ජිවිතයේ කෙදිනක හෝ නිහඬ ආදරයක අත්දැක්මක් ලැබී තියෙනවද?

October 30, 2019
2,869
Have you experienced a silent love
හැමෝම කියන්නේ ආදරේ පිස්සුවක් කියලනේ. හැබැයි ඉතින් මේක කොච්චර පිස්සුවක් උනත් අපි කාටවත් ආදරයක් නැතුව ජීවත් වෙන්න අමාරුයි. සමහරවිට ඔයා මේ වෙනකොටත් කෙනෙක් ගැන හිතේ ආදරය තියාගෙන, ඒ ආදරය හෙළි නොකරන කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්තම් ඔබ පෙම්වතෙක් වෙන්න මාස කීපෙකට කලින් හෝ ඒ විදිහට ආදරය හිතේ හංගගෙන, එයා දිහා බලාගෙන ඉඳලා ඇති. ආදරයක් දිනා ගත්තම රටක් රාජ්‍යයක් හිමි වුණා වගේ හැඟීමක් ඇති වුණත්, ආදරය දිනා ගන්න පෙර ඔයා කරපු පුංචි පුංචි දේවලුත් හරිම සුන්දර මතකයන් විදිහට ඔයා ළඟ ඉතුරු වෙලා ඇති. සුන්දර මතකයන් ආයෙත් ඔබට මතක් කරලා දෙන්න කැමතියි. අද හැඩකාරී අපි ඔයාට නිහඬ ආදරයක අත්දැක්ම් ගැන මේ ලිපියෙන් කතා කරන්න හිතුවා.

නිදහස් පුද්ගලයෙක් වීම

පෙම්වතෙක් හෝ පෙම්වතියක් වූ විට එක් වරම ඔයා වගකීම් වලින් පිරුණු තරුණයෙක් බවට පත් වෙනවා. පෙම් කරනකොට අනෙකාව සතුටු කිරීමට, අනෙකාට අවශ්‍ය දේ සිදු කර දීම වැනි වගකීම් රැසක් ඔයා මත පැටවෙනවා. ඒවා ඉටු කර දීමට ඔයාට නොහැකි වූවොත්, අනෙකා අමනාප වේවි යැයි ඔයා බිය වෙනවා. නමුත් හිතේ ආදරය තියාගෙන හිටිය කාලෙ නම්, ඔයාගේ හිතේ ඒ වගේ වගකීම් තිබුණේ නැහැ. ඒ කාලේ ඔයාට තිබුණේ හිතේ කිසිම වගකීමක් නැතිව එයා ගැන සිහින දකිමින් ඉන්න එක විතරයි.

කතා කරන්න අවස්ථාවක් සොයා සොයා කල් ගෙවීම

අහම්බෙන් හරි එයා එක්ක එක වචනයක් හරි කතා කරන්න ලැබුනොත් ඔබට ඒ කාලෙ හරිම සතුටුක් දැනෙනවා නේද? ඒ සබැඳියාව කොයි වෙලෙත් හරිම නැවුම්. ඒත් පෙම්වතෙක් වුණාට පස්සේ, පෙම්වතිය එක්ක කතා කරන එක ලොකු දෙයක් නෙවේ. ඉස්සර වගේ නැවුම් ගතියක් දැනෙන්නෙත් නැහැ. සමහරවිට මෙහෙම වෙන්නේ ඕනෑම දෙයක් ලඟට ලැබුනම ඒකෙ අගය ටිකක් විතර අඩු වෙන නිසා වෙන්න ඇති.

නීති දාන්න කෙනෙක් නැහැ

ඔයා පෙම්වතියගේ හෝ පෙම්වතාගේ පස්සෙන් ගිය කාලෙ ඔයාට එයා නීති දාන්න ආවේ නෑ. ඒත් ඔයා එයාගේ ආදරය දිනා ගත්තට පස්සේ එයාගේ පුංචි පුංචි නීති වලට ඔයාටත් යටත් වෙන්න සිදු වෙලා ඇති. නීති කැඩුවොත් එයා ඔයාට රිදවයි කියලා ඔයා ටිකක් විතර බයක් දැනෙනවා නේද?

