"ඔයා ලස්සනයි" කියලා සහකරුවෙක්ගෙන් අහන එක තරම් දෙයක් බිරිදට තවත් නැති තරම්

August 23, 2018
5,852
No line more precious than
ආදරය කරන කාලේදි වගේම විවාහ වුණාටත් පස්සේ සහකරුවෙක්ට එහෙමත් නැත්තම් ආදරණීය ස්වාමිපුරුෂයෙක්ට තමන්ගේ බිරිඳ තරම් ලස්සන කාන්තාවක් තවත් නෑ. අතිශය කාර්යබහුල පරිසරය නිසාත් විවිධ හේතු සාධක නිසාත් තමන්ගේ සැමියාගේ අවධානය බිරිඳකට නොලැබුණොත් සිදු වෙන දේ ගැන නම් හිතාගන්නවත් බෑ. ඔයාට ඔයාගේ බිරිඳ හුදෙකලා ඉන්නවා නම්, දුකින් ඉන්නවා නම්, එපා වෙලා කියලා නිතරම කියනවා නම් ස්වාමියෙක් විදිහට දැන් ඔයාගේ බිරිඳට අවධානය ලබා දෙන්න කාලය හරි කියලයි හැඩකාරි අපි ඔයාට කියන්නේ. ඔයාගේ බිරිඳට අවධානය යොමු නොවන විට ඇයට හිතෙන්නේ ඔයා ඇයට ආදරේ නෑ කියලා. එහෙමත් නැත්තම් ඇයව මගහරිනවා කියලා. අද අපි Hadakari තුළින් ඔයාට කියන්නේ පොදුවේ පිරිමින් විසින් තමන්ගේ බිරිඳට සිදුවෙන වැරදි කිහිපයක් ගැන. මේ අතපසු වීම් ස්වාමියෙක් අතින් සිදු වුණොත් ඔයාගේ පෙම්වතියට, බිරිඳට හිතෙන්න පුළුවන් ඇය ලස්සන නෑ කියලා. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයා අතිනුත් මේ වැරදි ඔයාගේ බිරිඳට සිදු වෙනවද කියලා.

ඔයාගේ බිරිඳ ලස්සනයි කියලා ඔයා කියන්නේ නැද්ද?

බිරිඳකට තමන්ගේ ස්වාමියා ලස්සනයි කියන තරම් දෙයක් තවත් නොමැති තරම්. ඔයාලා දෙන්නා ආදරය කරන කාලේදී ඔයා නිතරම ඔයාගේ ඇයට පැවසුවා නේද ලස්සනයි කියලා. ඇයව නිතරම වර්ණනා කළ නේද? විවාහ වුණාට පස්සේ ඒ වගේ පුංචි දේවල් විවිධ හේතු සාධක නිසා මග හැරෙන්න දෙන්න එපා. මොකද ඔයාගේ බිරිඳ ඉස්සර වගේම විවාහයෙනුත් පස්සේ මේ වගේ දේවල් අහන්න කැමතියි. ඔයාගේ බිරිඳ අලුත් ඇඳුමක් ඇන්දම, කොණ්ඩා විලාසිතාවක් කළාම එහෙමත් නැත්තම් ඔයාගේ බිරිඳ එක්ක ඔයා සතුටින් ඉන්න විට කිසිම අවස්ථාවක ලස්සනයි කියන එක කියන්න අමතක කරන්න එපා. එයින් ඇය ඉතාමත් සතුටට පත් වේවී. ඔයා ඔයාගේ බිරිඳ ලස්සනයි කියලා කියන්නේ නැති වුණාම ඔයාගේ බිරිඳට හිතෙන්න පුළුවන් ඇය ලස්සන නෑ කියලා.

වෙනත් කාන්තාවන් වර්ණනා කිරීම

ඔයාගේ පෙම්වතිය එහෙමත් නැත්තම් බිරිඳ ඇයට වඩා වෙනත් කිසිම කෙනෙක් වර්ණනා කරනවාට නම් කැමති වෙන්නේ නෑ. මොකද ඇයට හිතෙන්න පුළුවන් ඔයා එවැනි දේවල් කියන්නේ ඇය ලස්සන නැති නිසා කියලා. ඒ නිසා ඔයාගේ බිරිඳ එක්ක වෙනත් කාන්තාවන් ගැන වර්ණනා කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න. මොකද එයින් ඔයාගේ බිරිඳගේ හිත රිදෙන්න පුළුවන්.

