කොවිඩ් 19 වෛරසය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට බොහෝ කාලයකට කලින් තනිකම පිළිබඳව වරින් වර පර්යේෂණ කරපු සංවිධාන විසින් කියලා තියනවා ගෝලීය වසංගතයක් කියන්නේ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට බලපාන මහජන සෞඛ්‍ය අනතුරක් වෙනවා කියලා. 2018 කරපු සමීක්ෂණයකට අනුව ඇමරිකාවේ වැඩිහිටියන් දස දෙනෙකුගෙන් දෙදෙනෙකුට වඩා (22%) පවසා තිබෙන්නේ ඔවුන්ට සෑම විටම හෝ බොහෝ විට තනිකමක් හෝ හුදෙකලා බවක් දැනෙන බවයි. මහා බ්‍රිතාන්‍යයේ 2017 වසරේ නිකුත් කරන ලද නිවේදනයකට අනුව මිලියන 9 කට වැඩි පිරිසකට සෑම විටම හෝ බොහෝ විට තනිකමක් දැනෙන බව ප්‍රකාශ වෙලා තියනවා. විශේෂම කාරණය වන්නේ මේ වසංගතයත් එක්ක ගෙවෙන ලොක් ඩවුන් කාලයේදී 'තනිකම' සමාජයේ විවිධ කොටස් අතර ලැව් ගින්නක් මෙන් පැතිරෙමින් පවතින බව මානසික සෞඛ්‍ය විශේෂඥයෝ පැවසීමයි. ඒ නිසා අද අපි ඔබට කියන්නම් සමාජ දුරස්ථතාව අනුගමනය කරන ගමන් ඔබේ මානසික සෞඛ්‍යය යහපත් ආකාරයෙන් තියා ගන්නෙ කොහොමද කියලා...
ලොක් ඩවුන් බලපෑම
මේ දුෂ්කර ලොක් ඩවුන් කාලයේදී තනිකම උග්‍ර වෙන්න පුළුවන් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මෙම අවස්ථාවේදී ඔබ ඔබේ දෙමව්පියන්ගෙන් හෝ ඔබේ සහකරුගෙන් වෙන් වෙලා වෙනත් නගරයක ජීවත් වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔබේ රැකියාව සඳහා ඔබේ ගමෙන් ඈත් වෙලා තනිවම ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට සම්බන්ධතාවක් නැති පුද්ගලයින් සමඟ ඔබ හිර වෙන්න සිද්ධ වෙලාත් ඇති. පෞද්ගලික සම්බන්ධතාවයකදී පවා තනිකමක් දැනෙනවා ඇති. 2012 දී සැන් ෆ්රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූනේ බොහෝ තනිකමින් පෙළෙන අය විවාහක හෝ අන් අය සමඟ ජීවත්වන හෝ සායනික වශයෙන් මානසික අවපීඩනයෙන් පෙළෙන අය බවයි. තත්ත්වය කුමක් වුණත් විශේෂඥයින්ට අනුව පවුල් සහයෝගය නොමැතිකම හෝ සතුටුදායක සබඳතා, වියෝ දුක්, රැකියා ගැටළු සහ දැන් නිරෝධායන කාලයේ දුක් කරදර වැනි සාධක කිහිපයක් නිසා අපිට තනිකම ඇති වෙන බව කියනවා. වසංගතයේ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන තනිකම නිසැකවම කනස්සල්ලට හේතුවක් ලෙස සලකන්න පුළුවන්. සමාජ හුදකලාව නිසා විතරක් නෙමෙයි (එය වැදගත් සාධකයක්), මූල්‍ය ගැටලු සම්බන්ධ පුද්ගල අනාරක්‍ෂිතතා, ආදරණීයයන්ගෙන් ඈත්ව සිටීම, නිතිපතා කරපු සමබර චර්යාවන් කඩාකප්පල් වීම, ආතතිය දුරු කරන්නෙකු ලෙස ක්‍රියා කිරීම සහ අනාගතය පිළිබඳව ඇති වෙන අවිනිශ්චිතතා නිසාත් මේ ආතතිය අපිට ඇති වෙනවා. වසංගතයේ ගමන් මග ගැන තවමත් අනාවැකි පළ කරන්න බෑ.
