දරුවන්ට මේ කරදර වෙනවා නම් ඔයා දරුවන් වෙනුවෙන් මොන දේ කළත් වැඩක් නෑ

August 20, 2018
5,250
Think about this if you love your children
ඔයත් වගේම අපි හැමෝම ජීවත් වෙන සමාජය අතිශය කාර්යබහුලයි. මේ කාර්යබහුල වටපිටාව එක්ක ගණදෙනු කරනකොට ඔයාට ඔයාව විතරක් නෙමෙයි ඔයාගේ සමීපතමන්ද ඔයාට අහිමි වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. අද ගොඩක් තාත්තාල වගේම අම්මලත් රැකියාවක් කරනවා. මෙයින් අපහසුතාවට පත් වෙන්නේ අන් කවුරුත් නෙමෙයි ඔයාගේ දරුවන්. සමහර දෙමාපියන් දරුවන්ව දකින්නේ කෑම මේසයේදී පමණයි. ඔයා අතිශය කාර්යබහුල වටපිටාවක රැකියාව කරන මවක් හෝ පියෙක් නම් උදේ නිවසෙන් යනකොටත් ඔයා ආපහු එනකොට දරුවන් නිදාගෙන විය හැකියි. දරුවන් හුදෙකලා කිරීම නුවණට හුරු දෙයක් නෙමෙයි. කාර්යබහුල වටපිටාවක ඔයාගේ දරුවන් ඔයාට මගහැරුණොත් ඔයා දරුවන්ගේ හෙට දවස ලස්සන කරන්න කොච්චර මහන්සි වුණත් වැඩක් නෑ. දෙමාපියන්ට දරුවන් මගහැරීමෙන් ඇති විය හැකි අහිතකර තත්ත්වයන් ගැන අද Hadakari ඔයා එක්ක කතා කරන්න තීරණය කළා. ඔයා ලිපිය කියවලාම බලන්නකෝ හැඩකාරී අපි ඔයාට දරුවන් තනි කරන්න එපා කියලා කියන්නේ ඇයිද කියලා.

මානසික ආතතිය හා පීඩනමය තත්ත්වයන් වර්ධනය වෙනවා

ඔයා රැකියාව කරන අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් නම් ඔයාගේ දරුවන් හැදෙන්නේ වැඩෙන්නේ ආච්චී හෝ සීයා ගාව. එහෙමත් නැත්තම් ගෙදර ඉන්න සමීපතමයෙක් ගාව. නැතිනම් දිවා සුරකුම් මධ්‍යස්ථානයක විය හැකියි. ඔයා දන්නවාද මේ කිසිම තැනකින් අම්මාගෙන් තාත්තාගෙන් ලැබෙන ආදරය සෙනෙහස ලැබෙන්නේ නෑ. ආච්චිලා, සීයලා තමන්ගේ දරුවන්ගේ දරුවන්ට ආදරෙයි තමයි. ඒත් ඔවුන් ජීවත් වෙන වයස් මට්ටම එක්ක පොඩි දරුවන් එක්ක ඔට්ටු වෙන එක ලේසි පහසු දෙයක් නම් නෙමෙයි. ටික දවසක් යනකොට දරුවෝ එක්ක ඔට්ටු වෙලාම ඔවුන් වෙහෙසට පත් වෙනවා. ඒ වගේම ඔයාගේ දරුවා වඩාත්ම සමීප වෙන්නේ ඔයාට. ඔවුන්ගේ අවශ්‍යතාවන් ඕනෑ එපාකම් හොඳටම දන්නේ ඔයා. ඔයා නොහිතුවාට පුංචි දරුවන්ටත් විවිධ අවශ්‍යතා, රුචි අරුචිකම්, ගැටළු තියෙනවා. ඔයාගේ අවධානය ඔවුන්ට යොමු නොකරන විට ඔවුන් පීඩනයකින් තමයි පීවත් වෙන්නේ. හුදෙකලා පරිසරය තුළ ඔවුන් ආතතියට පත් වෙනවා වැඩියි.

