ප්‍රමාද වී රාත්‍රී ආහාරය ගැනීමෙන් සිරැරේ බර වැඩිවෙනවද..?

May 19, 2021
6,071
Does eating late at night gain weight?
ඔබ රාත්‍රී ආහාරය ලබාගන්නේ කීයටද..? එයට නිශ්චිත වේලාවක් තිබෙනවාද.. නැතිනම් ඔබගේ සියළු වැඩපල අහවර වී අවසානයේ නිදහසේ රාත්‍රී ආහාරය ලබාගන්නවාද..

බොහෝ පුද්ගලයින් සිතනවා ප්‍රමාද වී ආහාර ගැනීමෙන් ඔවුන්ගේ ශරීරයේ බර වැඩි වෙනවා කියා. විශේෂයෙන් රාත්‍රි අටෙන් පසුව ආහාර ගැනීමෙන්.. ඇත්තටම එසේ සිදු වනවා ද පහත ලිපිය මගින් රාත්‍රී ආහාරය සහ බර වැඩි වීම සම්බන්ධයෙන් ඔබට වැදගත් කරුණු මෙම ලිපිය මගින් ඉදිරිපත් කරනවා... 
  
ආහාර ගැනීම සහ ඔබේ සර්කැඩියානු රිද්මය..

සර්කැඩියානු චක්‍රය යනු මිනිස් ශරීරය තුළ නින්ද සහ අවදිව වීම නියාමනය කරන පැය විසි 24 කට වරක් සිදු වන ක්‍රියාවලියක්. සමහර අධ්‍යයනයන්ගෙන් හෙළිවී තිබෙන්නේ දිවා කාලයේ ආහාර ගැනීමට වඩා රාත්‍රී කාලයේ ආහාර ගැනීමෙන් ශරීරයේ බර වැඩි වන බවයි. ඔවුන්ට අනුව එසේ වන්නේ රාත්‍රී ආහාර ගැනීම ශරීරයේ සර්කැඩියානු රිද්මයට පටහැනි වීම නිසා යන්නයි. මේ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයන්ගෙන් පැහැදිලි වන්නේ රාත්‍රී ආහාරය ගන්නා වෙලාවට වඩා එහි අන්තර්ගතය මගින් ශරීරයේ බර වැඩිවීම සිදුවන බවයි. සමස්තයක් වශයෙන් ගත්කල දෛනික කැලරි අවශ්‍යතාවයට වඩා වැඩිපුර ආහාර ගැනීම මත ශරීරයේ බර වැඩිවීම සිදු වනවා.


රාත්‍රී ආහාරය ප්‍රමාද වී ලබා ගැනීම සහ ආහාර තෝරා ගැනීම

පර්යේෂකයන්ට අනුව ප්‍රමාද වී රාත්‍රී ආහාරය ලබා ගන්නා පුද්ගලයින් බොහෝවිට  පෝෂණ ගුණයෙන් අඩු ආහාර වේලක් තෝරා ගැනීමට පෙළඹෙනවා.. චිප්ස්, අයිස්ක්‍රීම් සහ පිෂ්ඨය සහ තෙල් අධික ආහාර ඒ අතර වනවා.. බොහෝවිට නිවසින් පිටදී ආහාර ගැනීමත් එහිදී පෝශ්‍යදායි ආහාර සොයාගැනීමේ අපහසුවත් මෙයට හේතුවනවා.. එමෙන්ම සෑමවිටම ඔබ ප්‍රමාදවී ආහාර ලබාගන්නවා නම් පෝශණ ගුනයෙන් වැඩි අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු ආහාර ගැනීමයි කල යුතුවන්නේ.. 