තනිකමේ සෞඛ්‍ය අවදානම :
තනිකම සහ සමාජ හුදකලාව විවිධාකාර රෝග සමඟ සම්බන්ධ වෙන බවට ඔප්පු කරපු බොහෝ අධ්‍යයන තිබෙනවා. 'තනිකම' තරබාරුකම හා දුම් පානය වගේම මහජන සෞඛ්‍යයට විශාල තර්ජනයක් බව සොයා ගැනීම් කිහිපයක් පෙන්වා දීලා තියනවා. තනිකම සහ දුර්වල සමාජ සම්බන්ධතා කියන්නේ දිනකට සිගරට් 15 ක් පානය කරන්නන්ගේ ආයු කාලයට සමානවම ආයුෂ අඩු කිරීමට සමත් වෙන තත්ත්වයක් බවයි. ඒ වගේම තරබාරුකමටත් වඩා විශාල ගැටලුවක්. විශේෂයෙන්ම තනිකම කියන්නේ ඩිමෙන්ශියාව හා නිදන්ගත රෝග ඇතිවීමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ ගැටලුවක් ද වෙනවා.
තනිකම ජය ගැනීම සඳහා විශේෂඥ උපදෙස්වලින් ක්‍රම කිහිපයක් අපි ඔබ වෙත ගෙන එන්නම් .
Alone / lonely / solitude : මේ තුන අතර වෙනස හඳුනා ගන්න. විශේෂඥයන් කියන විදිහට අපේ මනසේ තියන මේ තත්ත්වයන් තුන නිර්වචනය කරන්නේ කොහොමද? Alone කියන්නේ ඍණාත්මක මානසිකත්වයක්. පුද්ගලයෙකුට පවුලේ අය හා මිතුරන් සමඟ සමූහයක සිටිද්දී පවා මේ තනිකම දැනෙනවා. lonely කියන්නේ අසරණ බවක් දැනීම වන අතර බොහෝ විට මානසික අවපීඩනය, කාංසාව සහ වෙනත් නිෂේධාත්මක මානසිකත්වයන් සමඟ එය සම්බන්ධයි. සමහර අයට මේ තනිවම සිටීම තමන් විසින් ම තෝරා ගත් දෙයක් වන අතර එතකොට ඒක ඍණාත්මක මනසක් කියලා කියන්න බෑ. එය තනිවම සිටීම හෝ තනිව සිටීම යන චිත්තවේගීය තත්ත්වය අදහස් කළ හැකි අතර ඔබේ අසරණ භාවය ඇඟවුම් නොකරයි. බොහෝ අය තනිව සිටීමට කැමැත්තක් දක්වන අතර ඒ හා ඔවුන්ට සතුටින් හා ඵලදායීව ජීවත් වෙන්න පුළුවන්.
Solitude කියන්නේ ඔබ විසින්ම තනිව සිටීමට තෝරා ගැනීම සහ එය සතුටින් අත්විඳීමයි. ඒ කියන්නේ වඩාත් ධනාත්මක, ඵලදායී හා ප්‍රියජනක මනෝභාවයක්. ඒ හරහා අපිට පුළුවන් අපගේ මනසෙ සමබරතාවය සොයා ගැනීමට සහ අපව අවබෝධ කර ගැනීමට. විශේෂයෙන්ම ඒක නිර්මාණශීලීත්වයට රුකුල් දෙන මනෝභාවයක්. එම තත්වයේ දී බාහිර බලපෑම් හා ඉල්ලීම් වලින් අපිට අපව නිදහස් කර ගන්න පුළුවන්. එහෙම ඉන්න පුරුදු වෙන එකෙන් ඔබට ඔබ සමඟ සිටීම පහසු වන අතර ඔබේ හුදෙකලාව විනෝදයක් වෙන තාක් කල් ඔබට තනිකමක් දැනෙන්නේ නෑ.