ප්‍රමාද වී රාත්‍රී ආහාරය ගැනීමෙන් සිරැරේ බර වැඩිවෙනවද..?

May 19, 2021
6,540
Does eating late at night gain weight?
ඔබ රාත්‍රී ආහාරය ලබාගන්නේ කීයටද..? එයට නිශ්චිත වේලාවක් තිබෙනවාද.. නැතිනම් ඔබගේ සියළු වැඩපල අහවර වී අවසානයේ නිදහසේ රාත්‍රී ආහාරය ලබාගන්නවාද..

බොහෝ පුද්ගලයින් සිතනවා ප්‍රමාද වී ආහාර ගැනීමෙන් ඔවුන්ගේ ශරීරයේ බර වැඩි වෙනවා කියා. විශේෂයෙන් රාත්‍රි අටෙන් පසුව ආහාර ගැනීමෙන්.. ඇත්තටම එසේ සිදු වනවා ද පහත ලිපිය මගින් රාත්‍රී ආහාරය සහ බර වැඩි වීම සම්බන්ධයෙන් ඔබට වැදගත් කරුණු මෙම ලිපිය මගින් ඉදිරිපත් කරනවා... 
  
ආහාර ගැනීම සහ ඔබේ සර්කැඩියානු රිද්මය..

සර්කැඩියානු චක්‍රය යනු මිනිස් ශරීරය තුළ නින්ද සහ අවදිව වීම නියාමනය කරන පැය විසි 24 කට වරක් සිදු වන ක්‍රියාවලියක්. සමහර අධ්‍යයනයන්ගෙන් හෙළිවී තිබෙන්නේ දිවා කාලයේ ආහාර ගැනීමට වඩා රාත්‍රී කාලයේ ආහාර ගැනීමෙන් ශරීරයේ බර වැඩි වන බවයි. ඔවුන්ට අනුව එසේ වන්නේ රාත්‍රී ආහාර ගැනීම ශරීරයේ සර්කැඩියානු රිද්මයට පටහැනි වීම නිසා යන්නයි. මේ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයන්ගෙන් පැහැදිලි වන්නේ රාත්‍රී ආහාරය ගන්නා වෙලාවට වඩා එහි අන්තර්ගතය මගින් ශරීරයේ බර වැඩිවීම සිදුවන බවයි. සමස්තයක් වශයෙන් ගත්කල දෛනික කැලරි අවශ්‍යතාවයට වඩා වැඩිපුර ආහාර ගැනීම මත ශරීරයේ බර වැඩිවීම සිදු වනවා.


රාත්‍රී ආහාරය ප්‍රමාද වී ලබා ගැනීම සහ ආහාර තෝරා ගැනීම

පර්යේෂකයන්ට අනුව ප්‍රමාද වී රාත්‍රී ආහාරය ලබා ගන්නා පුද්ගලයින් බොහෝවිට  පෝෂණ ගුණයෙන් අඩු ආහාර වේලක් තෝරා ගැනීමට පෙළඹෙනවා.. චිප්ස්, අයිස්ක්‍රීම් සහ පිෂ්ඨය සහ තෙල් අධික ආහාර ඒ අතර වනවා.. බොහෝවිට නිවසින් පිටදී ආහාර ගැනීමත් එහිදී පෝශ්‍යදායි ආහාර සොයාගැනීමේ අපහසුවත් මෙයට හේතුවනවා.. එමෙන්ම සෑමවිටම ඔබ ප්‍රමාදවී ආහාර ලබාගන්නවා නම් පෝශණ ගුනයෙන් වැඩි අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු ආහාර ගැනීමයි කල යුතුවන්නේ.. 


