නව යොවුන් වියට පා තබන්න පෙර දරුවන් විසින් ඉගෙන ගත යුතු දේවල්

July 23, 2020
11,935
Skills kids learn before they turn teenage
වයස අවුරුදු 9 ත් 13 ත් අතර දරුවෙන් නව යොවුන් අවධියට පා තබන්න සුදානම් වෙන්න ඔනේ. තම දරුවන්ට වැඩීමට හා ස්වාධීන වීමට ඉඩ දිය යුතුයි. වයස අවුරුදු 13 වන විටදී තම දරුවාට අත්‍යවශ්‍ය ජීවන කුසලතා තනිවම කර ගැනීමට දෙමාපියන්ට පුහුණු කරන්න පුළුවන්. අද හැඩකාරී අපි වයස අවුරුදු 13 වන විටදී සියළුම දරුවන්ට තනිවම කළ හැකි තීරණාත්මක ජීවන කුසලතා කිහිපයක් මෙන්න. .

1. මුදල් උපයන්න සහ කළමනාකරණය කරන්න
ඔයාගේ දරුවන් ගණන් කරන ආකාරය ඉගෙන ගත් වහාම එයාට මූලික මූල්‍ය කුසලතා කිහිපය උගන්වන්න. වයස අවුරුදු 13 වන විට, දරුවන්ට සතිපතා දීමනාවක් දෙන්න. එයින් මුදල් ඉතිරි කරන විදිය ගැන කියා දෙන්න. එමගින් දරුවට වියදම් සහ ඉතිරිකිරීම් පිළිබඳ තීරණ ගැනීමට පුළුවන් වෙනවා.

2. ගෙදර දොරේ වැඩ කරන්න
කුඩා කල සිටම ළමයින්ට රාත්‍රී ආහාරයෙන් පස්සේ මේසය, ආහාර ගත් පිඟන් කෝප්ප පිරිසිදු කිරීම සහ රෙදි සෝදන වේලාවේදී ඇඳපු ඇඳුම් එකතු කිරීම වැනි ලේසි වැඩ තනිවම කරන්න දෙන්න. වයස අවුරුදු 13 වන විට, ඔවුන්ගේ ඇඳුම් සේදීමට, පිඟන් සේදීමට, ඇඳ ඇතිරිලි මාරු කිරීමට, ගෙදර මෝටර් රථය සේදීමට, නාන කාමරයක් පිරිසිදු කිරීමට සහ මුළුතැන්ගෙයක් පිළිවෙලට තැබීමට ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ වැඩ වලට දෙමව්පියන් දරුවන්ව දිරිමත් කළ යුතුයි.

3. ආහාර පිළියෙළ කරන්න
දරුවන් වැඩිහිටියන් බවට පත්වන විට ආහාර පිසීම කියන්නේ ඔවුන්ට වැදගත් වන කුසලතාවයක්. ආරම්භයෙදී සැන්ඩ්විච්, පාස්ටා, සුප් සහ සලාද වැනි පහසු වට්ටෝරු කියා දෙන්න. වයස අවුරුදු 13 වන විට දරුවන්ට පවුලේ ආහාර වේලක් සුදානම් කිරීමට, සරල වට්ටෝරුවක් අනුගමනය කරමින් කෑම පිසීමට සහ මුළුතැන්ගෙයි උපකරණ සමඟ වැඩ කිරීමට හැකියාව තිබිය යුතුයි. ඒ වගේම ආරක්‍ෂිත මූලික කරුණු පිළිබඳව දරුවන්ට ඉගැන්වීමට අමතක කරන්න එපා.

4. සිල්ලර සාප්පු සවාරි
දරුවන් සමඟ සිල්ලර සාප්පු සවාරි යාම, අවශ්‍ය ආහාර සැලැස්මක් ලිවීම, සිල්ලර බඩු ලැයිස්තුවක් ලිවීම වැනි අත්‍යවශ්‍ය කුසලතා වර්ධනය කරවන්න. පෝෂණ ලේබල් කියවන ආකාරය සහ අවශ්‍ය දේ පමනක් ගැනීමට ඔවුන්ට උගන්වන්න. සීමාවන් නියම කිරීමට අමතක කරන්න එපා.

5. පුද්ගලික සනීපාරක්ෂාව
දරුවන් ස්වභාවිකවම සනීපාරක්ෂාව ගැන ඉගෙන ගනු ඇතැයි බොහෝ දෙමව්පියන් උපකල්පනය කරනවා. නමුත් ඇත්තෙන්ම දරුවා දිනපතා ස්නානය කිරීමේ වැදගත්කම, ඩියෝඩ්‍රන්ට් භාවිතා කිරීම, ඇඳුම් මාරු කිරීම, රැවුල බෑම, මුඛ සෞඛ්‍යාරක්ෂාව සහ තමන්ගේ ශරීරය පිරිසිදුව තබා ගැනිම ගැන අවබෝධ කර ගන්න ඕනේ. දරුවට ඔයා හොඳ ආදර්ශයක් වීමට මතක තබා ගන්න.

6. මූලික ප්‍රථමාධාර
කිසිවෙකු නොසිටින මොහොතකදී දරුවාට තුවාලයක් වූණොත් බෙහෙත් කිරීමට මූලික ප්‍රථමාධාර කුසලතා දැන සිටිය යුතුයි. ළමයින්ට දැනටමත් නිවැරදි හදිසි දුරකථන අංකය කටපාඩම් කරවන්න. තවද වැඩිහිටි ළමයින්ට ලේ ගැලීම නැවැත්වීමට සහ පිලිස්සුම් වලදී ප්‍රථමාධාර කිරීමට වලට ප්‍රතිකාර කිරීමට හැකියාව තියෙන්න ඕනේ.

7. කාල කළමනාකරණය
කාල කළමනාකරණ කුසලතා අත්‍යවශ්‍යයි. දරුවාට දවස සැලසුම් කිරීමට, කාලසටහනක් හෝ කැලැන්ඩරය සැලසුම් කිරීමට උදවු කරන්න. ඵලදායී ලෙස වැඩ කිරීමට ඔවුන්ට කියා දෙන්න. ඔවුන්ට තෑග්ගක් ලෙස ඔරලෝසුවක්, දින සටහනක් අරන් දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1721 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:23 AM
Script:/article/1721/skills-kids-learn-before-they-turn-teenage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:23 AM
Script:/article/1721/skills-kids-learn-before-they-turn-teenage.html