මුහුණේ සම ඇතුළතින්ම සුරකින ශීට් ෆේස් මාස්ක් ගැන ඔබ දැණුවත්ද?

January 8, 2018
27,029
Do you know about sheet face mask
රූපලාවන්‍ය සත්කාර ලෝකෙන් ඇහෙන අලුත්ම කසු කුසුව තමයි ශීට් ෆේස් මාස්ක් කියන්නේ. මේ මොකද්ද කියල ඔබටත් හිතෙනවා ඇති. ඉතින් අපේ වෙබ් අඩවියේ ඉන්න හැඩකාරියන්ටත් ඔන්න අපි අද ගේනවා ෆේස් මාස්ක් ගැන දැන ගන්න ඕනේ සේරම තොරතුරු. ඔයාල හැඩකාරියෝ කරන්නනේ අපි දවසම මහන්සි වෙන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නා ෆේස් මාස්ක් වගේ නෙවෙයි මේ ශීට් ෆේස් මාස්ක් ( Sheet Face Mask) ගොඩක් වෙනස්. එයින් ලැබෙන ප්‍රතිපලත් සාමාන්‍ය ෆේස් මාස්ක් එකෙන් වෙනස් වෙනවා.

සාමාන්‍ය ෆේස් මාස්ක් එකක් සහ ශීට් ෆේස් මාස්ක්( Sheet Face Mask) එකක්
අතර වෙනස

සාම්ප්‍රධායිකව ප්‍රධාන ෆේස් මාස්ක් වර්ග 5 ක් තිබෙන බව රූපලාවන්‍ය වේදයේ සඳහන්. ඒ සමේ අමතර තෙල් උරා ගන්නා මැටි ෆේස් මාස්ක් ( Clay Mask) , මුහුණේ රුධිර ගමනාගමනය වැඩි කරවන සහ මැරුණ සම ඉවත් කරන පීල් ඕෆ් මාස්ක් ( Peel off Mask), සමේ මතුපිට සෛල වල ස්වසනය වේගවත් කරවන උණුසුම් මාස්ක් (Thermal Mask) , මුහුණේ සම සුමුදු කරවන ක්‍රීම් මාස්ක් ( Cream Mask) සහ ස්වභාවික ද්‍රව්‍ය වලින් හදන ස්වභාවික මාස්ක් ( Natural Mask ) වශයෙන්. සාමාන්‍ය ෆේස් මාස්ක් මගින් කෙරෙන්නේ සමේ ඇතුලට කා වැදිලා තිබෙන අපිරිසිඳු ද්‍රව්‍ය සහ මැරුණ සම ගැඹුරින් පිරිසිඳු කර ගැනීමයි. නමුත් ශීට් ෆේස් මාස්ක් ( Sheet Face Mask) මගින් කෙරෙන්නේ සම ඇතුලතට කා වැදිලා සම ගැඹුරින්ම පෝෂණය කිරීමයි. ඒ අනුව ශීට් ෆේස් මාස්ක් මගින් කෙරෙන්නේ සම වඩා පැහැපත් , නිරෝගී, ආලෝකමත් ස්වාභාවයකට ගෙන එම සහ මුහුණේ සම වයසට යාමේදී මතු වෙන ලක්ෂණ ඇති වීම පමා කිරීමයි.

සාමාන්‍ය ෆේස් මාස්ක් එකක් පාවිච්චියෙන් පසු අත් දෙක සෝදා දමන්න ඕනේ. එය මිශ්‍ර කරන්න ඕනේ. ඇත්තටම ගොඩක් කරදරකාර අපහසු වැඩක්. නමුත් ශීට් ෆේස් මාස්ක් එක පිළියෙළ කර ගැනීම වගේම භාවිතා කිරීම හරිම පහසුයි. ඒ වගේම සාමාන්‍ය ෆේස් මාස්ක් එකක් දමාගෙන වෙනත් කටයුතු වල නිරත වෙන්නත් බැහැ. නමුත් ශීට්
ෆේස් මාස්ක් එක දමාගෙන පිරිසිඳු කිරීම්, ඉවුම් පිහුම් වගේ වැඩ වල වුනත් නිරත වෙන්න පුළුවන්. වර්තමාන කාර්යබහුල ඔබේ පහසුව පිනිසමයි ශීට් ෆේස් මාස්ක් නිපදවා තිබෙන්නේ.

