ගැහැණු ළමයෙක් ඇගේ තනිකඩ ජීවිතය භුක්ති විඳින්න පටන් ගත්තාම වෙන දේවල්

September 4, 2020
12,941
Changes in a girl when she starts to live solo
ගොඩක් ගැහැණු ළමයින් අවුරුදු 16 දී ආගන්තුකයෙකුට, එහෙමත් නැත්නම් පෙම්වතෙක්ට ආදරය කරන්නේ කොහොමද කියලා නොදැනයි ඒ දේ කරන්න පෙළඹෙන්නේ. ඊට පස්සේ තමන් තමන්ටම ආදරය කරන්නේ කොහොමද යන කාරණය ගැන ඔවුන්ට අමතක වෙන්න පටන් ගන්නවා. මොකද දීර්ඝ කාලයක් තිස්සේ තමන්ගේ කැමැත්තෙන්ම ඔවුන්ගේ හැඟීම් පාලනය කරවන දුරස්ථ පාලකය දීලා තියෙන්නේ බොහෝ විට වැරදි අතකටයි.

ඕනෙම් ගෑණු ළමයෙක්ගේ ආදර කතාවක් සැමවිටම ආරම්භ වන්නේ බොලිවුඩ් චිත්‍රපටයක් ලෙසයි. හැබැයි අවසානය ලියවෙන්නේ කොහොමද කියලා කාටවත්ම කියන්න බෑ. ඊළඟට සම්බන්ධතාවය සුරැකීම සඳහා ඇයට සටන් කරන්න වෙන්නේ තනිවමයි. ඉතින් ආගන්තුකයෙක් තෝරා ගන්නා සෑම අවස්ථාවකම තමන්ගේ හදවත බිඳී යන්න පුලුවන් බව වටහාගෙන ආදරය කරන එක වැදගත් කාරණයක්.

අවසානයේදී ඔබට ඔබවම තෝරා ගන්න දිනයක් එයි. ඔව්, ඒකට බොහෝ කාලයක් ගත වෙන්න පුලුවන්. නමුත් ඒක කරන්න. දිගටම මේ ලිපිය කියවන්න, තනිකඩව සිටීමෙන් සතුටක් ලැබීමට පටන් ගත්තාට පස්සේ බොහෝ ගැහැනු ළමයින්ට දැනෙන ආකාරය ගැන අද අපි ඔබට කියන්නම්...

පැහැදිලි මනසක්
වේදනාකාරී සම්බන්ඳතාවයක් නතර කරන්න ඔබ තීරණය කළාට පස්සේ ජීවිතයේදී වඩා වැදගත්ම දේ මොකක්ද කියලා ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඔව්... ඒ මානසික සාමයයි. ඊළඟට ඔබේ ආදරණීය දෙමාපියන් සතුටු කරන්නේ කොහොමද, ඔබේ සාර්ථකත්වය හා යහපැවැත්ම ගැන ඔබට හිතෙන්න පටන් ගන්නවා. ඔබේ ජීවිතය තනිවම ගොඩ නඟා ගන්න ගත්ත තීරණයෙන් පස්සේ ඔබට දැනෙන මේ නිදහස පිළිබඳ හැඟීම පුදුම සහගතයි.

වඩාත් ක්‍රියාකාරී වෙයි
හිතේ දුක්බර සිතුවිලි වලින් හට ගන්න ආතතිය නිසා ඔබට ඔබේ හිස කෙස් ද අහිමි වෙන්න පුලුවන්. ඒ නිසා අසාර්ථක සම්බඳතාවයකින් පීඩා විඳීම නවත්වලා එතනින් එළියට එන්න. ඊට පස්සේ ඔබේම ක්‍රියාශීලී ජීවන රටාවකට මාරු වෙන්න පුලුවන්. ඇවිදින්න යන්න පටන් ගන්න. ඊට පස්සේ සෙමින් දුවමින් ව්‍යායාම කරන්න පටන් ගන්න. එහෙම ඔබේ හිතේ සහ ගතේ විෂ ඉවත් වෙන එක සතුටක් වෙයි. ඔබේ කාලයෙන් විනාඩි 30 ක් ශරීරය වෙනුවෙන් ආයෝජනය කිරීමෙන් ඉතාම හොඳ හැඟීමක් ඇති වෙන්නේ කොහොමද කියලා ඔබට දැනෙයි. ඒක ස්මාර්ට් ආයෝජනයක් ලෙස හඳුන්වන්න පුලුවන්.

