ගැස්ට්‍රයිටිස් සුවපත් කරන විශ්මය දනවන විසඳුම් වට්ටෝරුව

April 24, 2019
14,076
An answer for gastritis
අද සමාජයේ ලොකු පොඩි වයසේ පසු වන හැමෝම වගේ මේ ගැස්ට්‍රයිටිස් නම් රෝගය නිසා පිඩා විදිනවා. ගැස්ට්‍රයිටිස් කියන රෝගය ඇත්තටම මහා කරදරකාරී රෝගයක්. අද කාලෙ තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක මේ රෝගී තත්ත්වය බහුලව දැක ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් නැති කෙනෙක්ට නම් රෝගයෙන් වැලකෙන්නත්, දැනටමත් ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් රෝගී තත්ත්වයන්ට විසඳුම් ලෙසත් කොළ වර්ග එනම් ගොටු කොල,  හාතාවාරිය, මුකුණුවැන්න, කෝවක්කා, කරපිංචා ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටිස් සුවපත් කර ගත හැකියි. ඒත් අද හැඩකාරී අපි ඔයාට ගැස්ට්‍රයිටිස් සුවපත් කරන විශ්මය දනවන විසඳුම් වට්ටෝරුවක් ගැන කියලා දෙනවා.

ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න මෙන්න මේ වගේ හේතු කීපයක්ම බලපානවා. 

01. ක්‍රමවත් ආහාර රටාවක් නැති වීම,  
02. ක්ශණික ආහාර වලට හුරු වීම, 
03. ප්‍රමාණවත් ලෙස ආහාර නොගැනීම, 
04. අධික මත් පැන් පානය, 
05. නිතර වමනය කිරීම, 
06. ඇතැම් බෙහෙත් වර්ග, 
07. මානසික පීඩනය වගේ හේතු රැසක් නිසා ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්.

වර්තමානයේ ගැස්ට්‍රයිටිස් අපි හැමෝගේම කරදකාරී රෝගයක් වෙලා. බඩේ වේදනාවක්, බඩ පුරවා දැමීමක්, වමනය තත්ත්වයක්, බඩ දැවිල්ල, අජීරණය, හිසරදය සහ අම්ල රසට උගුරට ඒම සහ ගුඩුස් යාම, බඩවැල් වල තුවාල හෘද රෝග ගැස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණයි. මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔයත් අද ගැස්ට්‍රයිටිස් රෝගයෙන් මිදෙන්න උත්සහ කරන්න.

ගැස්ට්‍රයිටිස් වලින් ගැලවෙන්න මගක්,

කෝමාරිකා යුෂ

කෝමාරිකා පත්‍රයේ දෙපැත්තේ ඇති කටු සහිත තීරු දෙක කපා ඉවත් කර ගන්න. කොළ පැහැති පොත්ත පිහියකින් ඉවත් කර ගන්න. පොත්තේ කොළ පැහැය හැකි තරම් ඉවත් කර ගැනීමෙන් පානයට හරි රසයක් එක් කර ගන්න පුළුවන්. ජෙලි වැනි කැබැල්ල කුඩා කැබලි වලට කපා ගන්න. කැබලි කිහිපයක් ගෙන සුදු කිරි එකක් හදා ගන්න. එයට කෝමාරිකා මද ටික එකතු කර පානය කරන්න. කෝමාරිකා උදෑසන හිස් බඩ දින කිහිපයක් පානය කරන්න. සතියකට දින තුනක් පමණ පානය කිරීමෙන් හොඳ සුවයක් ලැබෙන අතර නිට්ටාවටම සුවවන තුරු අඩුම තරමින් සතියකට සැරයක් වත් පානය කරන්නේ නම් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1308 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 1:16:42 AM
Script:/article/1308/an-answer-for-gastritis.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 1:16:43 AM
Script:/article/1308/an-answer-for-gastritis.html