“අපි මෙහෙම දුක් විඳපු අය නෙවෙයි” ඕපනායක ජනක සමන් කුමාරගේ කතාව

June 26, 2019
8,342
Story of Janaka Saman Kumara
සිතු දේ නොම වෙයි, නොසිතු දෙයම වෙයි... යන ඉපැරණි‚ කියමනෙන් අදහස් වන්නේ, අමිහිරි දේට පමණක් නොසිතූ ලෙස මුහුණ දෙන්නට සිදු වන බව නොවේ. අවාසනාව මෙන්ම වාසනාව ද නොසිතූ ලෙස මිනිසා කරා එළැඹෙන්නේය. කෙටි කාලයක් තුළ මේ අත්දැකීම් දෙවර්ගයම විඳි අයෙකු පසුගිය අඳුරු වැසිබර දිනෙක ඕපනායක පෙදෙසේ දී අපට හමු විය. මෑතක දී Dialog Mega වාසනා දිනුම් ඇදීමෙන් රුපියල් දශ ලක්ෂයක ත්‍යාගයක් හිමි වූ ඔහුගේ නම ජනක සමන් කුමාර ය. මේ ඔහුගේ කතාවයි.

“මම රැකියාව කරන්නෙ කුලී රියැදුරෙක් විදියට. ස්ථීර ජොබ් එකක් නෑ. ඒත් අපි මෙහෙම දුක් විඳපු අය නෙවෙයි, ඉස්සර ලොරි පවා අපට තිබුණා. නොහිතපු විදියට තාත්තා අසනීප වුණාට පස්සෙ ඒවා විකුණන්න වුණා.”

“ඒ දවස්වල කරපු ව්‍යාපාරය මොකක්ද?”

“තේ දළුයි, රබර් දරයි ප්‍රවාහනය කළා. තේ ෆැක්ටරි වලට දර ඕන කරනවනෙ.තාත්තා අසනීප වුණාම අපේ වාහනවල ෆිනෑන්ස් ගෙවාගන්න බැරුව ගියා. හම්බ කරපු හැමදේම නැති වුණා. වෙදකම් කරන්න සල්ලි ණයට ගන්නත් සිද්ධ වුණා.”

"ඊට පස්සෙ මම කුලී රියැදුරෙක් විදියට වෙනත් අයගෙ වාහනවල වැඩ කරන්න පටන් ගත්තා. ඔය අතරෙ තමයි නොහිතපු විදියට Dialog Mega වාසනාවෙ රුපියල් මිලියනයෙ තෑග්ග ලැබුණේ.”

"තෑගි මුදලින් මොනවද කරගත්තේ?”

"අතට ලැබුණු මුදලින් වැඩි හරියක් පරණ ණය බේරන්න තමයි වියදම් කළේ. අපේ ණය බර සැහැල්ළු කරගන්න Dialog Mega වාසනාවෙන් ලොකු සහයෝගයක් ලැබුණේ. ඒ ගැන Dialog ආයතනයට ණයගැතියි. Dialog Mega වාසනා වගේ වටිනා තෑගි තරඟයක් පැවැත්වීම ගැන මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. නැත්නම් ඉතිං මොන විදියකින් මේ ණය බේරන්නද?”

"ගෙදර වෙන කවුද ඉන්නෙ?”

"දැන් ගෙදර ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි විතරයි. අම්මත් දැන් තරමක අසනීපෙන් ඉන්නෙ. නංගිලා දෙන්නා කසාද බැඳලා. ඒ මස්සිනාලා දෙන්නගෙනුත් සෑහෙන සහයෝගයක් ලැබෙනවා. මට තවම විවාහ වෙන්න ලැබුණෙ නෑ.”

"හැමදාම මේ රස්සාවම කරන්න ද අදහස? මිලියනයක් වාගෙ තෑග්ගක් ලැබෙන්නෙ වාසනාවන්ත කාලයක් උදාවෙලා නිසානෙ. විවාහ වෙලා එහෙම අළුතින් ජීවිතය පටන්ගන්න හිතුවොත් හොඳ නැද්ද?”

"ඇත්තටම පොඩි බිස්නස් එකක් කරන්න මේ දවස්වල සැලසුම් කරමින් තමයි ඉන්නෙ.”

"ස්වයං රැකියාවක් වගේ දෙයක් ද?”

"ඔව්. වාහනයක් කුලියට අරගෙන පලතුරු ප්‍රවාහන බිස්නස් එකක් කරන්නයි අදහස. ඔය ඇඹිලිපිටිය වාගෙ පැතිවල ගොවි මහත්වරුන්ගෙන් කෙසෙල්, ගස්ලබු, කොමඩු වාගෙ පලතුරු එකතු කරගෙන බලංගොඩ පැත්තෙ කඩ වලට දාන්නයි හිතාගෙන ඉන්නෙ.”

අනාගතය පිළිබඳ පැහැබර පැතුම් සමුදායකින් විකසිත ජනකගේ සිනාමුසු මුහුණ මතට ඒ මොහොතේ අව් රැල්ලක් පතිත විය. අප කතාව අරඹන විට අහස වසා සිටි අඳුරු වළාවන් ඉවතට ඇදී ගොස්, පරිසරය ආලෝකවත් කරමින් හිරු නැවතත් රැස් විහිදුවයි. ජනක සමන් කුමාරගේ බලාපොරොත්තු සඵල වී ඔවුන්ගේ ජීවිත ද ඒ අයුරින්ම යළි ආලෝකවත් වේවා යනු අපගේ හෘදයංගම පැතුමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   53,176
   38

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Weralu benefits
   22,746
   21

වෙරළු වල ගුණ

වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…
Food to regulate your menstrual circle
   46,453
   20

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Are you sleepy always? It can be a sign if a problem in your body!
   14,168
   20

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා

Latest Articles

Most Viwed