වියදමක් තිබුණේ නැහැ

ඔයා ඒ කාලෙ කළේ ඇය දිහා බලාගෙන හිටපු එක විතරයි. ඇය දිහා බලාගෙන ඉන්නයි, ඇය ගැන තොරතුරු හොයන්නයි ඔයාට මුදල් වියදම් වෙන්නේ නැහැ. ඒත් දැන් එහෙම නැහැ. ඇයට තෑගී අරන් දෙන්න, ඇය එක්ක කෑමකට ගියාම ඔයාගේ මුදල් නම් වැය වෙනවා.

දවල් සිහින දැක්කා

ඔයාගේ පෙම්වතිය හෝ පෙම්වතා කොයි වගේ කෙනෙක්ද කියලා ඒ කාලෙ දන්නේ නැහැ. ඒ නිසා ඔයා ඇති තරම් ඇය ගැන සිහින දකිමින්, සතුටින් කාලය ගෙව්වා. ඒත් ඔයා පෙම්වතෙක් වුණාට පස්සේ ඔයාගේ පෙම්වතිය ගැන අමුතුවෙන් සිහින දකින්නේ නැහැ. ඔයාට ලැබී ඇති දේ, ඇගේ ගතිගුණ ඔයාට පිළිගන්නට සිදු වෙනවා. පෙම්වතිය ගැන සිහින දැක්කත්, ඉස්සර වගේ නැවුම් හැඟීමක් දැනෙන්නේ නැති එකත් පොඩි අඩුවක් වගේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Things to keep in mind when you wear white dresses
   37,128
   2,885

සුදු ගවුමක් මිලදී ගන්නා විට සහ අඳින විට සිතේ තබා ගත යුතු කරුණු

සුදු පාට ගවුමක් අඳිනවා නම් ලස්සනට පේන්න ඔයා උපක්‍රමශීලී වෙන්නේ ඕනේ. මෙන්න මේ ටිප්ස් ටික දැනගෙන හිටියොත් ඔයාට කැපිලා පේන් විදිහට සුදු ඩ්‍රෙස් එකක් අඳින්න පුලුවන්
Mistakes that make you look older
   12,155
   2,300

වයස වැඩි කර පෙන්වන ඔබ නොදැනුවත්කමින් කරන වැරදි

ගොඩක් දෙනෙක් හිතන්නේ නැති මේ පොඩි පොඩි වැරදි නිසා අනිවාර්යයෙන් ඔයාගේ මුහුණට වයස්ගත බවක් එක් වෙන්න පුළුවන්
How to have a beautiful skin with green gram
   23,035
   293

මුං ඇට වලින් පද්මාවතී වගේ දිස්නේ ගහන රූප ස්වභාවක් ලබා ගන්න

හැමදාම වගේ ඔයාගෙ රූපය ගැන සැළකිලිමත් වෙන අපි, ඔයාට පද්මාවතී වගේ දිස්නේ ගහන රූප ස්වභාවක් මුංඇට වලින් ලබාගන්නේ කොහොමද කියලා කියන්නයි යන්නේ
Heal your feet while making them pretty
   10,039
   251

යටි පතුල්  වේදනා වලට සත්කාර කරන ගමන් ලස්සන දෙපා වල හිමිකාරිණියක් වෙන්න

මේ සත්කාර මගින් දෙපතුල් පැලීම නතර කරනවා වගේම, ඔයාගේ දෙපතුලට පැහැපත් දීප්තිමත් බවක් ලබා දෙනවා
How to keep pregnancy glow like kareena and anushka?
   1,600
   187

කරීනා කපූර් සහ අනුෂ්කා ෂර්මා වගේ ප්‍රෙග්නන්ට් කාලෙත් ලස්සනට ඉන්නෙ කොහොමද?

ප්‍රෙග්නන්ට් කාලෙ කරීනා කපූර් සහ අනුෂ්කා ෂර්මා වගේ ලස්සනට ඉන්න එක පොඩි පියවරක් ඉදිරියෙන් තියමු. ඒ වගේ ඔයාගෙත් ප්‍රෙග්නන්සි ග්ලෝ එක ලබා ගන්නේ කොහොමද කියලා අපි අද කියන්නම්!

Latest Articles

Most Viwed