ආහාර ගන්නා වේලාව සහ වාරගණන

ඔබ ආහාර ගන්නා වේලාව කෙසේ වුවත් එහි අන්තර්ගත කැලරි ප්‍රමාණය අවසානයේ ඔබගේ ශරීර ස්කන්ධය (බර) කෙරෙහි බලපානු ලබනවා.. අධ්‍යනයන්ට අනුව වැඩි කැලරි ප්‍රමාණයක්  උදෑසන ආහාරයට ගත්විට කුසගිනි දැනීම පාලනය වන බව හෙළිවී තිබෙනවා.. එමෙන්ම අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු ආහාර විටින් විට ගැනීම මගිනුත් ප්‍රධාන ආහාර වේල සදහා සුළු ආහාර ප්‍රමාණයක් ගැනීමට හේතුවනවා.. කෙසේ නමුත් ඔබතුල ඇති අධික ආහාර රුචිය සහ ආහර කෙරෙහි ඇති ආසාව පාලනය කරගැනීමට නිරන්තරයෙන් උත්සාහ කලයුතු වනවා.. ජලය වැඩි වශයෙන් පානය කිරීම, ප්‍රෝටින් හා තන්තුමය ස්වභාවය වැඩි ආහාර අනුභවය, කෝපි පානය කිරිම වැනි දෑ මගින් ඔබට නිතර නිතර ආහාර ගැනීමේ අවශ්‍යතාව මගහැර ගැනීමට පුළුවන්..


ප්‍රමාධ වී ආහාර ගැනීම වැඩිපුර ආහාර ලබා ගැනීමට හේතුවනවා

ආහාර ලබා ගන්නා වේලාව කුමක් වුවත් අධික කැලරි ප්‍රමාණයක් අඩංගු ආහාර ගැනීමෙන් ශරීරයේ බර ඉහළ යනවා..එබැවින් ඔබ ප්‍රමාදවී රාත්‍රී ආහාරය ලබාගන්නේ නම් අඩු කැලරි ප්‍රමාණයක් අන්තර්ගත පෝශණයෙන් වැඩි ආහාර වර්ග ආහාරයට එක්කර ගත යුතු වනවා..


ශරීරයේ බර වැඩිවීමට සහ අධික ස්ථූලතාවයට බලපානු ලබන සාධක

1. ජානමය බලපෑම
2. ක්ශණික ආහාර ගැනීමට ඇබ්බැහි වීම
3. පැණිරස, මේදය, පිෂ්ඨය අධික ආහාර කෙරෙහි ඇබ්බැහි වීම
4. ක්ෂණික ආහාර වර්ග සදහා වෙළදපොලේ ඇති අලෙවිකරණ ක්‍රමයන් නිසා එවැනි ආහාරපාන මිලට ගැනීමට අධික ලෙස පෙළඹීම
5. ශරීරයේ ඉන්සියුලින් හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩි වීම. මෙයට හේතුවන්නේ අප ආහාරයට ගන්නා ආහාරයන්හි අඩංගු ඉහල පිෂ්ඨය සහ මේදය අධික වීමයි
6. ඇතැම් අසනීප තත්ත්වයන් මත ලබාගන්නා ඖෂධ හේතුවෙන් ආහාර රුචිය අධික වීමත් ස්ථූලතාවය කෙරෙහි බලපානු ලබනවා
7. අධික සීනි පරිභෝජනය ස්ථූලතාවය කෙරෙහි බලපානු ලබන ප්‍රධානතම සාධකයක් ලෙසයි සැලකෙන්නේ.. පැණිබීම, කෙටි ක්ෂණික ආහාර වැනි දේ හි ඉහල සීනි ප්‍රමාණයක් අඩංගු වනවා..

ඔබගේ ශරීරයේ බර ඔබගේ උසට ගැලපෙන පරිදි නිසි අගයට අනුව පවත්වා ගැනීමත් හැකි සෑමවිටම සෞඛ්‍ය ආරක්ෂිත ආහාර රටාවක් හා ව්‍යායාම් කෙරෙහි යොමුවීමෙනුත් ඔබට ශරීරයේ බර නියමිත ආකාරයෙන් පවත්වාගෙන යා හැකි වනවා.. සෑම පුද්ගලයකුගේම අපේක්ෂාව වන්නේ නිරෝගි දිවියක් බැවින් ඔබත් ඉහත කරුණු කෙරෙහි අවධානයකින් යුතුව කටයුතු කලොත් නිරෝගි හැඩකාරි දිවියක් නිරතුරුව ලබාගැනීමට හැකිවනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1978 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:25:59 PM
Script:/article/1978/does-eating-late-at-night-gain-weight.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:25:59 PM
Script:/article/1978/does-eating-late-at-night-gain-weight.html