ප්‍රමුඛතා වෙනස් කර ගන්න
ඔබ ඔබේ අරමුණු සඳහා වැඩි කාලයක් ආයෝජනය කිරීමට පටන් ගත්තාම ඒවා ඔබේ ජීව්තයේ වර්ධනයට උදව් වෙනවා. ඔබ ඔබේ පවුලේ අය සමඟ කාලය ගත කිරීමට පටන් ගත්තාම, ඔවුන් ද ඔවුන්ගේ හදවත් වල තියන හැඟීම් ඔබට හෙළි කරයි. ඔබ ඔබම ගැන බලා ගන්න පටන් ගත්තාම ජීවිතය දිලිසෙන්න පටන් ගන්නවා. ඒක ඔබට මිල කරන්න බැරි දෙයක්. එම නව පිබිදීම සමඟ ඔබේ ප්‍රගතිය පටන් ගත්තාම ඒවා ඔබේ ජීවිතයේ වඩාත්ම ඵලදායී පුරුදු බවට පත් වෙයි.

නිර්මාණශීලීත්වය නැවත සොයාගන්න
ඔබේ නිර්මාණශීලිත්වය නැවත සොයා ගන්න ඕනේ මොහොත උදා වෙලයි තියෙන්නේ. මේ මුළු විශ්වයම අපට විශේෂ හැඟීමක් ඇති කිරීම සඳහා වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. ඒක වටහා ගන්න උත්සහ කරන්න. ඒ නිසා ඔබේ වටිනාකම් එක් පුද්ගලයෙකුට සීමා කරන්න පුරුදු වෙන්න එපා.

ඔබේ ජීවිතයට අගයන් එකතු කිරීම ආරම්භ කරන්න
විශ්ව‍ය නිතරම ඔබට මතක් කර දෙයි ඔබට ඉගෙන ගැනීමට බොහෝ දේවල් ඇති බව. අවංකවම තව දුරටත් ඔබට දුකෙන් සිටීමට කාලයක් නෑ කියලා අලුත් දේවල් ඉගෙන ගනිද්දී ඔබට දැනෙයි. ඒ නිසා තවදුරටත් විශ්වයට අකීකරු වෙන්න එපා. ඔබ ආසම කරන ඕනේම විෂයක් ඉගෙන ගන්න පටන් ගන්න.
සංගීතය, වැවිලි, කේක් බේකිං, මනෝ විද්‍යාව ආදී ඕනෑම දෙයක් ඉගෙන ගැනීමට පටන් ගන්න. 

දැනුවත් වෙන්න
ජීවිතයේ ගැටලු වලට තිබෙන බොහෝ පිළිතුරු කොතරම් විනාශකාරී හෝ ප්‍රීතිමත් එකක් වුණත් වර්තමානයේ ඔබ ජීවත් වෙද්දී ඕනෙම තත්ත්වයකට මුහුණ දෙන්න තරම් දැනුවත්භාවයකින් ඉන්න. ඔබට අවශ්‍ය අධ්‍යාත්මික වර්ධනයක් ළඟා කර ගැනීමට භාවනාවක් හදාරන්න පුලුවන්. භාවනාවෙන් මනස සන්සුන් කිරීමට ඉගෙන ගන්න පුලුවන්. ඒ හරහා ඔබ අවට ලෝකය සමඟ සුන්දර ශක්තියක් බෙදා ගැනීමට පටන් ගන්නවා. අනෙක් අය සමඟ වඩා හොඳින් සම්බන්ධ වෙන්නත් පුලුවන් වෙනවා.
ඔබේ ජීවිතය පිළිබඳව අනිත් අයට දොස් පැවරීම නවත්වන්න. ඔබේ ජීව්තයේ තීරණ වල අයිතිය ඔබ ලබා ගන්න. වඩා හොඳ ජීවිතයක් ගත කරන්න.

පවුලට සමීප වෙන්න
ඔබේ සහෝදර සහෝදරියන්ට සහ මවට පියාට හදවතින් වඩාත් ලං වෙන්න. ඒ හරහා ඔබේ ස්වර්ගය සැමවිටම පොළොව මත ඇති බව ඔබට දැනෙයි. ඔබට අවශ්‍ය සියලුම ආදරය එතැන තියනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,491
   22

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed