ඔබේ ගර්භණී සමයේදී ඇති වෙන තෙහෙට්ටුව සමඟ කටයුතු කරන්න ඕනේ මෙහෙමයි

August 20, 2020
8,829
How to deal with the tiredness while pregnant
ගර්භණී සමයේදී වෙනදාට වඩා වෙහෙසක් සහ උණුසුමක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. ඒක බහුතරයක් ගර්භණී කාන්තාවන්ට දැනෙන තත්ත්වයක්. ඒ වගේම බොහෝ ගර්භනී කාන්තාවන්ට ක්ලාන්ත බවක් ද මේ කාලයේදී ඇති වෙනවා. ඒක ඔබේ ශරීරයේ හෝමෝන වෙනස්කම් නිසා සිද්ධ වෙන දෙයක්. ඒක නිසා මේ තත්ත්වයන් ගැන ඔබ අනිසි බියක් ඇති කරගන්න අවශ්‍ය නෑ. අපි අද ඔබව ප්‍රධාන වශයෙන්ම දැනුම්වත් කරන්නේ ඔබේ ගර්භණී සමයේදී ඇති වෙන මේ තත්ත්වයන් සමඟ කටයුතු කරන්න ඕනේ ආකාරය ගැනයි...

ක්ලාන්තය
ගර්භනී කාන්තාවන්ට බොහෝ විට ක්ලාන්තය දැනෙනවා. මේකට හේතුව ගර්භණී සමයේදී ඔබේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් කියලා මුලින්ම අපි ඔබට කිව්වා. ඔබේ මොළයට ප්‍රමාණවත් තරම් රුධිරය නොලැබෙන අවස්ථාවක ඊළඟට ප්‍රමාණවත් ඔක්සිජන් ද ලැබෙන්නේ නැති වෙනවා. ඒ නිසායි ක්ලාන්තය හට ගන්නේ. ඔබේ ඔක්සිජන් මට්ටම අඩු වුණොත් ඒක ඔබට ක්ලාන්ත වීමට හේතු වෙනවා. සාමාන්‍යයෙන් ඔබ පුටුවකින්, වැසිකිළියෙන් හෝ නාන්න ඉඳගත්තාට පස්සේ ඉක්මණින් නැගිට්ටාම ඔබට ක්ලාන්ත ගතියක් දැනෙන අවස්ථා උදා වෙලා ඇති. ඒ වගේම ඔබ උඩුබැලි අතට වැතිරිලා ඉන්නකොටත් ඒක සිද්ධ වෙන්න පුලුවන්. 

ඒ වගේ අවස්ථාවකට මුහුණ දීමට ඔබට උපකාරී වෙන උපදෙස් කිහිපයක් මෙන්න:

වාඩි වෙලා හෝ වැතිරිලා හිටියාට පස්සේ සෙමින් සෙමින් නැගිටින්න උත්සාහ කරන්න.

තනියම හිටගෙන ඉන්නකොට ඔබට ක්ලාන්ත බවක් දැනෙනවා නම් ඉක්මනින් ආසනයක් සොයා ගන්න. ඉඳගත්තාට පස්සේ ක්ලාන්තය පහ වෙලා යන්න ඕනේ. ඒක එහෙම වුණේ නැත්නම් ඔබට පහසු පැත්තකට ඇල වෙලා වැතිරෙන්න.

ඔබ උඩු අතට වැතිරිලා ඉන්නකොට ක්ලාන්ත බවක් දැනෙනවා නම් ඔබට පහසු පැත්තකට ශරීරය හරවගන්න ( ගර්භනී අවධියෙන් පස්සේ හෝ දරු ප්‍රසූතියේදී ඔබේ උඩු අතට ශරීරය පැතලි කරගෙන ඉන්නේ නැති තරමට හොඳයි).

කාලගුණය උණුසුම් නම් ඕනෑ තරම් ජලය පානය කරන්න.

