කවදාවත් නොකිවුවට පිරිමි මේ දේවල් වලට බයයි

June 23, 2018
8,512
Things that men scared about


හැමෝම කියන විදිහට පිරිමි කියන්නේ කිසිම දේකට බය නැති පිරිසක්. සරලවම කියනවා නම් පිරිමි කියන්නේ කාන්තාවන්ට වඩා ශක්තිමත් පිරිසක්. එහෙනං ඉතින් පිරිමි කොහොමටවත් ඉඩක් නැහැ පිරිමි කිසිම දෙකට බය වෙන්න. හැබැයි ඒක ඇත්තටම එහෙමද? පිරිමි බය වෙන දේවල් ඇත්තෙම නැද්ද? එහෙනම් ඔන්න පිරිමි කිසිම දෙකට බය වෙන්නේ නැහැ කියලා හිතන අයට තමයි අද අපි මේ පිරිමි බය දේවල් ගැන කියන්නේ කියවලාම බලන්නකෝ ඒ මොනවද කියලා.

01. ඇගේ shape එක

කෙල්ලොන් නම් ඉතින් ඇඟේ shape එක out යනවට කොහොමත් බයයි. ඒක ඉතින් ඒ අය එළිපිටම කියන දෙයක්. ඒ වගේම තමයි ඇඟේ shape එක තියාගන්න කෙල්ලෝ නොකරන දේකුත් නැති තරම්. එතකොට කොල්ලෝ කියන්නේ කිසිම දෙකට බය නැති වද වෙන්නේ නැති පිරිසක් නම් ඒ අය මොකටද වරු ගණන් gym එකට වෙලා ව්‍යායාම කරන්නේ. ඇත්තම කතාව තමයි පිරිමි උනත් තමන්ගේ බාහිර පෙනුම ඒ කියන්නේ ඇඟේ shape එක නැති වෙනවට බයයි. හැබැයි ඒ අය කෙල්ලෝ වගේ ලොකුවට ඒක පිටට පෙන්නන්නේ නැහැ.

02. සල්ලි

පිරිමි අය වද වෙන බය වෙන තවත් හේතුවක් තමයි සල්ලි කියන්නේ. මොකද පිරිමියා පවුල ආරථික අතින් රැකබලා ගන්න ඕනේ කියන තැන්නේ සමාජයම ඉන්නේ ඒ නිසා නොපෙන්නුවට පිරිමි ඉන්නේ සල්ලි ගැන බයෙන්. කෙල්ලෙක් වත් නැති කොල්ලෙක් උනත් ඉන්නේ සල්ලි ගැන බයෙන්. මොකද ඒ අයත් හිතන්නේ කෙල්ලෙක් යාළු වෙන්න උනත් සල්ලි තියෙන්න ඕනේ කියලා මේ නිසා සල්ලි ගැන පිරිමි ඉන්නේ බයෙන්.

03. උස

මේකත් පිරිමින්ට තියෙන බයක්, මොකද හොඳ උසක් කියන්නේ පිරිමි කමේ මුලිකම ලක්ෂණයක් නේ. අනික කසාදයක් කරගන්න ගියත් කොල්ලගේ උස වැදගත් කොච්චර වැදගත්ද කියනවා නම් කොල්ලට වඩා කෙල්ල උසයි නම් ඒ කසාදේ 90% තියෙන්නේ වෙන්නේ නැති පැත්තේ, ඒ තරමටම කොල්ලන්ගේ උස වැදගත්. මේ නිසා කොල්ලෝ ඉන්නේ තමන්ගේ පිරිමි කමේ සංකේතයක් වෙච්ච උස ගැන බයෙන්.

04. අනිත් පිරිමි ගැන

ඉරිසියාව තියෙන්නේ කෙල්ලෝ ළඟ විතරක් නෙවෙයි කොල්ලෝ ලඟත් ඕනේ තරම් තියෙනවා. විශේෂයෙන් තමන්ගේ කෙල්ල වෙන කොල්ලෙක් ගැන හොඳ කියනවට කොල්ලෝ කැමති නැහැ. එතකොට කොල්ලට අහේතුක බයක් ඇතිවෙනවා කෙල්ල දාල යයිද කියලා. මේ නිසා කොල්ලා කරන්නේ හිත සනසා ගන්න ඒ කොල්ලත් එක්ක තමන්ව සංසන්දනය කරලා බලන එක. ඊට පස්සේ ඉතින් තමන්ගේ හොඳ වැඩියි කියලා හිතලා හිත සනසා ගන්නවා.

05.කොන්ඩේ

පිරිමි ඇත්තටම බයයි තට්ටේ එනවට. ඒ විතරක් නෙවෙයි සාමාන්යෙන් පිරිමින්ගේ පපුවේ අත් කකුල් වල ටිකක් වැඩිපුර රෝම කූප වැවෙනවා. මේවා නැති උනත් පිරිමින්ට බයයි ඒ වගේම තමයි වැඩි පුර තිබුනත් හිතනවා ඕනෙවට වඩා වැඩියි ද කියලා. රැවුල එහෙම හරියට වැවෙන්නේ නැත්නම් මාර බයක් තමයි පිරිමින්ට ඇතිවෙන්නේ.

06. හැඟීම් ප්‍රකාශ කරන්න

පිරිමි ළමයි අඩන්නේ නෑ! මෙහෙම තමයි පොඩි කාලේ ඉඳන්ම පිරිමි ළමයිට කියන්නේ. දෙමාපියෝ මෙහෙම කියන්නේ කොලොන්ව තමන්ගේ පවුල තනියම බලාගන්න පුළුවන් විදිහට ශක්තිමත් කරන්න. හැබැයි මේක හොඳ දෙයක් නෙවෙයි මොකද පිරිමි කෙනෙක්ට උනත් අයිතියක් තියෙනවා අඩන්න දුක් වෙන්න. හැබැයි සමාජය හදලා තියෙන විදිහ නිසා පිරිමි බයයි ඒ අයගේ හැඟීම් ප්‍රකාශ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 906 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:14 PM
Script:/article/906/things-that-men-scared-about.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:14 PM
Script:/article/906/things-that-men-scared-about.html