ආහාර ගන්නා වේලාව සහ වාරගණන

ඔබ ආහාර ගන්නා වේලාව කෙසේ වුවත් එහි අන්තර්ගත කැලරි ප්‍රමාණය අවසානයේ ඔබගේ ශරීර ස්කන්ධය (බර) කෙරෙහි බලපානු ලබනවා.. අධ්‍යනයන්ට අනුව වැඩි කැලරි ප්‍රමාණයක්  උදෑසන ආහාරයට ගත්විට කුසගිනි දැනීම පාලනය වන බව හෙළිවී තිබෙනවා.. එමෙන්ම අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු ආහාර විටින් විට ගැනීම මගිනුත් ප්‍රධාන ආහාර වේල සදහා සුළු ආහාර ප්‍රමාණයක් ගැනීමට හේතුවනවා.. කෙසේ නමුත් ඔබතුල ඇති අධික ආහාර රුචිය සහ ආහර කෙරෙහි ඇති ආසාව පාලනය කරගැනීමට නිරන්තරයෙන් උත්සාහ කලයුතු වනවා.. ජලය වැඩි වශයෙන් පානය කිරීම, ප්‍රෝටින් හා තන්තුමය ස්වභාවය වැඩි ආහාර අනුභවය, කෝපි පානය කිරිම වැනි දෑ මගින් ඔබට නිතර නිතර ආහාර ගැනීමේ අවශ්‍යතාව මගහැර ගැනීමට පුළුවන්..


ප්‍රමාධ වී ආහාර ගැනීම වැඩිපුර ආහාර ලබා ගැනීමට හේතුවනවා

ආහාර ලබා ගන්නා වේලාව කුමක් වුවත් අධික කැලරි ප්‍රමාණයක් අඩංගු ආහාර ගැනීමෙන් ශරීරයේ බර ඉහළ යනවා..එබැවින් ඔබ ප්‍රමාදවී රාත්‍රී ආහාරය ලබාගන්නේ නම් අඩු කැලරි ප්‍රමාණයක් අන්තර්ගත පෝශණයෙන් වැඩි ආහාර වර්ග ආහාරයට එක්කර ගත යුතු වනවා..


ශරීරයේ බර වැඩිවීමට සහ අධික ස්ථූලතාවයට බලපානු ලබන සාධක

1. ජානමය බලපෑම
2. ක්ශණික ආහාර ගැනීමට ඇබ්බැහි වීම
3. පැණිරස, මේදය, පිෂ්ඨය අධික ආහාර කෙරෙහි ඇබ්බැහි වීම
4. ක්ෂණික ආහාර වර්ග සදහා වෙළදපොලේ ඇති අලෙවිකරණ ක්‍රමයන් නිසා එවැනි ආහාරපාන මිලට ගැනීමට අධික ලෙස පෙළඹීම
5. ශරීරයේ ඉන්සියුලින් හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩි වීම. මෙයට හේතුවන්නේ අප ආහාරයට ගන්නා ආහාරයන්හි අඩංගු ඉහල පිෂ්ඨය සහ මේදය අධික වීමයි
6. ඇතැම් අසනීප තත්ත්වයන් මත ලබාගන්නා ඖෂධ හේතුවෙන් ආහාර රුචිය අධික වීමත් ස්ථූලතාවය කෙරෙහි බලපානු ලබනවා
7. අධික සීනි පරිභෝජනය ස්ථූලතාවය කෙරෙහි බලපානු ලබන ප්‍රධානතම සාධකයක් ලෙසයි සැලකෙන්නේ.. පැණිබීම, කෙටි ක්ෂණික ආහාර වැනි දේ හි ඉහල සීනි ප්‍රමාණයක් අඩංගු වනවා..

ඔබගේ ශරීරයේ බර ඔබගේ උසට ගැලපෙන පරිදි නිසි අගයට අනුව පවත්වා ගැනීමත් හැකි සෑමවිටම සෞඛ්‍ය ආරක්ෂිත ආහාර රටාවක් හා ව්‍යායාම් කෙරෙහි යොමුවීමෙනුත් ඔබට ශරීරයේ බර නියමිත ආකාරයෙන් පවත්වාගෙන යා හැකි වනවා.. සෑම පුද්ගලයකුගේම අපේක්ෂාව වන්නේ නිරෝගි දිවියක් බැවින් ඔබත් ඉහත කරුණු කෙරෙහි අවධානයකින් යුතුව කටයුතු කලොත් නිරෝගි හැඩකාරි දිවියක් නිරතුරුව ලබාගැනීමට හැකිවනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed