අවපැහැ ගැන්වුණු දෙතොල් පැහැපත් කරගන්න කැමතිද?

July 1, 2018
18,201
Repair your discoloured lips
අවපැහැ නොවුණු රෝස පැහැති දෙතොල් කාන්තාවන්ගේ විතරක් නෙමෙයි පිරිමින්ගේ මුහුණේ ලස්සනද වැඩි කරනවා. ඒ නිසා බොහෝ කාන්තාවන් වගේම පිරිමි පාර්ශ්වයත් අවපැහැ දෙතොල් පැහැපත් කරගන්න කැමතියි. අද හැඩකාරි තුළින් නිවසේ සිටම දෙතොල් පැහැපත් කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන කතා කරන්න අපි හිතුවා. මුලින්ම දෙතොල් අවපැහැ ගන්නේ ඇයිද කියලා පොඩ්ඩක් හොයලා බලමුද?

තොල් අවපැහැ පැහැ වෙන්න විවිධ හේතු බලපානවා. හිරු එළියට නිරාවරණය,
ආසාත්මිකතා, බාල තත්ත්වයේ තොල් ආලේපන, මත්ද්‍රව්‍ය භාවිතය, බුලත්විට, දුම්පානය, කැෆේන් අඩංගු බීම වර්ග වැඩිපුර ඔබ පානය කරනවා නම් දැනටමත් ඔබේ දෙතොල් අවපැහැ ගැන්වෙලා ඇති. ඉතිං දැන් ඔබට දෙතොල්වල අවපැහැය අවම කර දෙතොල් පැහැපත් කර ගන්න කාලය හරි.

01. දෙහි යුෂ

දෙහි යුෂවලින් සම පැහැපත් කරනවා වගේම ඔයාගේ අවපැහැගැන්වුණු දෙතොල් පැහැපත් කරගන්නත් භාවිත කරන්න පුළුවන්. රාත්‍රී නින්දට යන්න පළමුව දෙහි යුෂ බිංදු කිහිපයක් තොල්වල ආලේප කරන්න. මාස දෙකක් තුනක් පමණ යනකොට ඔබට තොල්වල පැහැය නැවත ලබාගන්න පුළුවන්. ඒවගේම තරමක් තුනී දෙහි පෙත්තක් ගෙන ඒ මතට සීනි ස්වල්පයක් මිශ්‍ර කර හොදින් තොල් ස්ක්‍බ් කරන්න. එවිට තොල්වල මැරුණු සම ඉවත්වී අලූත් සම මතු වෙයි. දෙහි, ග්ලිසරින් හා මී පැණි හැදි භාගය බැගින් ගෙන මිශ්‍ර කර රාත්‍රී නින්දට යනවිට ආලේප කිරීම මගින්ද අවපැහැ ගැන්වුණු තොල්වල පැහැය නැවත ලබාගත හැකියි.

02. රෝස වතුර

සම සිනිදු කරන්න වගේම සමට සිසිලසක් ලබාදෙන මොයිස්චරයිසින් එකක් විදිහට රෝස වතුර භාවිත කරනවා. ඒ වගේම තමයි තොල් වලට රෝස පැහැයක් ලබාගන්නද රෝසවල අඩංගු සංඝකයටන් බෙහෙවින් ඉවහල් වෙනවා. රෝස වතුරවලින් දෙතොල්වලට සත්කාර කරන්නේ මෙහෙමයි.

රෝස වතුර බිංදුවකට මී පැණි බිංදු කිහිපයක් එකතු කර මිශ්‍ර කර ගන්න. පසුව තොල් මත ආලේප කරන්න. ඒ වගේම රෝස පෙති කිහිපයක් පොඩි කර තලපයක් සේ සකස් කරගන්න. ඉන් පසුව එයට මී පැණි බිංදු කිහිපයක් එකතු කරන්න. ඉන් පසු තොල් මෘදුව සම්බාහනය කරන්න. සතියකට දෙවතාවක් පමණ මෙම සත්කාරය කිරීම තුළින් ඔබට තොල්වල පැහැය වඩාත් පහසුවෙන් ලබාගත හැකියි.

එමෙන්ම රෝස මල් පෙති කිහිපයක් එළකිරිවලින් පොගවා ගන්න. පසුව එයට මී පැණි තේ හැදි එකහමාරක් හා සැෆරන් ස්වල්පයක් එකතු කර විනාඩි 15 ක් පමණ තැබීමෙන් පසු දෙතොල්වල ආලේප කරන්න.