ඇයට ආදරය නොපෙන්වීම

ආදරය කියන්නේ විවාහයෙන් අවසන් විය යුතු දෙයක් නෙමෙයි. ආදරය කළ මුල් අවධියේදී වගේම විවාහයෙන් පසුවත් ආදරය පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. නමුත් කාර්යබහුල පරිසරය හෝ වෙනත් හේතු සාධක නිසා හෝ හිතාමතාම ඔයාගේ බිරිඳට ආදරය කරන එක ටිකක් හරි ඔයා අඩු කරනවා නම් ඒ වෙනස ඔයාගේ බිරිඳට දැනෙන්න පටන් ගන්නවා. ඔයා ඔයාගේ බිරිඳත් එක්ක කතා නොකරන විට ඇය සමග සතුටු සාමීචියේ නොයෙදෙන විට ඇය තේරුම් ගන්නේ ඔයාගේ ආදරය ලැබෙන්නේ නෑ කියලා. ඒ නිසා කවදාවත් ඔයා මේ වැරැද්ද කරන්න එපා. හැකි සෑම අවස්ථාවක ඔයාගේ බිරිඳට සමීප වෙන්න. ඇය එක්ක කාලය ගත කරන්න. පුංචි පුංචි හේතු සාධක නිසා ඔයාගේ සම්බන්ධතාව පලුදු වෙන්න ඉඩ දෙන්න එපා.

වෙනත් කාන්තාවන්ට අවධානය යොමු කිරීම

ඕනෑම කෙනෙක් ලස්සන කාන්තාවක් එහෙමත් නැත්තම් යුවතියක් දිහා බලනවා. පිරිමි අය විතරක් නෙමෙයි ගැහැණු ළමයිනුත් මෙවැනි දේවල් කරනවා. ඔයා විවාහ වුණාට පස්සේ ඔයාගේ බිරිඳ එක්ක කොහෙ හරි ගමනක් යනවා කියලා හිතන්නකෝ. ඔයාගේ අතේ එල්ලිලා ඔයාගේ බිරිඳ යනකොට ඔයා වෙන කාන්තාවක් දිහා ඔයා බැලුවොත් ඇත්තටම ඔයාගේ බිරිඳගේ හිත එයින් රිදෙනවා. ඔයාගේ බිරිද ඉදිරියේ මෙවැනි දේවල් කිරීම සුදුසු වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අද ගොඩක් දෙනෙක් ඉන්නේ ෆේස්බුක් එකේ. ඉතිං ඔයා ෆේස්බුක් එකට ඇබ්බැහි වුණ කෙනෙක් නම් ඔයා නිතරම කාන්තාවන් එක්ක ෆේස්බුක් සම්බන්ධතා පවත්වාගෙන යන විට වුණත් ඇයගේ හිත රිදෙන්න පුළුවන්. ඉතිං ඒ නිසා කවදාවත් මේ වගේ වැරැද්දක් කරන්න එපා ඔයාගේ බිරිඳට.

වැඩිපුර කාලයක් ගත කරන්නේ නිවසෙන් එළියේ නම්

ඔයා රාජකාරී වැඩ කටයුත්තකට එහෙමත් නැත්තම් රැකියාවට යන විට නිවසෙන් පරිභාහිරව කරන්න සිදුවීම සාමාන්‍ය දෙයක් නේ. ඒත් ඉතිං ඔයා රැකියාව කරලා ඉවර වුණාටත් පස්සේ දවසේ අනිත් කාලයක් ගත කරන්නේ නිවසෙන් එළියෙන් නම් එවැනි අවස්ථාවක ඔයාගේ බිරිඳට හිතෙන්න පුළුවන් ඔයා ඇය ගැන උනන්දුවක් දෙන්නේ නෑ කියලා. නිවාඩුවක් ලැබුණු දවසටත් ඔයා කාලය ගත කරන්නේ ඔයාගේ යහලුවන් එක්ක නම් එතකොට ඇයට හිතෙන්නේ ඔයා ඇයගෙන් ඈතට යනවා කියලා. විවාහ ජීවිතය තුළ ඔයා අවධානය දෙන්න ඕන ඔයාගේ පවුලට. විශේෂයෙන්ම ඔයාගේ බිරිඳට හා දරුවන්ට. එහෙම නොවුණු විට වෙන්නේ ඔයාගේ සම්බන්ධතාව ටිකෙන් ටික දියාරු වෙන එක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1037 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:35:59 PM
Script:/article/1037/no-line-more-precious-than-you-are-beautiful-from-husband-to-wife.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:35:59 PM
Script:/article/1037/no-line-more-precious-than-you-are-beautiful-from-husband-to-wife.html