කලින් දවසෙ නින්ද ගියේ අඩුවෙන්ද? නිදිමරපු බව නොපෙනෙන්න පහුවදාට ලස්සනට ඉන්නෙ මෙහෙමයි

February 19, 2021
20,656
How to look good after a bad night sleep
හොඳ නින්දක් කියන්නේ නිරෝගී ජීවිතයක හා දීප්තිමත් සමක රහස බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම පැය 6-8 ක හොඳ සැපවත් නින්දක් ලබා ගත්තොත් ඔයාගේ ජිවිතයට එන්න පුළුවන් බොහොමයක් දරුණු ලෙඩ රෝග වලින් ඔයාව ආරක්ෂා කරනවා. ඒ නිසා නින්ද කියන්නේ ඔයාගේ සමේ සෞඛ්‍ය සම්පන්න දීප්තිය වෙනුවෙන් ද ඔයාට ම කරන්න පුලුවන් ලොකු උදව්වක්.

විශේෂයෙන්ම එදිනෙදා වැඩ රාජකාරිය නිසා සෑහෙන්න වෙහෙසකර ජිවන රටාවක් ගෙවන යුවතියන් තමාගේ සම ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාට හොඳ පෙනුමක් පමණක් නෙමෙයි, ශරීරය ගැන හොඳ හැඟීමක් ද ඇති කර ගන්න යම් උත්සාහයක් දරන්න ඕනේ. මොකද ඔයා වෙහෙසට පත් වෙනකොට ඔයාගේ ඇස් වටා තියන අඳුරු කව සහ සුදුමැලි දෑස් වලින් තෙහෙට්ටුවක් පෙන්නුම් කරනවා. ඉතින් හොඳ නින්දක් අහිමි දවසට ඒ බව නොපෙන්වා දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට මේ ටිප්ස් පිළිපදින්න ඔයාට පුලුවන්.

1. සුදුමැලි බව ඇස් වලින් ඉවත් කරන්න
ඔයා උදැසනට කෝපි එකක් හදාගන්න කලින් කෝපි කුඩු මේස හැඳි 2 ක් අරගෙන ශීතකරණය තුළ තබන්න. ඒක සිසිල් වුණාට පස්සේ හැන්දක වක්‍රාකාර පැත්තෙන් කෝපි ටික ඔයාගේ ඇස් වලට තද කරමින් තියන්න. තත්පර කිහිපයක් එහෙම්ම තබා ගන්න. එම කොටස නැවත විජලනය වීම නතර කිරීම සඳහා ඇස් දෙක මත අයි ක්‍රීම් එකක් ආලේප කරන්න. ඒ ක්‍රමයෙන් ඔබේ ඇස් වලට දිලිසීමක් ලබා දෙන අතර ඇස් වල සුදුමැලි බව ද ඉවත් කර ගැනීමට පුළුවන්.

2. ඔයාගේ සම පුනර්ජීවනය කරන්න
නින්ද නොයෑම නිසා ඔයා වෙහෙසට පත් වෙලා ඉන්න දවසට ස්නානය කරන එකත් මඟ හැරෙනවා ඇති. ඒත් මහන්සි වෙලාවට උණුසුම් වතුරෙන් ස්නානය කරන එකෙන් ඔයාගේ සමට පුනර්ජීවනයක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා. නින්ද නොලැබීම නිසා ඇති වන අඳුරු සහ සුදුමැලි සම පැහැපත් කර ගැනීම සඳහා ඔයාගේ මුහුණට ඒ ගමන් ස්ක්‍රබ් එකක් ද කරන්න. ඔයාගේ පැහැය නැවුම් කිරීමට පහසුම හා වේගවත්ම ක්‍රමය ඒකයි.

