දරුවන්ට පාඩම් වැඩ හොඳින් මතකයේ තබා ගැනීමට මේ විදිහට උදවු කරන්​න

May 1, 2020
6,480
Help your kids to remember their studies
හැම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම දරුවන්ට කුඩා වයසේදී බොහෝ දේ පුරුදු කරනවා. ඒ අතරින් දරුවන්ව අධ්‍යාපනයට විශේෂයෙන් නැඹුරු කරනවා. දෙමව්පියන් කැමති තමන්ගේ දරුවාව අනාගතයේදී හො​ඳ තැනක ඉන්නවා දකින්න. ඔයා පාසල් ශිෂ්‍යයෙක් හෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නම් උගන්වන පාඩම් කරුණු මතක තබා ගැනීමට ශක්තිය ඕනේ. මහන්සි වෙලා පාඩම් ක​ළත් අමතක වෙනවා නම් ඒක විභාගයේදී ලොකු අභියෝගයක් වෙනවා. ඉතිං අද හැඩකාරී අපි ඔයාට පාඩම් කරන විෂය කරුණු මතක තබා ගැනීමට පහසු ක්‍රම ගැන තමයි කියන්න හිතුවේ. 

පාඩම් වැ​ඩ සඳහා මතකය වැඩි දියුණු කළ හැක්කේ කෙසේද?
සෑම දෙයක්ම ප්‍රයෝගිකව වෙන්න ඕනේ. බොහෝ සිසුන් කරුණු සහ තොරතුරු මතක තබා ගැනීමට හුඟාක් වෙහෙසෙනවා. නමුත්  විෂය කරුණු දැඩි වන විට, ගැටළු විසඳීමට දරුවන්ගේ මනස සූදානම් නැති බවක් තමයි පෙනෙන්නේ. විභාගය ලං වෙලා වේගයෙන් කටපාඩම් කරන්න තමයි දැන් ළමයින් පෙළඹිලා තියෙන්නේ. සිසුන් ඉගෙන ගන්නා කාලයේදී  මතකය වඩාත් ඵලදායී ලෙස භාවිතා කරන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් කියලා දෙනවා.

දරුවා නිරන්තරයෙන් තොරතුරු සමාලෝචනය කරන විට ඉගෙන ගත් දේ වඩාත් නිරවද්‍යතාවයෙන් මතක තබා ගැනීමට දරුවාගේ මනස පුහුණු කරවන්න පුළුවන්.

1. වැදගත් මුලික කරුණු පිළිබද හොඳින් අවධානය යොමු කරන්න
ඔයාගේ දරුවාගේ මතකය වැඩි දියුණු කිරීම සඳහා, ඔයා විෂය ධාරාවට අදාළ වැදගත් මුලික කරුණු වලට අවධානය යොමු කරන්න ඕනේ. පාඩම් කරන විෂයේ ප්‍රධානම මුලික කරුණු අමතර කරුණු වලින් වෙන් කර හඳුනාගන්න. ඒ කරුණු යටින් රතු පෑනෙන් ඉරක් ඇ​ඳ ගන්න. 

2. අක්ෂර රටා හා සිහිවටන භාවිතා කරන්න
දරුවට මතක තබා ගත යුතු කරුණු වලින් රටා සහ වචන සාදන හැටි කියා දෙන්න. එහෙමත් නැති නම් හුරු පුරුදු සංගීතයක රිද්මයකට පාඩම් කිරීමෙන් තොරතුරු මතකයට නැංවීම පහසු කරනවා. රූප සටහන් මගින් තොරතුරු වේගයෙන් මනසට කාවදිනවා. ඉගෙනගත් කරුණු මතක තබා ගැනීමට මෙම උපක්‍රම නිසැකවම දරුවට ප්‍රයෝජනවත් වේවි.

3. කරුණු එකිනෙකට පෙළගස්වන්න
මො​ළයේ මතකයන් ගබඩා වෙන්නේ එකිනෙකට සම්බන්ධ කරුණු සමූහයක් විදිහටයි. ඒ නිසා කරුණු එකිනෙකට පෙළගස්වා පාඩම් කරන්න. වෙන් කර ගත් මූලික කරුණු වටා කතාවක් සාදන්න. එවිට දරුවන්ට වඩාත් පහසුවෙන් සිහිපත් කළ හැකියි. කතාව විනෝදජනක වන තරම​ට එය මතක තබා ගැනීම පහසු වනවා.

4. ඇවිදිමින් පාඩම් කරන්න.
ඇවිදමින් හෝ අත් චලනය කිරීමත් සමඟ තොරතුරු වඩා හොඳින් මතකයේ තබා ගන්න පුළුවන්. ඉ​ඳගෙන පාඩම් කරන විට නිදිමත ඇති වෙනවා. නිදිමත වළක්වා ගැනීමටද මෙම ක්‍රමය භාවිතා කළ හැක. 

5. පුරුදු වෙනස් කරන්න
ඔයාගේ දරුවා පුරුදු වෙලා තියෙන පිළිවෙල වෙනුවට අලුත් පිළිවෙලක් අත්හදා බලන්න. දරුවා පාඩම් කරන ස්ථානය හෝ කාලයන් වෙනස් කර බ​ලන්න. කොහොමින් කොහොම හරි පැයක් සිත ඒකාග්‍ර කර ගනිමින් පාඩම් ක​ළොත් ටික වෙලාවක විවේකයක් දෙන්න.

6. නැවත මතක් කරන්න
ඔයාගේ දරුවා පාඩම් කර දින කිහිපයකට පසු දරුවා පාඩම් කරන ල​ද තොරතුරු සමාලෝචනය කිරීමට වග බලා ගන්න. ඔහුට / ඇයට අමතක වී ඇති කරුණු පිළිබඳව මානසික සටහනක් තබා ගන්න කියන්න. එය විභාගයට පෙර නැවත බලා ගන්න. 

දරුවන් හුදෙක් තොරතුරු කටපාඩම් නොකොට, විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් මතක තබා ගන්නවාදැයි සොයා බලන්​න. ඔයා නිදහසේ ඉන්න වෙලාවක දරුවාගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1577 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 8:44:09 AM
Script:/article/1577/help-your-kids-to-remember-their-studies.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 8:44:10 AM
Script:/article/1577/help-your-kids-to-remember-their-studies.html