IQ අගය දියුණු කරවන "සංගීතය" ඉගෙන ගන්න කැමති ඔබට වැදගත් වෙන කරුණු 5 ක් මෙන්න

September 10, 2020
6,815
Key points to learn music
සංගීතය පුහුණු වෙනවා කියන්නේ ඔබට නිර්මාණයක් කිරීමට හැකියාව ලැබෙන දෙයක් විතරක් නෙමෙයි, ඒ හරහා ඔබේ මොළයේ IQ අගය ද දියුණු කරනවා. සංගීතය ඔබේ ඉවසීම දියුණු කරන අතර වර්තමාන මොහොතේ ජීවත් වීමට උදවු වෙනවා. එය අද කාලයේ තරුණියන්ට වගේම තරුණයන්ටත් අනුගමනය කරන්න පුලුවන් බුද්ධිමත් ජීවන රටාවක්.

ඉතින් ඔබ සංගීතය ඉගෙන ගැනීමට ඔබේ ජීවිතයට සාධාරණ අවස්ථාවක් ලබා දි තිබෙනවාද? ඔබට ප්‍රමාණවත් කාලයක්, ප්‍රමාණවත් ඉවසීමක් නැති නිසා හෝ ඔබට සටහන් නිවැරදිව මතක තබා ගන්න ගන්න බැරි වෙයි කියලා හැඟුණු නිසා ඔබ මීට කලින් සංගීතය හදාරන්න උත්සාහ කරලා එය අත්හැරලා තිබෙනවාත් ඇති. සංගීතය හදාරන එක නතර කිරීමට ඔබගේ හේතුව මොකක් වුණත්, අපි අද ඔබට කියන වටිනා කරුණු එක්ක ඔබට නැවත එය ආරම්භ කරන්න හිතෙයි ! මොකද සංගීතය ඉගෙනීමෙන් ඔබට ඔබේ මනස සහ ජීවිතය සන්සුන් කරගන්න හැකියාව ලැබෙනවා. නමුත් මුලදී ඒක ටිකක් අභියෝගාත්මක වෙන්න පුලුවන්. ඔබ මේ කරුණු විමසිල්ලෙන් ධාරණය කර ගත්තොත් ඔබට තවමත් නිවැරදි සටහන් සමඟ සංගීතය වාදනය ක‍රන්න පුලුවන් වෙයි.

1 ආරම්භකයෙක්ගේ මනසින් පටන් ගනන
මුලින්ම ඔබ සංගීත උපකරණයක් තෝරාගෙන, කැමති සංගීතයක සටහන් ගවේෂණය කිරීම සහ ඉගෙනීම ආරම්භ කරන්න. ඔබ වාදනය කිරීමේ ක්‍රියාවලියට යොමුවෙද්දී සමහර වෙලාවට ඔබව කලකිරීමට පත් වෙලා සතියක් ඇතුළත වැඩෙන් ඉවත් වෙන්න සිතෙන්නත් පුලුවන්. මොකද ඔබේ සටහන් සංගීතයට පරිවර්තනය නොවන බව ඔබට හැඟෙන නිසා. ඒකට බලපාන හේතුව තමයි වැඩිහිටියන් වැඩි වශයෙන් සංගීතය ඉගෙනීමට යන්නේ විශේෂඥයෙකුගේ මනසකින්. එහෙම වුණාම ඔබේ මනස සංගීත සටහන්, ඔබේ ප්‍රියතම ගීතයේ සටහන් සහ වෙනත් දේ වලින් පිරිලායි තියෙන්නේ. එය අලුත් දෙයක් ඉගෙන ගැනීමේ කුතුහලය නැති කරනවා.

නමුත් ආරම්භකයකුගේ මනස හිස්. සෑම විටම අලුත් දෙයක් ඉගෙනීමට බලන් ඉන්නේ. ඒ නිසා ඉවසීමෙන් ඉන්න! සති හෝ මාස ගණනක් සංගීත ඛණ්ඩ වාදනය කිරීමට නොහැකි වුණාට කමක් නැ. ඒකෙන් අදහස් කරන්නේ ඔබ සංගීතයෙන් ඉවත් විය යුතු බව නොවේ, එයින් අදහස් කරන්නේ ඔබට තවත් පුහුණුවීම් අවශ්‍ය බවයි.

2 ඔබේ සංගීත භාණ්ඩය ප්‍රවේශමෙන් තෝරන්න
වැඩිහිටියෙක් විදිහට ඔබ කැමති කුමන ආකාරයේ සංගීතයකට ද, සංගීත භාණ්ඩයකට ද හෝ කලාකරුවෙකුට ද කියලා ඔබට වඩා හොඳ දැක්මක් තියනවා. ඔබේ ප්‍රයෝජනය සඳහා ඒක භාවිතා කරන්න. ඔබේ ප්‍රියතම තාරකාව turtleneck එකක් ඇඳගෙන හිමෙන් වැසුණු කන්දක් මත වයලීනය වාදනය කරන්න පුලුවන් නමුත්, ඔබ තේරුම් ගත යුතු දේ, ඔබ කුමන සංගීතයක් ඇසීමට ප්‍රියකරනවාද යන්නයි.. එය ජෑස් සංගීතය ද? එය සම්භාව්‍ය සංගීතය ද? එය ගීතිකා සංගීතය ද? එය පෙරදිග සංගීතය ද? නැත්නම් බටහිර ද?

