මේ ආහාර 7න් පුළුවන් ඔබේ සමට ලොකු වෙනසක් එක් කරන්න

May 22, 2020
34,451
These 7 food can glow your skin
ඔබේ ආහාර වේල ඔබේ පෙනුමට විශාල කාර්යභාරයක් ඉටු කරනවා. නිවැරදිව ආහාර අරගන්න. එවිට ඔබෙන් ස්වභාවික දීප්තියක් පිට වෙනවා. ක්ෂණික ආහාර වලට පුරුදු වෙන තරමට අඳුරු සහ කුරුලෑ සහිත සමක් සමඟ ඔබට පොරබදින්න වෙනවා.

ඔබේ සමේ පෙනුම කියන්නේ ඔබේ ආහාර තේරීම් සමඟ යා වෙන දෙයක්. නිරෝගී සමක් සඳහා හොඳම පෝෂණය ලැබෙන්නේ දීප්තිමත් වර්ණ සහිත එළවළු, පැඟිරි පලතුරු, පැහැදිලි දියර වර්ග, ප්‍රෝටීන් සහ ඔමේගා මේද අම්ල වැනි ස්වාභාවික ප්‍රභවයන්ගෙනුයි. දීප්තිමත් සමක් ලබා ගන්න ඔබට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත හොඳම ප්‍රභවයන් ලැයිස්තුවක් මෙන්න...

1. කහ
කහ කියන්නෙ උයන්න ගන්න කුළුබඩු අතර නැතුවම බැරි දෙයක්. අතීතයේ ඉඳන්ම සාම්ප්‍රදායික රූපලාවණ්‍ය පිළියමක් වන කහ වලින් ගෙදරදී ම හදාගන්න පුළුවන් ෆේස් පැක් තියනවා. ප්‍රතිබැක්ටීරීයා හා සන්සුන් කරවන ගුණ ඇති කහ, දැවිල්ලට පත් සම සමනය කරයි. ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ප්‍රභවයක් වන එයින් ඔබේ සමේ වයසට යාමේ සලකුණු මකන අතර සමේ ස්වභාවික දීප්තිය ද වැඩි කරයි. හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා හිස් බඩින් අමු කහ කෑල්ලක් දාලා පැය දෙකක් විතර තියපු ජලය (ඉන්ෆියුස් වොටර්-infused water) වීදුරුවක් පානය කරන්න.

2. බීට් රූට්
 බීට්රූට් කියන්නේ යකඩ වලින් පොහොසත් ප්‍රභවයක් වන අතර එය විශිෂ්ට රුධිර පවිත්‍රකාරකයක් විදිහට ද ක්‍රියා කරනවා. මේක සමේ දීප්තිය පවත්වා ගැනීමට වැදගත් සාධකයක්. විටමින් ඒ සහ සී වගේ සමට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවල ප්‍රතිලාභ ද මෙමඟින් ලැබෙන අතර එමඟින් සමේ කැළැල් ඉවත් කර ඒකාකාර වර්ණයක් ලබා ගන්න පුළුවන්. බීට්රූට් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා එය ඔබේ දෛනික ආහාර වේලට ගනිද්දී තම්බලා හෝ යුෂ ආකාරයෙන් ආහාරයට ගන්න.

3. තක්කාලි
තක්කාලි වල ඇති ප්‍රතිඔක්සිකාරකයක් වන ලයිකොපීන් මඟින් ශරීරයේ සෛල ආරක්ෂා කරන නිසා එමඟින් තද සමක් සහ තරුණ පෙනුමක් ඇති කරවනවා. එය ස්වාභාවික සන්ස්ක්‍රීන් ආලේපනයක ප්‍රතිලාභ ද ලබා දෙන අතර හිරු එළියෙන් සමට වෙන සංවේදීතාවන් අඩු කරයි. එහි ඇති හොඳම ගුණාංගයක් වන්නේ විටමින් සී ඉහළ ප්‍රමාණයක් අඩංගු වීමයි. ඒ හරහා සමේ සීබම් නිෂ්පාදනය පාලනය කරන අතර කුරුලෑ වලට ප්‍රතිකාරයක් වෙනවා. ඔබේ ආහාර ගැනීමේ පුරුද්දත් එක්ක සමේ සෞඛ්‍ය සම්පන්න බව වැඩි දියුණු කිරීම සඳහා තක්කාලි සුප්, සලාද ඔබේ ආහාර වේලට නිතර එකතු කරගන්න.

4. කසකසා ඇට
ෆලූඩා වට්ටෝරු වලට රසවත් එකතු කිරීමක් ලෙස වඩාත් ප්‍රචලිත මෙම කුඩා කළු බීජ සමට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවල ප්‍රබල ප්‍රභවයක්. ඔමේගා -3 මේද, විටමින් ඒ සහ සී වලින් පොහොසත් කසකසා ඇට සමේ වයස්ගත වීමේ මුල් සංඥා වලට එරෙහිව සටන් කරමින් දැවිල්ල සමනය කිරීමට ගොඩක් උපකාරී වෙනවා. කසකසා ඇට තේ හැන්දක ප්‍රමාණයක් එක රැයක් පොඟවලා තියලා හිස් බඩින්ම පානය කිරීමෙන් එහි ප්‍රතිඵල ඔබට නෙළා ගන්න පුළුවන්.