සාමාන්‍ය ෆේස් මාස්ක් එකක් දැමීමට බොහෝ විට සැලුන් එකට යන්න ඕනේ. එය තරමක් වියදම් අධික ක්‍රියාවක්. නමුත් ශීට් ෆේස් මාස්ක් මිලෙන් අඩුයි. එම නිසා සති පතා වුනත් පාවිච්චි කරන්න ඔබට පුළුවන්. ෆේස් මාස්ක් එකක් මගින් හරියටම ගුණ ලැබෙන්න නම් එය සතියකට දෙවරක් පමණ වත් භාවිතා කරන්න ඕනේ.

ශීට් ෆේස් මාස්ක් එක මොන වගේ දෙයක්ද?

ශීට් ෆේස් මාස්ක් එකක් කොටස් දෙකකින් සමන්විතයි. ශීට් එක සහ සීරම් එක ලෙස. ශීට් එක තමා ඔබේ මුහුණ වසන මුහුණේ හැඩය ගත් පත්‍රය. පෝෂණ කොටස් වලින් පොහොසත් ද්‍රාවණය සීරම් එක ලෙස හඳුන්වනවා. මේ ශීට් එක සීරම් එකේ ගිල්වලා සීරම් එක හොඳින් උරා ගත් පසුව ශීට් එක මුහුණේ තබා අලවා ගන්න පුළුවන්. එය විනාඩි 15 ක් 20 ක් වගේ කාලයක් මුහුණේ රඳවා තබා ගත හැකියි.

මේ ශීට් එක හදන අමුද්‍රව්‍ය නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට වෙනස් වෙනවා. කඩදාසි, තන්තු, කපු රෙදි, ජෙල් වැනි අමුද්‍රව්‍ය මේ සදහා යොදා ගන්නවා. එක ශීට් එකක් භාවිතා කළ හැක්කේ එක වරයි. සීරම් එක සඳහා ශාක සාර වලින් සමන්විත අමුද්‍රව්‍ය ඇතුලත් නිෂ්පාදන තෝරා ගැනීමට ඔබ පරිස්සම් විය යුතුයි. කෝමාරිකා , කොහොඹ, කස්තුරි කහ වගේ අමුද්‍රව්‍ය ස්වභාවිකව අරගෙන සමට හිතකර කල්තබා ගැනීමේ කාරක එක් කරන්නේ ඔබේම සමේ ආරක්ෂාව වෙනුවෙන්.

ශීට් මාස්ක් එකක් ඔබ අනිවාර්යයෙන්ම සතියකට දෙවතාවක් පාවිච්චි කළ
යුත්තේ ඇයි?

ඔබේ පරිසරය ගොඩක් දුමෙන් දූවිල්ලෙන් පිරිලා. ඒ වගේම ඔබ මේක් අප් භාවිතා කරනවා. AC එකේ ඉන්නවා. ආහාරයට ගන්නේ කල්තබාගන්නා ද්‍රව්‍ය අධික ආහාර. මෙවැනි සාධක නිසා ඔබේ සමත් අකලට වයසට යාමේ තර්ජනයට වෙනදාට වඩා මුහුණ දෙනවා. නමුත් මෙවැනි ශීට් ෆේස් මාස්ක් එකක් සම ඇතුලතට කා වැදිලා සම පෝෂණය කරනවා. එහි ඇති පෝෂණ ද්‍රව්‍ය ඔබේ සමට හිරු එළියෙන් වුන හානි යථා තත්වයට පත් කරගැනීමට උපකාර කරනවා. සමට දීප්තිමත් බවක් නිරෝගී කමක් එකතු කරනවා. ඒ වගේම පීඩනය සමග එන අකලට සම වයස් ගත වුන ලක්ෂණ පාලනය කරනවා. ඇත්තටම සම රැලි වැටිලා, මෙලනින් ලප මතු වෙලා , සම වියලිලා මහලු ලක්ෂණ උඩට මතු වෙන්න පෙර තරුණ කාලයේ සිටම ඔබ මේ ගැන සිතීම ගොඩක් හොඳයි.

