ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

August 14, 2022
17,264
5 skin care tips for your neck
බොහෝ යුවතියන් තම රූ සපුව කෙරෙහි බෙහෙවින් අවධානය යොමුකරන අතර ඉනුත් මුහුණේ සම රැකවරණය පිළිබඳව ඉතාමත් සැලකිලිමත් වෙනවා. නමුත් ඒ හා සමාන අවධානයක් බෙල්ල ආශ්‍රිත සම සඳහා ඔබ ලබාදෙනවාද.. ඔබගේ මුහුණ කෙතරම් සුරූපි වුවත් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් ඔබ අපේක්ශා කරන ප්‍රථිපල ඔබට නොලැබී යනවා නේද?

එසේ නම් මෙන්න ඔබගේ බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්..

හිරු කිරණින් ආරක්ෂා වෙන්න
හිරු එළියේ ඇති අහිතකර පාරජම්බූල කිරණ මගින් එල්ලවන බලපෑම නිසා ඔබගේ ගෙල ආශ්‍රිත සියුම් සම අඳුරු පැහැ වීම සිදුවෙනවා. එමනිසා දිවා කාලයේ නිවසින් පිටතට යාමට පෙර නිසි ප්‍රමිතියකින් යුතු හිරු ආලේපනයක් හෙවත් සන්ස්ක්‍රීන් ආලේපනය වර්ගයක් ආලේප කරන්න. එමගින් සම අවපැහැ ගැනීම පාලනය කරගත හැකි වෙනවා.



මැරුණු සම ඉවත් කරන්න
බෙල්ලේ සම මත මැරුණු සෛල, කුණු දූවිලි ආදිය තැන්පැත් වී තිබීම නිසා සම අඳුරු පැහැ වෙනවා. එමනිසා ඔබ මුහුණ සඳහා භාවිතා කරන ස්ක්‍රබ් වර්ගයක් භාවිතා කර සමෙහි මැරුණු සෛල ඉවත් කල යුතුවෙනවා. ඒ වගේම විටමින් C අඩංගු මොයිස්චරයිසින් ආලේපනයන් මගින් නැවුම් සෛල වර්ධනය වීම සඳහා සහය වෙනවා.

සම රැකවරණයට අවශ්‍ය විටමින් ලබාගන්න
සම සඳහා වඩාත් සුදුසු පෝෂකයක් වන්නේ කොලජන් වන අතර ඉන් සමට අවශ්‍ය තරුණ පෙනුම ලබාදෙනවා. විටමින් C, Omega-3 සහ Omega-6 වැනි පෝෂකයන් මගින් ස්වභාවිකවම ඔබේ ශරීරය තුළ කොලජන් නිපදවීමට සහය වෙනවා. එමනිසා රාත්‍රියේ නින්දට යාමට පෙර Omega-3 සහ ඔමෙගා 6 ලබාගැනිම වඩාත් සුදුසු වෙනවා. එමගින් ඔබගේ සමෙහි සෛල අලුත්වැඩියා කරනවා.



AHA අම්ලය රූපලාවන්‍ය සත්කාර සඳහා එක්කර ගන්න
AHA හෙවත් Alpha Hydroxy Acid මගින් ඔබේ බෙල්ල ආශ්‍රිත සමේ වියළි බව දුරුකර සමේ තෙතමනය ආරක්ශා කර දෙනවා. විශේෂයෙන් එහි අඩංගු විටමින් A සම වියළීමට එරෙහිව සමමත තෙතමනය රදවා සිටිනවා.

නිසි රූපලාවන්‍ය ආරක්ෂණ ක්‍රම පිළිපදින්න
ඔබට ආවේණික සමට ගැලපෙන රූපලාවන්‍ය පුරුදු සකස් කරගන්න. දිනපතා සම පිරීසිදු කිරීම, සමේ ආරක්ශාවට සන්ස්ක්‍රීන් ආලේපය, තෙතමනය රැකගැනීමට මොයිස්චරයිසින් ආලේප කිරීම, සතියකට වරක් හෝ දෙවරක් මැරුණු සම ඉවත් කර සමට අවශ්‍ය පෝෂණය ලබාදෙන ෆේස්පැක් එකක් ගැල්වීම වැනි දෑ ඔබගේ සම නීරෝගිව තබාගැනීමට ඉතා වැදගත් පියවරයන් වෙනවා. ඊට අමතරව සමට අවශ්‍ය පෝෂණය ලබාගැනීමට සමබර ආහාර වේලක් ලබාගැනීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම වැනි දෑ ඔබගෙ දෛනික කාලසටහනට එක්කරගත යුතු වෙනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   39,827
   24

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   39,679
   22

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Dress patterns for flower prints
   56,015
   21

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Food to regulate your menstrual circle
   37,835
   20

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Changes in your body if you consume cod-liver oil daily
   86,937
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි

Latest Articles

Most Viwed