3. මොයිස්චරයිසර් අලේප කරන්න
ඔයාට හොඳ නින්දක් නැති වුණාම ඒක ඔයාගේ සමට ද බලපානවා. ඒ නිසා සම නිතරම සජලීව තබා ගැනීමට හා තෙතමනය ආරක්ෂා කර ගැනීමට මොයිස්චරයිසර් ක්‍රීම් එකක් අලේප කරන්න. එමගින් මුහුණේ වියළි බව සහ රැළි වැටීම අතුරුදහන් කරන්න පුලුවන්. ඒ වගේම අඳුරු හා වෙහෙසට පත්ව සිටින බව ද මුහුණෙන් මැකී යයි.

4. ප්‍රතිකාරයක් කරන්න
ඔයගේ සමට තවමත් පණක් නැති බවක් පෙනෙනවා නම්, අයිස් කැට කිහිපයක් සමඟ කිරි ටිකක් මිශ්‍ර කර ගන්න. පස්සේ මෘදු රෙදි කැබැල්ලක් මිශ්‍රණයේ ගිල්වලා ඉවතට අරගෙන විනාඩි 3-5 ක් ඔයාගේ මුහුණ මත තබන්න. ශීත කළ අයිස් කැට සහ කිරි සංයෝජනය සම පැහැපත් කිරීමට උපකාරී වෙනවා.

5. ඔයගේ ඇහි පියන් කර්ල් කරන්න
ඔබේ ඇහි පියන් වල කර්ල් ගතිය ඉහළට ඔසවනකොට ඔබේ ඇස් වඩාත් සජීවී, පුළුල් හා දීප්තිමත් ලෙස පෙනෙන්න පටන් ගන්නවා. eyelash curler එකකින් ඔබේ අයි ලෑෂ් රේඛාවට ආසන්නව ඉලක්ක කරමින් තත්පර 10 ක් විතර squeeze කරලා ඊට පස්සේ පිටතට වක්‍රාකාරව ඇහි පියන් කරකවන්න.

ඉඟිය: “සැමවිටම eyelash curler එකක් භාවිතා කරන්න”, ඒක පුරුද්දක් කර ගන්න.

6. මෘදු මොයිස්චරයිසර් එකකට යන්න
ෆවුන්ඩේශන් සහ රෝස් පවුඩර් මගින් සම අඳුරු කරන අතර ඊටත් වඩා සුදුමැළි පෙනුමක් එක් කරනවා. ඒ නිසා නියමිත SPF අගයක් සහිත මෘදු පැහැපත් මොයිස්චරයිසර් එකක් මුහුණේ සමට ආලේප කරන්න.

7. ඔයාගේ කම්මුල් ඉස්මතු කරන්න
කම්මුල්වල වර්ණ ආලේප කිරීමෙන් ඔයාගේ මුහුණ ආලෝකමත් කරවන්න පුලුවන්. ඒ නිසා ඇස් යට අඳුරු කව වලින් අවධානය ගිලිහි යනවා. Peach කලර් එක ගොඩක් වෙලාවට සම පැහැපත් කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම මෘදු පැහැයක් ලබා ගැනීම සඳහා ලිප් බාම් එකක් ද තොල්වල ආලේප කරන්න පුලුවන්.

8. Concealer භාවිතා කරන්න
ඇස් වටා ඇති වෙන අඳුරු කව සැඟවීමට හයිලයිටරයක් හෝ කන්සීලර් එකක් භාවිතා කරන්න.

9. තොල් වර්ණ ගැන්වීම
තොල් වල හැඩය වෙනස් නොවන පරිදි ලිප් ලයිනර් එකක් මුලින්ම ඇඳ ගන්න. ඊට පස්සේ තොල් ආලේපනයක් හෝ ලිප් ග්ලොස් එකක් භාවිතා කරන්න පුළුවන්. මෙමගින් ඔයාගේ නිදිමත ඇස් වෙනුවට ඔයාගේ මූණටම සම්පූර්ණ අවධානය ලබා ගන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1944 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:19:11 PM
Script:/article/1944/how-to-look-good-after-a-bad-night-sleep.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:19:12 PM
Script:/article/1944/how-to-look-good-after-a-bad-night-sleep.html