එදිනෙදා ක්ලේන්සර් කිරීම සහ ටෝනර් කිරීම විතරක් නෙවෙයි සම ඇතුලතින් පෝෂණය කිරීමත් ඉතාම වැදගත් බව ඔබ වටහා ගත යුතු මයි. සාම්ප්‍රධායිකව සම පෝෂණය කිරීමට අපි යොදා ගන්නා ක්‍රීම් වර්ග වල ඒවාට ආවේනික දුබලතා තිබෙනවා. ඕනෙම මිල අධික ක්‍රීම් එකක් අලේප කළ විගස සැලකිය යුතු ප්‍රමාණයක් වාෂ්පීකරණයට ලක් වෙනවා. නමුත් ශීට් මාස්ක් එක දමා තත්පර කීපයක් ඇතුලත මුහුණේ සමේ උෂ්ණත්වය ඉහල යනවා. එවිට රෝම කූප විවෘත වෙලා සීරම් එකේ ඇති පෝෂණ කොටස් සියල්ලම සම අභ්‍යන්තරය වෙත පැතිරිලා සම ඇතුළතින්ම පෝෂණය කරනවා. අපි සම පෝෂණය කිරීමට ශීට් මාස්ක් එකක් වඩා සුදුසු යයි නිර්දේශ කරන්නේ මෙන්න මේ කරුණු නිසා මයි.

ශීට් ෆේස් මාස්ක් මිලට ගද්දි මේ දේවල් ගැනත් හිතන්න

සහතික කළ විශ්වාසවන්ත වෙළඳ නාමයක් යටතේ ම මිලට ගන්න. ඇතැම් ශීට් මාස්ක් වල ශීට් එකේ ප්‍රමිතිය හොඳ නැහැ. ඇතැම් ඒවගේ සීරම් එකේ ප්‍රමිතිය හොඳ නැහැ. ඒ නිසා සීරම් එකේ ගිල්ලද්දීම දියවී යනවා. ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනම තෝරා ගැනීම අපි ඔබට හැම විටම නිර්දේශ කරනවා.

ලෝකය දැන් නව තාක්ෂනය රූමත්කම රැක ගැනීම වෙනුවෙනුත් යොදා ගන්න පෙළඹිලා. ලෝකයේ වේගයෙන්ම පැතිරෙන රූපලාවන්‍ය සත්කාරයක් ලෙස ශීට් ෆේස් මාස්ක් දැන් ඇමරිකානු වෙළඳ පොලත් ආක්‍රමණය කරලා. ඔබත් ක්ලේන්සර් කිරීම සහ ටෝනර් කිරීම විතරක් නොවේ සමට පෝෂණය දීම කියන කරුණ ගැනත් ගැඹුරින් හිතිය යුතු කාලයක් මේක. ඔබේ රූපලාවන්‍ය සත්කාර වලට ශීට් ෆේස් මාස්ක් එකත් එකතු කර ගැනීම ඉතාම හොඳයි. මහලු බවේ ලකුණු මුහුණේ මතු වෙන්න පෙරම මේ දේවල් ආරම්භ කිරීම තමයි හරි ක්‍රමය. අපි බලමු අපේ හැඩ කාරියොත් වයසට යද්දිත් තරුණ පෙනුම ඒ විදිහටම රැක ගනීවිද කියල.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 612 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:37:55 PM
Script:/article/612/do-you-know-about-sheet-face-mask.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:37:56 PM
Script:/article/612/do-you-know-about-sheet-face-mask.html