තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග සඳහා නුසුදුසු ආහාර වර්ග 7ක්

November 4, 2021
8,469
7 worst foods for thyroid disease
ඔබගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය, හෘද ස්පන්දනය, වර්ධනය, අභ්‍යන්තර උෂ්ණත්වය පාලනය සඳහා ආදි තවත් බොහෝ දෑ සඳහා අත්‍යවශ්‍ය හෝමෝන වර්ග නියාමනය කරනු ලබන හෝමෝන උත්පාදනය තයිර්‍රොයිඩ් ග්‍රන්ථිය මගින් සිදුකරනු ලබනවා.. එමනිසා මෙම ග්‍රන්ථිය අකර්මන්‍ය වීමේන් සෞඛ්‍යය ගැටළු රාශියක් ඇතිවනවා.

තයි‍රොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්වයන් ප්‍රධාන වර්ග 2ක් තිබෙනවා..

1. hypothyroidism - මෙහිදී තයිර්‍රොයිඩ් ග්‍රන්ථිය මගින් ප්‍රමාණවත් පරිදි හෝමෝන නිපද නොවන අතර මෙය රෝගයේ ප්‍රාථමික අවස්ථාව ලෙස හැඳින්විය හැක. එමෙන්ම මොළයේ පිටියුටරි ග්‍රන්ථිය මගින් තයිරොයිඩ් හෝමෝනය මුදා හැරීම සඳහා අවශ්‍ය වැදගත් පණිවුඩ තයිරොයිඩ් ග්‍රන්ථියට යැවීමට අපොහසත්වීම මෙම රෝගයේ ද්විතියක අවස්ථාව ලෙස හැඳින්විය හැකිය. මෙම අවස්ථා දෙකෙහිදිම බර වැඩිවීම, තෙහෙට්ටුව, මානසික අවපීඩනය සහ සීතල වැඩිවීම වැනි රෝග ලක්ෂණ දැකිය හැකියි.

2. hyperthyroidism - තයි‍රොයිඩ් ග්‍රන්ථිය මගින් අධික ලෙස හෝමෝන නිකුත් කිරීම hyperthyroidism ලෙස හඳුන්වනවා. රෝග ලක්ශණ ලෙස බර අඩුවීම, චංචල ස්වභාවය, නොසන්සුන්වීම, උණුසුමක් දැනීම සහ හෘද සඵන්දනය අක්‍රමවත් වීම දැකිය හැකියි.

තයිරොයිඩ් ග්‍රන්ථිය ජාන විද්‍යාව අනුව පාලනය වුවත් ඇතැම් අවස්ථාවලදී මානසික ආතතිය, පාරිසරික විෂ ද්‍රව්‍ය සහ ආහාර රටාව මගින් සැලකිය යුතු ආකාරයේ බලපෑමක් එල්ල විය හැකියි.

1. ක්ෂණික ආහාර
ත්‍රයිරොයිඩ් ග්‍රන්ථිය විසින් අප ආහාරවේලෙ අඩංගු අයඩින් භාවිතා කර T3 සහ T4 නමැති හෝමෝන නිපදවීම සිදුකරනවා.. විශේෂයෙන් අයඩින් අවශ්‍ය වන එකම ග්‍රන්ථිය ත්‍රයිරොයිඩ් ග්‍රන්ථියයි.. ක්ෂණික ආහාරවල ලුණු ඉතා අධිකව අඩංගු වන අයඩින් ඉතා සුලු ප්‍රමාණයක් අඩංගු වනවා.. දෛනික අයඩීන් ප්‍රමාණය අයඩීකරණය කළ ලුණු මගින් ලබාගත යුතු වුවත් ක්‍ෂණික ආහාර නිපදවන ආහාර අලෙවිසැල් එම ලුණු භාවිතා නොකරන අතර ඔබ එවැනි ආහාර ගැනීමෙන් අනවශ්‍ය ප්‍රමාණයට ලුනු ශරීරගත වීම පමණක් සිදුවන අතර එය වකුගඩු රෝග සහ අධි රුධිර පීඩන තත්ත්වයන් සඳහා අහිතකර ලෙස බලපානු ලබනවා.

2. සකස්කරන ලද ආහාර
ක්ෂණික ආහාර සඳහා මෙන්ම සකස්කරන ලද මස්වර්ග ඇතුලු ආහාර සඳහා සෝඩියම් විශාල වශයෙන් එක්කරන අතර අයඩින් ඉතා සුලු ප්‍රමාණයක් අඩංගු වනවා. එමගින් හෘද රෝග හා අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම ඉහළ නංවනවා.. එමනිසා හැකි සෑමවිටම අයඩින් අඩංගු ලුණු ආහාරයට ගත යුතුයි.

3. තිරිඟු
තිරිඟු, බාර්ලි වැනි ධාන්‍යයන් හි අඩංගු ග්ලුටන් ශරීරයට ඇතුල් කරගත නොහැකි වීම හෙවත් සිලියාක් රෝගය (Celiac disease) ඇති පුද්ගලයන් හට තයිරොයිඩ් ආබාධ වැළදීමේ වැඩි අවධානමක් ඇත. එමනිසා සිලියාක් රෝගය ඇති නම් ග්ලූටන් වැඩි වශයෙන් අඩංගු තිරිඟු වැනි ධාන්‍ය අඩංගු ආහාර පරිභෝජනය අවම කිරීම වඩාත් සුදුසු වනවා.

4. සෝයා
නිර්මාංශ පුද්ගලයන් සඳහා මස් වෙනුවට පරිභෝජනය වඩාත් සුදුසු ලෙස සෝයා හඳුන්වනු ලැබූවත් මෑතකදී සිදුකරන ලද පරීක්ශණයන්ට අනුව සෝයා ආහාරයට ගැනීම තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු ඇතිකරනවා. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් සිදුවන අයඩින් අවශෝෂනය කරගැනීමේ ක්‍රියාවලියට සෝයා මගින් බලපෑම් එල්ල කරනවා. එමෙන්ම පර්යේෂකයන් පවසන ආකාරයට ඔබට දැනටමත් සිරැරේ අයඩින් ඌණතාවයක් නොමැති නම් සෝයා සාමාන්‍ය ප්‍රමාණයෙන් ආහාරයට ගත හැකියි.

5. මාංශ අවයව
මාංශ අවයව(පීකුදු වැනි දෑ) ආහාරයට ගැනීම නිසා ඒවායේ අඩංගු ලිපොයික් අම්ලය ශරීරයට ලැබෙන අත‍ර එය තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපානු ලබනවා. විශේෂයෙන් දැනටමත් තයිරොයිඩ් ප්‍රථිකාර ලබාගන්නා පුද්ගලයකුනම් විශේෂයෙන් මාංශ අවයව ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු වනවා.

6. ගෝවා කුළයේ එළවලු
බ්‍රොකොලි, ගෝවා, ගෝවා මල්, කේල් වැනි එළවලු තන්තු හා වැදගත් විටමින් සහ ඛනිජ ලවණ අඩංගු පෝෂ්‍යදායි එළවලු ලෙස සලකන අතර පිළිකාවට එරෙහිව සටන් වැදිය හැකි ග්ලූකොසිනොලේට්ස් නම් සල්ෆර් සංයෝගය බහුලව අඩංගු වනවා. නමුත් අයඩින් ඌණතාවයක් ඇතිවිට මෙම එළවලු වර්ග ආහාරයට ගැනීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට බාධා එල්ලකරන බවට පැවසෙනවා. නමුත් ඔබ දැඩිව එම එළවලු වර්ග සඳහා ප්‍රිය කරනවා නම් දිනකට ග්‍රෑම් 100ක් පමණ ආහාරයට ගත හැකි අතර පිසීම මගින් එහි බලපෑම අවම කරගත හැකියි.

7. සීනි සහිත රසකැවිලි
නීරෝගි සෞඛ්‍යයක් සඳහා සිටින පොදු සතුරකු ලෙසටයි සීනි හැඳින්විය හැක්කේ.. අප දිනකට දැනුවත්ව මෙන්ම නොදැනුවත්ව සීනි වැඩි වශයෙන් පරිභෝජනය කරන අතර එමගින් දියවැඩියාව, තරබාරුව, දත් දිරායාම වැනි ගැටළු රාශියක් ඇතිවීමට හේතු වනවා. එමෙන්ම අක්‍රිය තයිරොයිඩ් ග්‍රන්ථිය හේතුවෙන් සිරැරේ පරිවෘත්තීය ක්‍රියාවලිය අඩපණ වන අතර එය බර වැඩිවීම කෙරෙහි හේතුවක් වනවා. එමනිසා ඔබ ගන්නා සීනි ප්‍රමාණය අඩු කිරීම ඔබේ සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කිරීමට සහ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු අවම කරගැනීමටත් උපකාරි වනවා.

හැකි සෑමවිටම හෝ අවම වශයෙන් වේල් 2ක් වත් නිවසේ සකසන ලද ආහාරවර්ග ගැනීමට උත්සාහ කිරීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථි‍යේ ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.. එමෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථි‍ය ආශ්‍රිත බොහෝ රෝග තත්ත්වයන් නිසි ඖෂධ ප්‍රථිකාර මගින් සම්පූර්ණයෙන් සුව කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   56,673
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to reduce under arm sweating
   27,025
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Changes in your body if you consume cod-liver oil daily
   98,298
   17

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How To Make Pani Walalu (Unduwel)
   41,178
   17

අවුරුදු මේසෙට පැණි වළලු

පිටි වර්ග සියල්ලම එකිනෙකට හොදින් මිශ්‍රකරගන්න. පසුව වතුර ටිකෙන් ටික දමා හොදින් අනාගන්න. එම මිශ්‍රණය පැය 6ක් පමන තබන්න
Foods to you should never give your kids
   57,266
   17

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..

Latest Articles

Most Viwed