම මතක තියා ගත යුතු කාරණාවක් වනුයේ  අත් යට දහදිය හා කුණු දූවිලි ඉවත් වන විදියට හොඳින් පිරිසිදු කර ගැනීමෙන් පසුව සත්කාර කරන්න ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1257 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:42:11 AM
Script:/article/1257/natural-remedies-for-dark-underarms.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:42:11 AM
Script:/article/1257/natural-remedies-for-dark-underarms.html