පැහැපත් හා නිරෝගී සමක් සඳහා කිරි වලින් සත්කාර

June 16, 2018
11,434
Milk for a healthy skin









කිරි කියන්නේ අපි නිතරම ගෙදරදී කරන රුපලාවන්‍ය සත්කාර වලට යොදා ගන්න අමුද්‍රව්‍යක්. ඒ වගේම බලන බලන හැම රුපලාවන්‍ය නිෂ්පාදනයේම කිරි වල පෝෂණය අඩංගුයි කියලා සඳහන් වෙලා තියෙනවා ඔයා දැකලා ඇතිනේ. කිරි කියන්නේ අපේ සුන්දරත්වයට මේ තරම් වැදගත් දෙයක්ද? ඔව්. කිරි වලට ඔයාගේ සුන්දරත්වය වැඩි කරන්න ඉහල හැකියාවක් තියෙනවා. ක්ලියෝපැට්රා රැජිනගේ ලස්සන ගැන මිට කලින් අහලා ඇතිනේ. ඒ වගේම ඇය ඇයගේ සුන්දරත්වය වර්ධනය කර ගන්න කළ කිරි ස්නානය ගැනත් අහලා ඇතිනේ. 

කිරි වල විටමින් A,  විටමින් D, විටමින් B6, බයෝටින්, ප්‍රෝටීන්, විටමින් B12, ලැක්ටික් අම්ලය, පොටසියම්, කැල්සියම්, ලැක්ටික් අම්ලය අඩංගු වෙනවා.  මේ හැම පෝෂ්‍ය පදාර්තයක්ම සම සම්බන්ධයෙන් තියෙන හැම ගැටළුවකටම පිලිතුරු ලබා දෙනවා.

ඉතින් මේ කියන්නේ ඔයාටත් කිරි වලින් ලබා ගන්න පුළුවන් රුපලාවන්‍ය ප්‍රතිලාභ මොනවද කියලා. බලන්නකෝ මේ දේවල් මොන තරම් නම් ලේසියිද කියලා. ඕනම කාර්යබහුල කෙනෙකුට වුනත්, වෙලාවක් නෑ කියා කියා නාහෙන් අඩන්නේ නැතුව කරන්න පුළුවන්. 


1.  කිරි කියන්නේ සම පිරිසිදු කිරීමට හොඳ cleanser එකක්

පුළුන් කැබැල්ලක් ගෙන කිරි වල පොඟවා මුහුණේ ආලේප කරන්න. විනාඩි 10 ක් පමණ හෙමින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න. මේ මඟින් සමේ රැඳී ඇති කුණු දුහුවිලි ඉතා හොඳින් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා.

2. හොඳ කුරුලෑ නාශකයක්

කලින් වගේම තමයි. හරිම ලේසියි. කුරුලෑ මත ආලේප කර මද වේලාවක් තබා සෝදා හරින්න. කිරිවලින් සමේ ඇති තෙල් පාලනය කරනවා. ඊට අමතරව කුරුලෑ ඇති කරන බැක්ටීරියාවලට එරෙහිව සටන් කරනවා. 
 
3. කිරි වලින් ස්ක්‍රබ්  

කඩල පිටි තේ හැන්දකට කිරි තේ හැඳි 3ක් මිශ්‍ර කර පිරිසිදු කර ගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි 15කින් සෝදා ඉවත් කරන්න.  

4. කිරි ඔබේ සම පැහැපත් කරනවා

කිරි, දෙහි සහ මී පැණි සම සමව අරගෙන හොඳින් මිශ්‍ර කරලා මුහුණේ ආලේප කිරීමෙන් ස්වාභාවිකවම සම පැහැපත් කර ගන්න ඔයාට පුළුවන්.

5. අව්වට පිළිස්සුනු සමට ප්‍රතිකාරයක් 

දියර කිරි හෝ මුදවපු කිරි අව්වට පිළිස්සුනු සම මත ආලේප කර විනාඩි 20කින් පමණ සෝදා ඉවත් කරන්න.  
 
කිරි කියන්නේ ඔයාට පහසුවෙන්ම සපයා ගන්නත් පුළුවන් දෙයක් නිසා අනිවාර්යෙන් මේ සත්කාර වලින් එකක් දෙකක් කරලා බලලා කොහොමද ප්‍රතිපල කියලත් අපට කියන්න. ඔයා දන්න තවත් මේ වගේ සත්කාර තියෙනව නම් ඒවත් අපිත් එක්ක බෙදා හදා ගන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 885 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:06:43 PM
Script:/article/885/milk-for-a-healthy-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:06:44 PM
Script:/article/885/milk-for-a-healthy-skin.html