මේ දේවල් ඔයා ළඟත් තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. ජීවිත කාලෙම ඔයා සතුටින්

July 27, 2020
3,292
You are happy if you have these qualities
අපි මේ කරන හැම දෙයක්ම කරන්නේ හැමදාමත් සතුටින් ජිවත් වෙන්නනේ. ඒ වෙනුවෙන් අපි නොසෑහෙන්න මහන්සි වෙනවා. එත් අපේ තියෙන පොඩි පොඩි අතපසු වීම් සහ දුර්වලතා නිසා ඒ සතුට අපිට අහිමි වෙන වෙලාවල් නැතුවම නෙවෙයි. ගොඩාක් වෙලාවට අපි නොහිතන සුළු සුළු වැරදි මොනවද කියලා හරියට අන්දුනගත්තොත් ඔයාට සතුට හොයන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නැහැ.

1. සංවිධානාත්මක බව

සංවිධානාත්මක බව කියන්නේ  අවුල් වියවුල් ඇති නොවෙන්න බලපාන දෙයක්. ඔයාට පුළුවන් නම් රැකියාවේ වැඩ කටයුතු සහ ගෙදර දොරේ අද කටයුතු ඇතුළු හැම දේම පිළිවෙලක්, පිරිසිදුවක් ඇතුව කරන්න එදිනෙදා ඇති වෙන ප්‍රශ්න ගොඩාක් අවම කර ගන්න පුළුවන්.

2. නිවැරදි තීරණ 

ගොඩාක් වෙලාවට අපි ගන්න තීරණ නිසා අපිම පසුතැවෙන වෙලාවල් ඕන තරම්. ඒ නිසා තීරණ ගනිද්දී හැම වෙලාවකම හොඳ සිහි කල්පනාවෙන් තීරණ ගන්න. ඒ වගේම හැඟීම්බරව ඉන්න වෙලාවට තීරණ ගන්න එපා. ඒ වෙලාවට අපි ගන්න තීරණ ගොඩාක් වෙලාවට වරදින්න පුළුවන්. ඔයා හැම වෙලාවකම ගන්න තීරණ නිවැරදි සිහියෙන් හා බුද්ධිමත්ව ගන්න කෙනෙක් නම් ඔයාට දුක් වෙන්න හේතු ඇති වෙන්නේ නැහැ.

3.  හැමෝම එක්ක මනා සන්නිවේදනයක් පවත්වා ගන්න

අපි ළඟ තියෙන සන්නිවේදන දුර්වලතා නිසා ගොඩාක් වෙලාවට එකිනෙකා අතරේ ගැටුම් නිර්මාණය වෙනවා. එනිසා රැකියා ස්ථානයේ, ගෙදරදී, යාලුවෝ එක්ක වගේම පෙම්වතා, සැමියා සහ දරුවන් එක්ක හොඳ සන්නිවේදනයක් පවත්වාගෙන යන්න. එකිනෙකාගේ සිතුවිලි හඳුනා ගන්න සහ ඔවුන් හොඳින් තේරුම් ගන්න. එහෙම නොවුනොත් හැමදාම සතුටට බාධා වෙන දේවල් සිද්ධ වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි.

4. අනිත් අයව විවේචනය කිරීමෙන් වලකින්න

ඔයාගේ සතුට නැති කරන්නත්, නැති ප්‍රශ්න ඇතිවෙන්නත් හේතුවක් තමයි මේ. ඔයා නිතරම අනිත් අයව විවේචනය කරනවා නම්, ඔයාට පේන්නේ අනිත් අයගේ වැරදීම නම් කිසිම කෙනෙක් ඔයාට කැමති වෙන්නේ නැහැ. විශේෂයෙන් ආදර සම්බන්ධතා වලදී ඔයාට එයාගේ හොඳක් පෙන්නේම නැත්තන් කාලයක් යද්දී එයාට ඔයාගැන කලකිරෙන්න පුළුවන්.

5. විශ්වසනීයත්වය

අනිත් අය තුල ඔයා ගැන විශ්වාසය ගොඩ නගා ගන්න. කිසි දිනෙක අනෙකෙකුට බොරුවක් කරන්න එපා. විශ්වාසය කියන්නේ හරිම ඉක්මනින් බිඳෙන්න බලන දෙයක්. ඒ නිසා හරිම පරිස්සමට රැක ගන්න ඕන. එහෙම නොවුනොත් අනිත් අය අතරින් ඔයාව ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. එහෙම වෙද්දී ඔයා කොහොමද සතුටින් ඉන්නේ.

6. වෙලාවට වැඩ කරන්න 

හැමදාම office එකට යන්නේ පරක්කු වෙලා නම්, boy friend නැත්තන් girl friend හම්බෙන්න යන්නේ එයාට පැයක දෙකක් කට්ටක් කන්න වෙන විදියට නම් ඊට පස්සේ ඉතින් බැනුම්, හිත් රිදීම් කෝටියයි. ඒ නිසා වෙලාවට වැඩ කරන හොඳ පුරුද්ද ඔයා ළඟත් ඇති කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1730 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 10:45:46 PM
Script:/article/1730/you-are-happy-if-you-have-these-qualities.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 10:45:47 PM
Script:/article/1730/you-are-happy-if-you-have-these-qualities.html