අධ්‍යාපන කටයුතු අඩාල විය හැකියි

ඔයා නිතර වෙහෙසෙන්නේ දරුවන්ගේ අනාගතය එහෙමත් නැත්තම් ඔවුන්ගේ ජීවිතය සැපවත් කරන්න තමයි. නමුත් නිසි අවධානයක් ඔයා ඔයාගේ දරුවට අවධානය යොමු නොකළහොත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවා අඩාල විය හැකියි. අපි මෙහෙම හිතමුකෝ ඔයාගේ දරුවට පාසලින් දෙන පැවරුම් හෝ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිවසේදී කරන්න කියලා කියනවා. ඉතිං කාර්යබහුල බව එක්ක මේ ගැන හොයලා බලන්න, දරුවාව යොමු කරන්න ඔයා කටයුතු නොකොළොත් වෙන්නේ දරුවන් අධ්‍යාපන කටයුතුවලින් ඇත් වීමයි. මොකද දවසක් දෙකක් තුනක් යනකොට පංති කාමරය තුළදී පවා අපහසුතාවට පත්විය හැකියි පැවරුම් නොකිරීමෙන්.

අනවශ්‍ය මිතුරු සම්බන්ධතාවලට යොමු විය හැකියි

අපේ සමාජයේ තියෙන බරපතළ ගැටළුවක් තමයි දරුවන් පාසල් හැර යාම හා විවිධ අකටයුතුකම්වලට යොමු වීම. ඉතිං මෙවැනි ගැටළුවලට හේතු වෙලා තියෙන්නේ අන් කවර හේතුවක්වත් නෙමෙයි. අම්මලා තාත්තාලාගේ නොසැළිකිලිමත්කම නිසා. ගොඩක් අම්මලා රැකියාවල නිරත වෙලා. එහෙමත් නැත්තම් විදේශ ගත වෙලා. ඉතිං හුදෙකලා බවෙන් මිදෙන්න දරුවෝ මිතුරු කණ්ඩායම්වලට යොමු වෙනවා. එහි විපාකය වෙන්නේ ඔයාගේ දරුවා විවිධ අකටයුතුකම් වලට, වැරදිවලට යොමු වීම. ඒ නිසා ගෙදර අම්මායි තාත්තායි දෙන්නම රැකියාවක් කරන්න කලින් දරුවන් ගැනත් හිතන්න.

අපයෝජනයන්ට හා අඩම්තේට්ටම්වලට ලක් විය හැකියි

අපි මුලින් කිව්වා වගේ අම්මයි තාත්තායි වගේ වෙන කවුරුත් ඔයාගේ දරුවන්ට ආදරය කරන්නේ නෑ. හොයලා බලන්නේ නෑ. අපි ජීවත් වෙන සමාජය හරිම විෂමයි කියලා ඔයාට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතිං ඔයාගේ දරුවා වෙන කෙනෙක් ළඟ තියලා යන එක ආරක්ෂිත වෙන්නේ නෑ. ඕනෑම වෙලාවක ඔයාගේ දරුවාගේ ජීවිතයට තර්ජනයක් වෙන සිදුවීමක් ඇති විය හැකියි. ඔයාට රැකියාවක නියැලීම අත්‍යාවශ්‍ය නම් නිතරම දරුවා ගැන අවධානය යොමු කරන්න.

දරුවන්ගේ මුරණ්ඩු ගති වැඩි වෙන්න පුළුවන්

ඔයා රැකියාවට ගියාම ඔයාගේ දරුවා ගණදෙනු කරන්නේ ඔයාගේ සමීපතමයෙක් ළඟ. විශේෂයෙන්ම ගොඩක් පුංචි උන් හැදෙන්නේ ආච්චී සීයා ගාව හුරතේලටනේ. ඉතිං ආච්චිට සීයාට සමීප වුණාම දරුවන් අම්මා, තාත්තා කියන දේ අහන්නේ නැති වෙන්නත් පුළුවන්. යම් හෙයකින් ආච්චියි, සීයයි නැති වුණොත් එවැනි වේලාවක මේ දරුවන්ව පාලනය කරනන ටිකක් අසීරුයි. විශේෂයෙන් අම්මා තාත්තා කියන දේවත් දරුවන් අහන්නේ නෑ. එයින් සිදු වෙන්නේ ඔයාගේ දරුවන් ඔයාටම පාලනය කර ගන්න බැරි වෙන එක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1034 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:14:06 AM
Script:/article/1034/think-about-this-if-you-love-your-children.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:14:06 AM
Script:/article/1034/think-about-this-if-you-love-your-children.html