දරුවා පෙරපාසලේදී කලහකාරී විදියට හැසිරෙන්නේ ඇයි?

March 28, 2019
6,185
Why kids act aggressive sometimes
සමහර අම්මලා දරුවාව අරගන්න මොන්ටිසෝරියට යන්නට තරමක් පැකිලෙනවා. එයට ප්‍රධානම හේතුව තමයි දරුවාගේ කලහකාරී හැසිරීම. දරුවාගේ මේ කලහකාරී හැසිරීම නිසා පාසලේ අනෙක් ළමුන්ට හිරිහැර සිදුවීම වගේම අනෙක් ළමුන් පාලනයටද අපහසු වීම, ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට බැරි තරම් පන්තිය ඝෝෂාකාරී වීම වැනි හේතු දක්වන්න පුළුවන්ග ඇතැම් වෙලාවල් වලදී සිදු කරගන්නා අනතුරු නිසා දෙමාපියන් අතරේත් බහින්බස් වීම් ඇති වෙනවා. මේ සියල්ල සමග සළකා බලද්දී කලහකාරී දරුවෙක් බොහෝ ප්‍රශ්න ඇති කරනවා. අපි ඉදිරියේදී ඒ වෙනුවෙන් දරුවන් ඒ බවින් මුදා ගන්නට හැකි ක්‍රමවේදයන්ද පවසන අතර මෙම සටහන තබන්නේ දරුවන් එසේ විය හැකි හේතු පහදා දීමයි.


එසේ විය හැකි හේතු අතර,


01. කුසගින්න, වෙහෙස හෝ ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවය දරුවාට දැනුණත් ඒ දේ කුමක්දැයි දරුවාට නොතේරෙන අවස්ථා වල

02. යම් කරුණක් ගැන හිතේ කරදරයෙන් හෝ බියෙන් පසුවෙන අවස්ථාවල ඒ දේ වචනවලට නොහරවා කලහකාරීව හැසිරීම

03. රූපවාහිනී වැඩසටහනක චරිතයක්, අසල්වැසියෙක්, ඥාතියෙක්, මිතුරෙක් හෝ සමහර විට තමන්ගේම මව්පියන් අනුකරණය කරමින් දරුවා ප්‍රචණ්ඩකාරී ලෙසින් හැසිරීම

04. කුතුහලය නිසා ඇතිවෙන ගවේෂණය කිරීමේ ආශාව හේතුවෙන්

05. තමන්ට තහනම් දේවල් වගේම කිරීමට අවසර ඇති දේවල් සහ සීමාව කියන සංකල්පය ගැන තියෙන අනවබෝධයද මෙයට හේතු විය හැකියි. එසේම වැඩිහිටියන් විසින් සීමාවන් ගැන නිවැරදි අවබෝධයක් ලබා නොදෙන අවස්ථාවල සහ සීමාවන් වරින් වර වෙනස් කරන අවස්ථාවල දරුවා තුළ ඇතිවන අනවබෝධය නිසාත් මෙම තත්ත්වය ඇති විය හැකියි.

06. අපහසු ඇඳුමක්, මේස් සපත්තු, අකමැති හෝ ආහාරයට ගත් අපහසුදායක ආහාරයක් වැනි දෙයක් නිසා

07. කායික සහ මානසික නිදහසත්, විවේකයත් වැඩි වශයෙන් අවශ්‍ය දරුවා අනවශ්‍ය විදියට කුමන හෝ හේතුවක් නිසා දැඩි පීඩනයකට පත් වීම.

08. ශක්තිමත් සන්නිවේදන හැකියාවක් නොමැති වීමත් මේ ගැටලුවට ප්‍රධාන හේතුවක් වෙනවා. තමන්ට හැඟෙන දේ වචනවලට පෙරළාගන්න නොහැකි වුණාම වගේම ගුරුවරයා හෝ මව්පියන් ඒ දේ නිවැරදිව වටහාගත්තේ නැති වුනාමත් දරුවා කලබලකාරී විදියට හැසිරෙනවා.

09. දරුවාට අතහැර දැමූ ගතියක්, අවධානය මදිකමක්, අනාදරයට පත්වූ බවක් දැනෙනවිට කලබල කිරීම මඟින් අන් අය සමග සම්බන්ධයක් ගොඩනගා ගන්න උත්සහ කරන අවස්ථාවල වගේම දරුවාට වැඩිහිටියන්ගේ ආදරය පරික්ෂා කිරීමට අවශ්‍ය වූ විටත් මේ ලෙසින් දරැවා කලහකාරී වෙනවා.

10. වැඩිහිටියන් සෘජු තීරණ නොගන්නා, පෞර්ෂ්‍යත්වයක් නොමැති අය වූ විටල දරුවා ඔවුන්ගේ නායකත්වය පරීක්ෂා කරමින් කලබල කරනවා.

11. ගුරුවරුන් සහ මව්පියන් තමන්ගෙන් බලාපොරොත්තුවන දේ පිලිබඳ දරුවාට වැටහීමක් නොමැති වූ විට.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1291 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:18:54 AM
Script:/article/1291/why-kids-act-aggressive-sometimes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:18:54 AM
Script:/article/1291/why-kids-act-aggressive-sometimes.html