ඔයාගේ පෙනුමට හානි කළ හැකි පුරුදු වලින් මිදෙන්න ඔයාට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි

June 26, 2020
6,867
Bad habits that destroy your look
යුවතියන් දිනපතා මේ දේවල් කිරීමෙන් කාන්තාවකට හිමි සුන්දරත්වය බලාගෙන ඉද්දීම නැති වී යන්න ඉඩ තියෙනවා. වයසට යාමේ ක්‍රියාවලියෙදී මෙම හේතුන් සැලකිය යුතු ලෙස බලපානවා. අද හැඩකාරී අපි ඔයාට ඔයාගේ පෙනුමට හානි කළ හැකි මේ පුරුදු වලින් මිදී තරුණ පෙනුම සදහටම රැක ගන්න විදිහ ගැනයි මේ ලිපියෙන් කියන්න හිතුවේ.. 

1. පෝනිටේල් එක කියන්නේ ඔයාගේ ප්‍රියතම කොණ්ඩා මෝස්තරයද?
ඔයා කොණ්ඩය තදින් ඇද පොනිටේල් එක දමන එකෙන් නම් අනාගතයේ දිනක හිසකෙස් ගැලවී යාම හා තට්ටය මතු වීමට හේතු වෙන්න පුළුවන්. ඔයාගේ කොණ්ඩය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් පෝනිටේල් එක ලිහිල් කර ගැට ගැසීම වඩා හොඳයි.

2. ඔයා ඕනෑවට වඩා කිරි බොනවාද?
ඔයා කිරි සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතු යැයි කිසිවෙකු පවසන්නේ නැහැ. කොහොම වුණත් අධික ලෙස කිරි පරිභෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිවිපාක ගැන දැනුවත් වුණොත් හොඳයි. කිරිවල තෙල් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වයක් ඇති කරන androgens අඩංගුයි. එහි ප්‍රතිඵලයක් ලෙස, සම පෙනුමට වෙහෙසකාරී බවක් පෙන්වයි. 

3. ඔයා සන්ස්ක්‍රීන් ආලේප කරන්නේ ඔයාගේ මුහුණට විතරද?
බොහෝ කාන්තාවන් දැනටමත් සන්ස්ක්‍රීන් ආලේප කිරීමට පුරුදු වී සිටියත් ඔවුන්ට දෑත් අමතක වෙනවා. මේ අතර, සම වයසට යාම හා මේදය අඩුවීම සඳහා පාරජම්බුල කිරණ බලපාන අතර ඊට අමතරව එම කිරණ මගින් වයස්ගත ලප සහ රැළි සහිත අත් පෙනෙන්නට පටන් ගන්නවා. ඒ නිසා ඔයාගේ අත්වලට සන්ස්ක්‍රීන් ආලේප කිරීමට අමතක කරන්න එපා. විශේෂයෙන් බෙල්ල සහ පපුව මතත් සන්ස්ක්‍රීන් භාවිතා කිරීමට මතක තබා ගන්න.

4. ඔයා කැමති ඔයාගේ කකුල් එකිනෙක මත පටලවා වාඩි වී සිටින්නද?
කකුල් වල ඇති වෙරිකෝස් නහර රුධිර වාහිනී සම්පීඩනය හා රුධිර සංසරණ ආබාධවල ඍජු ප්‍රතිඵලයකි. මෙම ඉරියව්ව ගර්භනී කාන්තාවන්ටත් අතිශයින්ම හානිකරයි. කකුල් එකිනෙක මත පටලවා වාඩි වීම වෙනුවට සුවපහසු පුටුවක හෝ නිවසේ යහනක මත වැතිරී පාද දිගු කර ගැනීමේ පුරුද්දක් ඇති කර ගත හැක.

5. හිසකෙස් තෙත් වූ විට පීරනවද?
මෙමඟින් හිසකෙස් කැඩී යන්න බලපානවා. කෙස්වලට හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා, පළමුවෙන් හිසකෙස් තුවායෙන් පිසදා වියළා ගන්න. වේලා ගත් පසුව කොණ්ඩය පීරා මෝස්තර කිරීමට ආරම්භ කරන්න.

6. ඔයා හිස කෙස් සඳහා ඉහළම උෂ්ණත්වයක් භාවිතා කරනවද? 
හිසකෙස් අධික උෂ්ණත්වයකට නිරාවරණය වන විට (කෙස් වියළා ගැනීමට, රැළි කිරීමට හෝ ස්ට්‍රේට් කිරීමට) ඔයාගේ හිසකෙස් තුළ කුඩා බුබුළු සාදයි. මෙම බුබුළු මගින් හිසකෙස් වියළීම හා කැඩීම සිදු වෙයි. මෙය වළක්වා ගැනීම සඳහා, හෙයාර් ඩ්‍රයර් එක හිසකෙස්වල සිට සෙන්ටිමීටර 15 ක් වත් දුරින් තබා ගන්න සහ උෂ්ණත්වය මධ්‍යම මට්ටමට සකසන්න.

7. දෑස් අතුල්ලන්න කැමතියිද?
මෙම නරක පුරුද්ද මගින් ඔයාගේ ඇහිබැමි වලට හානි කරයි. ඒවා ඉක්මණින් හැලී යයි. ඔයාගේ ඇස් යට සමටත් හානි කළ හැකියි. ඇස් දෙක රතු පැහැයට හැරී ඔයාව වෙහෙසට පත් කරයි. ඒ නිසා හැකි තරම් අත් ඇස් වලින් දුරස් කර තියන්න.

8. ඔයා අමනාපකම් හිතේ තියාගෙන ඉන්නවද?
සමාව දීම සහ ශාරීරික සෞඛ්‍යය අතර සම්බන්ධයක් ඇති බව අධ්‍යයනයකින් සොයා තියෙනවා. ඔයාට අමනාපය නැවැත්විය නොහැකි නම්, ඔයාගේ පෙනුම වයසටත් වඩා වැඩි පෙනුමක් එක් කරයි. බර වැඩිවීම, රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ නැංවීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරයි.

9. මුහුණ ස්පර්ශ කිරීමේ පුරුද්දක් ඔයාට තියෙනවද?
කම්මුලට අත තැබීම, නාසය සීරීම, නිකට අතුල්ලමින් සිටීම මගින් සමට හානි ගෙන එයි. නිරන්තරයෙන් සිදු කිරීමෙන් සම රැළි වැටීමට තුඩු දෙන අතර අපිරිසිදු දෑතින් එය කළහොත් ඔයාට ආසාදනයක් ඇති වී කුරුලෑ ඇති විය හැක. මෙම පුරුද්දෙන් මිදීමට උත්සාහ ගන්න.

10. ඔයා වැඩිපුර පෝෂණීය ක්‍රීම් ආලේප කරයි
 වැඩිපුර භාවිතා කරන්නේ නම් හොඳම ක්‍රීම් පවා සමට හානි කළ හැක. ඉතිං ක්‍රීම් තට්ටු ගණන් යොදන්න එපා. සමට එවැනි ක්‍රීම් තට්ටුවක් යට හුස්ම ගත නොහැකි අතර එමඟින් ඉදිමීම, ඇස් යට අඳුරු කව සහ  සම දුර්වර්ණ විය හැක. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1670 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:04:58 AM
Script:/article/1670/bad-habits-that-destroy-your-look.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:04:58 AM
Script:/article/1670/bad-habits-that-destroy-your-look.html