උණුසුම් බවක් දැනීම
ගර්භණී සමයේදී ඔබට සාමාන්‍ය ප්‍රමාණයට වඩා උණුසුම් බවක් දැනෙනවා ඇති. මේකට හේතුව හෝමෝන වෙනස්කම් සහ සමට රුධිර සැපයුම වැඩි වීමයි. ඒ වගේම ඔබට වැඩියෙන් දහඩිය දැමීමටත් ඉඩ තියනවා. ඔබට එහෙම අවස්ථාවකදී උදව් කරගන්න මේ අදහස් උපකාරී වෙයි :

සෑම විටම කපු රෙද්දෙන් නිම වූ ඇඳුම් අඳින්න. මේවා කෘතිම රෙදි වලට වඩා කපු රෙදි වල තාපය පිටකිරීමේ හැකියාවෙන් පොහොසත්.

ඔබේ කාමරය සිසිල්ව තබා ගන්න. සිසිල් කිරීම සඳහා ඔබට විදුලි පංකාවක් භාවිතා කළාට ගැටලුවක් නෑ.

ඔබට නැවුම් බවක් ඕනේ නම් පුලුවන් වෙලාවට නිතර ඇඟ සෝදගන්න.

ඕනෑ තරම් ජලය බොන්න.

තෙහෙට්ටුව හා නින්ද
ගර්භණී සමයේදී, විශේෂයෙන් පළමු සති 12 හෝ ඊට එහා කාලයකදී ගර්භණී මවුවරුන් මහන්සියට පත්වීම හෝ අධික තෙහෙට්ටුවක් දැනීම සාමාන්‍ය දෙයක්. මෙම අවස්ථාවේදී ඔබේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා ඔබට වෙහෙස, ඔක්කාරය හා විවිධ හැඟීම් ඇති වෙන්න පුලුවන්. මේ ගැටලු සියල්ලටම සුදුසු එකම පිළිතුර තමයි ඔබ පුලුවන් තරම් විවේකීව ඉන්න උත්සාහ කරන එක. දිවා කාලයේදී ඔබේ දෙපා ඉහළට තබාගෙන වාඩි වෙලා ඉන්න කාලය සකසගන්න. මේ කාලයේදී ඔබේ සැමියාගෙන්, මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් ලැබෙන ඕනෑම උපකාරයක් පිළිගන්න. වෙහෙසට පත් වීමේදී සහ අධිකව වැඩ කරද්දී ඔබේ සෞඛ්‍ය මට්ටම පහත් වෙනවා කියලා ඔබටම දැනෙන්න පටන් ගනියි. ඒ නිසා දිනපතා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරමින් ඔබේ ශාරීරික සෞඛ්‍යය ගැන වෙනදාට වඩා සොයා බැලීමට උත්සාහ කරන්න.

පසුකාලීන ගර්භනී අවධියේදී ඔබ දරණ අමතර බර නිසා ඔබට වෙහෙසක් දැනෙන්න පුලුවන්. ඒ නිසා ඔබට ඕනෑ තරම් විවේකයක් ලබා ගන්නට වග බලා ගන්න. ඔබේ දරුවා විශාල වෙනකොට හොඳ නින්දක් ලබා ගැනීම දුෂ්කර වෙන්න පුලුවන්. ඔබට ඒ නිසා වැතිරීමට අපහසු වෙයි. නිතර නිතර වැසිකිළියට යාමට ඔබට නැඟිටීමට සිදු වෙන්න පුලුවන්. ඒ නිසා හැකි සෑම විටම විවේක ගන්න අමතක කරන්න එපා.

වෙහෙසට පත්වීම කියන්නේ ඔබට හෝ ඔබේ දරුවාට හානියක් නෙමෙයි. නමුත් එය ඔබේ ගර්භණී ජීවිතය වඩාත් දුෂ්කර කරවන්න පුලුවන්. විශේෂයෙන් ඔබේ ගර්භණීභාවය ගැන, ඔබ පිට අයට කියන්න කලින් මුල් දිනවලදී ඔබට පුලුවන් තරම් විවේකයක් ලබා ගන්නට වග බලා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1783 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:36 PM
Script:/article/1783/how-to-deal-with-the-tiredness-while-pregnant.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:37 PM
Script:/article/1783/how-to-deal-with-the-tiredness-while-pregnant.html