5. බතල
බතල වල ඇති ප්‍රතිඔක්සිකාරක සංඝටකය ඔබේ මුහුණට ස්වාභාවික දීප්තිය ලබා දෙයි. බතල වල තියන රතු පැහැයට හුරු දම් පැහැය ලබා දෙන ඇන්තොසියානින් සංයෝගය මඟින් සමේ කැළැල් සහ අඳුරු පැල්ලම් අඩු කිරීමට උපකාරී වෙනවා. බතල වල ඇති විටමින් සී අන්තර්ගතය සමේ කොලජන් නිෂ්පාදනය ඉහළ නංවන අතර එය සමේ වර්ණය ද වැඩි දියුණු කරවනවා. සම තරුණ හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා ඉතා වැදගත් අංගයක් වන විටමින් ඊ වල හොඳ ප්‍රභවයක් තමයි බතල. 

6. සූරියකාන්ත බීජ
විටමින් E වල බලශක්තියක් වන සූරියකාන්ත බීජ මගින් සමේ සෛල වලට සිදුවන හානි වළක්වනවා. දැවිල්ල ඇති කරන සමේ රෝග වලදී ඇතිවන අපහසුතාවයන් අවම කර ගැනීමට උපකාරී වන සම සුවපත් කිරීමේ විශිෂ්ට ගුණාංග ද ඒ තුළ අඩංගුයි. එපමණක් නෙමෙයි ඒවායේ තියන රසවත් බව නිසා සලාද වලට, උදේ කෑමට සහ එළවළු තෙම්පරාදුවකට විශිෂ්ට එකතුවක් මේ බීජ. ඔබට අවශ්‍ය ආකාරයෙන් එය බටර් සමඟ මිශ්‍ර කරලා වුණත් ආහාරයට අරගන්න පුළුවන්.

7. වෝල්නට්ස්
‘මොළයේ ආහාරය’ විදිහට ප්‍රචලිත walnuts සමට බොහෝ ප්‍රතිලාභ ලබා දෙනවා. ඔමේගා-3 මේදවල විශිෂ්ට ප්‍රභවයක් වන එය සමේ සෛල වලට හානි කරන විෂ ද්‍රව්‍ය ඇති වීම වළක්වයි. පෝෂ්‍ය පදාර්ථ හා තෙතමනය සමඟ සමේ සෞඛ්‍යය වර්ධනය කිරීම සඳහා මෙම නට් වර්ගය ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගන්න. එය ඔබේ සම වයසට යාමේ සලකුණු ආපසු හැරවීමට උපකාරී වන අතර ඔබට පැහැපත් පෙනුමක් ද ලබා දෙයි. මෙම හැපෙනසුළු ප්‍රණීත ආහාරය ආහාර වේල් අතර සුලු කෑමක් ලෙස අරගන්න. වඩා හොඳයි එය ඔබේ උදෑසන ආහාර බඳුනට එක් කරගන්න පුළුවන් නම්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

A funny trick that stops your baby crying immediately
   42,735
   72

ඔබේ අඬන දරුවා ඉක්මනින් නළවා ගන්න පහසු උපක්‍රමයක්..

යථාර්ථය නම් අලුත උපන් දරුවා අඬන එක දෙමාපියන්ට ආතතියක් ගෙන එනවා.. නමුත් ඔබ දන්නවාද මේ ක්‍රමයෙන් වෛද්‍යවරුන්ට සහ දෙමවුපියන්ට පොදු ගැටළුවක් වන අලුත උපන් බිළිඳෙකු සන්සුන් කරන්නේ කෙසේද යන්න පිළිබද පරීක්ශණයක් පවත්වා දරුවා සන්සුන් කරගැනීමට හැකි බව..
Health benefits of onions
   4,875
   60

ලූණු ආහාරයට ගැනීමෙන් ඔබට අත්වන සෞඛ්‍ය ප්‍රතිලාභ

රස පමණක් නොවේ ළුණුවල ඇති ඔබගේ ශරීරයට වැදගත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගැනයි අද හැඩකාරි සටහන..
Best food for constipation
   5,832
   59

ඔබත් මලබද්ධය නිසා පීඩා විදිනවාද? එසේනම් මෙම ආහාර ඔබගේ ආහාර වේලට එක්කරගන්න

පහසුවෙන්ම මෙම තත්ත්වයෙන් මිදීමට ඔබගේ දෛනික ආහාර වේලට මේ දේවල් එකතු කරගන්න..
What will happen if you stop colouring your hair?
   15,831
   43

ඔබගේ හිසකෙස් වර්ණ ගැන්වීම හෝ ඩයි කිරීම නතර කළ හොත් කුමක් සිදුවෙයිද?

කාන්තා අප විවිධ විලාසිතා අනුගමනය කිරීමට දක්වන්නේ දැඩි උනන්දුවක්.. ඒ වගේම හිස කෙස් සඳහාත් විවිධ වර්ණ ගැන්වීම් සහ අකලට හිසකෙස් පැසීම් වැනි තත්ත්වයන් තිබේ නම් හිසකෙස් ඩයිකිරීම වැනි දෑ සඳහා නිරන්තරයෙන් යොමුවනවා.
10 symptoms shows you are pregnant
   45,577
   31

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා

Latest Articles

Most Viwed