03. ඔලිව් තෙල් සත්කාරය

දෙතොල්වල අවපැහැය ඉවත්කරගන්න භාවිත කරන්න පුළුවන් තවත් හොඳ ප්‍රතිකර්මයක් තමයි ඔලිව් ඔයිල් කියන්නේ. සීනි මේස තේ හැදි 03 ක් හා බටර් මේස තේ හැදි 03 ක් මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. පසුව එම මිරණයෙන් දෙතොල් හොදට ස්ක්‍රබ් කරන්න. සතියකට කිහිප සැරයක් මේ සත්කාරය කරන්න පුළුවන් නම් හොදයි. ඒ වගේම තවත් ක්‍රමයක් ඔබට භාවිත කළ හැකියි. සීනී තේ හැන්දකට මී පැණි තේ හැන්දක් හා ආමන්ඞ් ඔයිල් තේ හැන්දක් හොදින් මිශ්‍ර කර එම මිශ්‍රණයෙන් සතියකට වරක් පමණ දෙතොල් ස්ක්‍රබ් කරන්න.


04. බීට් රූට් යුෂ

තොල් ලසස්න කරගන්න ඔබට බීට්රූට් භාවිත කළ හැකියි. බීට්වල අඩංගු ස්වභාවික බ්ලිචින් මගින් ඔබේ තොල්වල අදුරු පැහැය ඉවත් කර දෙතොල් පැහැපත් කරනවා. බීට් යුෂ ස්වල්පයක් ගෙන රාත්‍රී නින්දට යමට පෙර ඔබේ තොල්වල ආලේප කර තබා උදෑසන සෝදා ඉවත් කරන්න. බීට්වල අඩංගු රතු වර්ණකය ඔබේ දෙතොල්වලට රෝස පැහැයක් ගෙන දේවී. බීට් යුෂ සහ කැරට් යුෂ සමාන ප‍්‍රමාණවලින් ගෙන මිශ්‍ර කර ඔබේ තොල්වල ආලේප කරන්න. මිනිත්තු දහයක් පමණ තබා මද රස්නය වතුරෙන් සෝදා හරින්න.

05. දෙලූම් සත්කාරය

දෙලූම්වලින් අවපැහැ ගැන්වුණු දෙතොල් පැහැපත් කරනවා වගේම වියලූණු දෙතොල්වලට පෝෂණය හා මොයිස්චරයිසින් ලබාදී තොල් පැහැ ගන්වනවා. දෙලූම් සත්කාරය කරන්නේ මෙහෙමයි. දෙලූම් ඇට කිහිපයක් පොඩිකර රෝස වතුර හා කිරි ස්වල්පයක් සමග මිශ්‍ර කරගන්න. පසුව සකස් කළ මිශ්‍රණය හොදින් තොල් මත ආලේප කර ස්ක්‍රබ් කරන්න. පසුව මද උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න.

06. පිපිඤ්ඤා

මුහුණ වගේම දෙතොල් වලටද හොද සත්කාරයක්. පිපිඤ්ඤා පෙත්තක් ගෙන මිනිත්තු 05ක් පමණ තොල්වල අතුලන්න. එවිට පිපිඤ්ඤා සාරය තොල්වපට උරා ගන්නවා. එයින් තොල්වල වියළි බව දුරලමින් තොල් නැවුම්ව තබනවා.

07. මී පැණි

මී පැනි කියන්නේ තොල්වලට අවශ්‍ය මොයිචරයිසින් සපයන ඖෂධීය සංඝටක රැසක් අඩංගු සත්කාරයක්. රාත‍්‍රී නින්දට පෙර මී පැණි ස්වල්පයක් තොල්වල ආලේප කර මද රස්නය ඇති ජලයෙන් සොදන්න. මී පැණි, යෝගට් හා කඩල පිටි තේ හැන්ද බැගින් ගෙන තලපයක් සේ සකස් කර ගන්න. එය දෙතොල්වල ආපේප කර මිනිත්තු 30 ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

08. ආමන්ඩ් තෙල්

ආමන්ඩ් ඔබේ දෙතොල්වල සිනිදු බවක් වගේම රෝස පැහැති තොල් ලබා දෙන්නත් උපකාරී වෙනවා. ආමන්ඩ් ඔයිල් බින්දු කිහිපයකට මී පැණි බින්දු කිහිපයක් මිශ්‍ර කරන්න. ඔබේ තොල්වල වියළි යැයි හිතෙන ඕනෑම වෙලාවක මෙම මිශ්‍රණය ආලේප කරන්න.

ඒ වගේම එඩරු තෙල් හා ආමන්ඞ් තෙල් සම ප්‍රමාණයෙන් ගෙන මිශ්‍ර කර රාත්‍රී නින්දට යන්න කලින් දෙතොල්වල ආලේප කර පසුවදා ඉවත් කරන්න. ඉතිං ඉහත සදහන් කළ ඕනෑම ආකාරයක් ඔබේ දෙතොල් පැහැපත් වෙන්න භාවිත කරන්න පුළුවන්. ඉතිං ඔබේ දෙතොල් අවපැහැ ගැන්වී ඇත්නම් නිවස තුළදි මෙම සත්කාර අදම අත්හදා බලන්න

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 915 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:44:35 PM
Script:/article/915/repair-your-discoloured-lips.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:44:35 PM
Script:/article/915/repair-your-discoloured-lips.html