මිනිසුන්ට 'එපා' යැයි පැවසීම ඔබටත් අපහසු ද?

March 13, 2021
5,017
Is it difficult for you to say ‘No’ to others?
ඔබ කවදා හෝ යම් පීඩනයක් යටතේ 'ඔව්' කියන්න සිද්ධ වෙලා, ඒ ගැන ඊළඟ මොහොතේදීම පසුතැවීමක් දැනිලා තිබෙනවාද? හොඳයි, එපා යැයි පැවසීම පහසුම දෙය නොවෙන්න ඇති. සමහර විට ඔබට ඒ තත්වයෙන් මිදීමට ක්‍රමයක් නොමැති බව අපිට තේරුම් ගන්න පුලුවන්. නමුත් 'එපා/බැහැ' යැයි පැවසීම ඔබේ මානසික සහ චිත්තවේගීය යහපැවැත්ම පාලනය කර ගැනීමට තියන හොඳම විසඳුමක්.

ඔබ කැමැත්තෙන් ඔව් යැයි කියනවා නම් ඒකේ කිසිදු ගැටළුවක් නෑ. ඒත් ඔබ බලහත්කාරයෙන් නම් ඔව් යැයි කියන්නේ, පස්සේ ඔබ එහි ප්‍රතිවිපාක සමඟ පොරබදිනවා. මනෝ විද්‍යාඥයින් කියන විදිහට ඔබට එපා කීමට නොහැකි වීම දුෂ්කරයි නම්, ඒකෙන් ඊළඟට පුලුවන් සෑම ආකාරයකින්ම වෙහෙසට පත් කරවන අවකාශයකට ඔබව තල්ලු කරනවා.

මේ ආකාරයෙන් සිතන එක වැරැද්දක්. මොකද ඔබ සැමවිටම අනිත් අයගේ අවශ්‍යතා සහ උවමනාවන්ට ප්‍රමුඛතාවය දෙමින් සියල්ල අවසන් කරන්න බලනවා. එය දිගු කාලීනව ඔබට සෞඛ්‍ය සම්පන්න වෙන්නේ නෑ. කොටින්ම ඔබ එහෙම චරිතයක් වුණොත් ඔබට මානසිකව හා ශාරීරිකව දුෂ්කර තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනවා.

සමහර අයට එපා/බැහැ යැයි පැවසීම දුෂ්කර ඇයි?
සමහර මිනිසුන්ට එපා යැයි කීමට ලොකු මානසික අරගලයක් කරන්න වෙන්නේ ඇයි කියන කාරනයට බලපාන හේතු කිහිපයක් තිබෙනවා :

සමහර වෙලාවට මිනිසුන්ට යම් ස්ථානයක සිටිද්දී එතන තියන අනවශ්‍ය පීඩනය හේතුවෙන්, ඔව්/හා යැයි කීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නෑ.

සමහර අවස්ථාවලදී මිනිසුන්ට හැඟෙන්නේ තමන් අනෙක් පුද්ගලයාට ණයගැතියි කියලායි. “බොහෝ අවස්ථාවන් වලදී කෙනෙකුට එපා යැයි කීමට අපහසු වන්නේ, අනෙක් පුද්ගලයා තමන් වෙනුවෙන් ඕනෑවට වඩා උදව් කරලා ඇති බව ඔවුන්ට හැඟෙන නිසා පමණක් නෙමෙයි, තමන් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ට අගෞරවයක් ද වෙයි" කියලා හිතන නිසායි.

තමන් එපා යැයි කිව්වොත් ඔවුන් රළු, ආත්මාර්ථකාමී සහ හිත් නොමනාපෙන් හැසිරෙයි කියලා තවත් අය හිතනවා. මේ අනුව තමන් අපහසුතාවයට පත්වන විට පවා අනුන්ගේ උවමනාව සැපිරීම සඳහා ඔව් යැයි කියන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා.

විශේෂයෙන්ම මෙය තමන්ගේ මානසික යහපැවැත්මට ද බලපාන බව නොදැන අනිත් අය සතුටු කිරීම සඳහා එපා/බැහැ යැයි කීමට අපහසු පුද්ගලයින් ගොඩක් ඉන්නවා.

එපා/බැහැ යැයි කීමට ඔබට ලොකු අරගලයක් කරන්න වෙලා තියෙන්නේ ඇයි කියලා වටහා ගන්නට ඔබ සමඟම කතා කරන්න හෝ මනෝ චිකිත්සකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

‘එපා’ යැයි ඍජුවම කියන්නට තමන්ට එච්චරම අමාරු ඇයි කියලා ඔබම උත්සාහ කරලා තේරුම් ගන්න ඕනේ. ඒකට හේතුව ඔබම සැබෑවටම වටහා ගත්තාම, එය ඔබට හොඳ සවිබල ගැන්වීමක් වෙනවා.

ඔබ තුළ තිබෙන ඉහත සඳහන් කරපු හානිකර අදහස් වෙනස් කරගෙන අලුත් ආරම්භ‍යක් ලබා ගැනීමට ද ඒක හොඳ අවස්ථාවක් වෙයි.

සෑම විටම ඔව් යැයි කීම ඔබට විටින් විට අධික පීඩනයක් වෙන්න පුලුවන් බව ඔබ තේරුම් ගන්න ඕනේ. එහෙම වුණාම ඇත්ත වශයෙන්ම, අනෙක් පුද්ගලයින්ද ඔබව සුළු කොට තැකීමට පටන් ගන්නවා. ඒක නිසා ඔබ ඔබටම සැබවින්ම ස්වයං වටිනාකමක් දෙන්න පුරුදු වෙන්න. අනිත් අය මොකක් හිතයිද කියලා කරදර වෙන එක නවත්වන්න.

සමහර අවස්ථාවලදී, ඔබ ඔව් යැයි කිව්වොත් ඔබට ඒකෙන් ලැබෙන්නේ මොනවාද කියලා සිතා බලන්න. ඔව් යැයි පැවසීමෙන් ඔබට ඍණාත්මක බලපෑමක් ඇති කරයිද නැද්ද යන්න විශ්ලේෂණය කරන්න. මුලින් ඔව් යැයි පැවසීම වැදගත් වන්නේ ඇයි කියලා තක්සේරු කරන්න. එතකොට යම් දෙයකට පමණක් කැප වන්න. විශ්වාස කරන්න, එපා කියන එකෙන් කිසිසේත්ම ඔබ නරක පුද්ගලයෙක් වෙන්නේ නෑ. ඔබ ඔබටම ණයගැති වෙන්නයි ඕනේ.

මෙම ගැටළුව විසඳීම ඔබට අපහසු නම්, අපි ඔබට යෝජනා කරන්නේ මනෝ චිකිත්සකයෙක් හමුවී ඔබටම විසඳුමක් සොයා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1951 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:44 AM
Script:/article/1951/is-it-difficult-for-you-to-say-no-to-others.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:45 AM
Script:/article/1951/is-it-difficult-for-you-to-say-no-to-others.html