ඔයාගෙ සැමියා ඔයාට නොකියන දේවල් පහක්

July 25, 2020
7,923
5 things that your husband never tells you
බිරින්දෑවොන්ගෙ සිතේ නිතර පැළපදියං වෙච්ච කාරණයක් ගැනයි මේ කියන්න යන්නෙ, ඒ තමයි ඔයාගෙ සැමියා මොනවද ඔයාට හොරෙන් හිතන්නෙ කියන එක. ඇත්තටම ඉතිං බිරින්දෑවො හරි ආසයිනෙ මනුස්සයා මොනවද හිතන්නෙ කියල දැනගන්න. සමහර බිරින්දෑවොනං මායම් පාවිච්චි කරලා හබියගෙ හිතේ තියෙන දේ එළියට ගන්නවා. සමහරු එයාලගෙ මනෝවිද්‍යාත්මක හැකියාව පාවිච්චි කරලා කටින් වචනයක්වත් අහන්නෙ නැතුව හිතේ තියෙන දේ දැනගන්නවා. අපිට ඉතිං ඒ හැකියාවන් නැති නිසා අපි කියන්න යන්නෙ ඔයාගෙ හබියා මොනවා හිතනවා ඇතිද කියලයි. මොකද ඉතිං හබියලා කැමතිනෑ ඔය සාමාන්‍යයෙන් වයිෆ්ලා කරන විදියට බොරුවට පොඩි ඇඬිල්ලක් දාලා ඉමෝෂනල් ලයින් එකෙන් එයාලගෙ හිතේ තියෙන දේවල් දැනගන්නවට. මොකද ඉතිං බොහෝමයක් ස්වාමිපුරුෂයෝ කාන්තාවන්ට සාපේක්ෂව අදහස් ප්‍රකාශ කිරීමේදී තරමක් පසුපසින්නෙ ඉන්නෙ.

ස්වාමිපුරුෂයෝ සාමාන්‍යයෙන් දේවල් නොකියන ප්‍රධානම හේතුව තමයි එයාලා හිතන්නෙ නෑ හිතේ තියෙන දේවල් බෙදාගන්න ඕන විත්තිය. එනිසා ඉතිං බල කරන්න යන්නෙපා. ඒවගේම එයා හිතනවා ඇත්ත කිවුවොත් ඔයා අවුල් යයි කියලත්. අන්න ඒ නිසායි අපි මේ ටික කියන්නෙ.

ඇයි මෙයා මෙච්චර ඉමෝෂනල්
සැමියාගේ අවුලකදි ඔයා එයාටත් වඩා ඒ ගැන හිතන්න ගන්නවද? එයාට එයාගෙ ප්‍රශ්නය විසඳන එක පැත්තක තියලා ඔයාව අස්වසන්න වෙනවද? මින් පස්සෙ එයා ඔයාගෙන් ඒ වගේ දේවල් හංගාවි. මොකද එයාට ප්‍රශ්නයකදි ඔයාගෙන් උවමනා කරන අස්වැසිල්ල ලැබෙන්නෙ නැහැනෙ.

ඇයි එයා මට වෙන්න ඕන දේ කියන්නෙ නැත්තේ?
ඔයා හබිට ඔයාලගෙ ආදර ජීවිතය සම්බන්ධයෙන් වැඩ කරගෙන යන්න දීලා වැරදුනාට පස්සෙ ඒ ගැන කතා කරන්න යනවද? එයාට නිතරම හිතෙන දෙයක් තමයි මේ. ඇයි ඔයා හබිට සිද්ධ වෙන්න උවමනා දේ ගැන පොඩි හරි දැණුවත් කිරීමක් නොකරන්නෙ.

මං ඔයාට ආදරෙයි.. ඒත් අරයා ලස්සනයි
මේක ඕනෑම ස්වාමිපුරුෂයෙකුට හිතෙන දෙයක්. එයා ඔයාට කොච්චර ආදරෙ වුනත් වෙනත් ගැහැනියකගේ ආකර්ෂණීය බව දැනෙන එක සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. ඒක ඔයා තේරුම් ගත යුතුමයි. ඒ වෙනුවෙන් වැඩිදුර හිතන එක නිෂ්ඵල වැඩක්. සමහර විට එයා ඔයාට වෙනිං කෙල්ලෙකුගෙ ආකර්ෂණීය බව ගැන නොකියන්නෙම ඔයා ඒ ගැන වැඩිදුර හිතන නිසා වෙන්න පුළුවන්.

හැමදේටම දොස් කියන එක නවත්තන්න
ඔයාත් ඔයාගෙ හබියා කරන කියන හැමදේටම දොස් කියනවද? වැරදි පෙන්වනවද? එහෙනං මේ කතාව ඔයාගෙ සැමියාත් ඔයාට නොකියා හිතේ හිරකරගෙන ඉන්න දෙයක්. එයා මේ දේ ඔයාගෙන් අහන්නෙ නැත්තේ ඔයාට තවත් කේන්ති යන නිසායි. හබියා කරන දෙයින් ඔයාව නොසන්සුන් වෙනවානං කරුණාකරලා එයාව ගයිඩ් කරන්න.

ඔයාට මාව වැඩිපුර ඕන
මේකත් බොහෝමයක් පිරිමින්ට හිතෙන ඒත් තමුන්ගෙ බිරින්දෑට නොකියන දෙයක්. ඒ තමයි මට ඔයාව ඕනවට වඩා ඔයාට මාව ඕන කියන දේ. එයා කීයටවත් මේකනං ඔයාට කියන්නෙ නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1726 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 9:20:58 AM
Script:/article/1726/5-things-that-your-husband-never-tells-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 9:20:59 AM
Script:/article/1726/5-things-that-your-husband-never-tells-you.html