ඊළඟට, කුමන සංගීත මෙවලම ද ඔබට වඩාත් ගැලපෙන්නේ යන්න පිළිබඳව පර්යේෂණයක් කරලා ගුරුවරයෙකුගෙන් මග පෙන්වීමක් ලබා ගන්න. ශාස්ත්‍රීය සංගීතය සඳහා පියානෝවක් හෝ වයලීනයක් වඩාත් සුදුසු වෙයි. දේව සංගීතය සඳහා ඔබට නළාව, වීණාව හෝ සයිලෝෆෝන් දෙසට නැඹුරු වෙන්න පුලුවන්. පුහුණුවීමේදී ඔබට ඒ සඳහා පෙලඹවීමක් ඇති කරයි.

3 ඔබට පැහැදිලිවම වාදනය කිරීමට අවශ්‍ය දේට සවන් දෙන්න
ඔබේ ඉංග්‍රීසි පන්තියේදී ඉගෙන ගත්තාට වඩා ඔබ කැමතිම ගීත ඇසීමෙන් ඔබ වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසි ඉගෙන ගත්තා නේද? මොකද සවන්දීම කියන්නේ ඉගෙන ගැනීමට පහසු ක්‍රමයක්. ඒ නිසා හොඳ තත්ත්වයේ ස්පීකර්ස් වලින් හෝ හෙඩ්ෆෝන් භාවිතා කරලා ඔබට වාදනය කිරීමට අවශ්‍ය සංගීතයට හොඳින් සවන් දෙන්න. ඔබේම පුහුණු සැසි පටිගත කරමින් ඒවාට සවන් දෙන්න. කාලයත් සමඟම ඔබට නාද හඳුනා ගැනීමටත්, සංගීත සටහන් තේරුම් ගැනීමටත්, ඒවා වඩා හොඳින් ගලා යන ආකාරය ඉගෙන ගන්නත් පුලුවන් වෙනවා.

4 ඔබේ ප්‍රගතිය ලියන්න
සංගීතය ඉගෙන ගනිද්දී සමහර දින වල ඔබට උද්දීපනයක් දැනෙයි. සමහර දිනවල ඔලුවට තද බවක් දැනෙයි. සමහර දින හොඳ වෙයි. අනපේක්ෂිත බව! ඒක තමයි විනෝදජනක ම කොටස.

ඒ එක්කම ඔබට ඉක්මනින් ගීත කිහිපයක් ඉගෙන ගන්න පුලුවන් වෙන අතර සංගීත භාන්ඩ වල වඩාත් සංකීර්ණ ස්වර ඉගෙන ගන්නට කාලය ගතවෙයි. ඒක තමයි සාමාන්‍ය ඉගෙනීමේ ක්‍රියාවලිය. ඉතින් ඔබේ සංගීත සටහන් සමඟම ඔබ යම් පුහුණුවක් කළ ආකාරය ඔබේ ඩයරි එකට එක් කරමින් ලියන්න. කාලයත් සමඟ ඔබේ ප්‍රගතිය ඔබම දකිනකොට එය වඩා හොඳින් කිරීමට ඔබව ඊළඟට පෙළඹෙනවා.

5 යථාර්ථවාදී අපේක්ෂාවන් තියාගෙන පුහුණු වන්න
පුහුණුව කියන්නේ ඔබව පරිපූර්ණ කරවන දෙයක් තමයි. නමුත් යථාර්ථවාදී බව සහ ඉවසීම ද ඔබ සමඟ තියා ගන්න. සතියක් හෝ දෙකක් තුළ ඔබේ නාද, සංගීත ඛණ්ඩ මැජික් එකක් වගේ වාදනය කරන්න පුලුවන් වෙයි කියලා හිතන්න එපා. ඒත් නිතිපතා පුහුණුවීම් කරන්න.

ඔබේ මුලික භාවිතය සඳහා පහසු වන නාදයන් තෝරන්න. ඔබ වඩාත් සංකීර්ණ නාදයන් දිගටම ඉගෙන ගන්නකොට, ඉවසිලිවන්තව සිටීමට මතක තබා ගන්න. පැය ගණනක් එකම සටහන් වාදනය කිරීමෙන් පස්සේ ඔබේ ශරීරය රිදීමට පටන් ගන්න පුලුවන්. ඒ වගේ අභියෝග වලට විවෘතව මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1821 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 3:03:13 PM
Script:/article/1821/key-points-to-learn-music.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 3:03:13 PM
Script:/article/1821/key-points-to-learn-music.html