ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ සිදු වන වෙනස් වීම්

February 18, 2019
7,545
What happens to your body when you stay fasting too long
ගොඩාක් දෙනා තමන්ගේ සිරුරේ බර අඩු කර ගැනීමට සහ තරබාරු බව පාලනය කර ගැනීමට අත්හදා බලන පළමු උපක්‍රමය තමයි නිරාහාරව සිටීම. ඉතින් ඇත්තටම කොහොමද නිරාහාරව ඉඳිද්දි කෙට්ටු වෙන්නේ නැති නම් බරේ වෙනසක් වෙන්නේ?  නිරාහාරව සිටීමෙන් අපේ සිරුර තුල ඇති වෙන බඩගින්නට සිදු වෙන්නේ මොනවද? ඔයා කවදාවත් මේ ගැන හිතලා නැතුව ඇති. ඉතින් අද හැඩකාරී අපි තීරණය කළා ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ තුළ ඇති වෙන වෙනස් වීම් කිහිපයක් ගැන කතා කරන්න.

මේදය බිඳ වැටීම

බර අඩු කර ගැනීම සඳහා නිරාහාරව සිටින යුවතියන්ට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මේ අවස්ථාවයි. සිරුරේ තැම්පත්ව තිබූ සීනි භාවිතයට ගත් පසු සිරුරේ තැම්පත් වී තිබෙන මේදය ප්‍රයෝජනයට ගන්නවා. ඒත් ඔබ දන්නවාද නිරාහාරව ඉන්නෙ නැතුවත් ඔයාට මේ ක්‍රියාවලියට ළඟා වෙන්න පුළුවන්. ඒ දිනපතා ඔයාගේ ආහාර වේලේ කාබෝහයිඩ්රේට සහිත ආහාර අඩු කර ගැනීමෙන්.

සීනි බිඳ වැටීම

ඔයාගේ සිරුරේ පැවැත්මට ශක්තිය ජවය අවශ්‍යයි. ඔයා නිරාහාරව සිටීමේදී සිරුරට අවශ්‍ය ශක්තිය අවශෝෂණය කර ගන්නේ ඔයාගේ සිරුර තුළ තැම්පත් වී ඇති ග්ලූකෝස් සහ සීනි වලිනුයි. මෙමඟින් ලබා ගන්නා සීනි ඔයාගේ මොලයට, රතු රුධිරාණු සෛල වල ක්‍රියාකාරිත්වයට සහ මාංශ පේෂී වල ක්‍රියාකාරිත්වයට උපයෝගී කර ගන්නා අතරම  නිරාහාරව සිටින මුල් පැය කීපය තුල ඔයාට අපහසුවක් නොදැනුනත් තවදුරටත් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශක්තිය මෙන්ම ජවයද බිද වැටෙනවා.

කොලෙස්ටරෝල් ඉවත් වීම

ඔයා නිරාහාරව සිටීමේදී ඉතා වැදගත් දේවල් කිහිපයක් සිදු වෙනවා. ඔයාගේ සිරුරේ කොලස්ටරෝල් ඉවත් වෙනවා. මේ අවස්ථාවේදී ඔයාගේ රුධිර පීඩනය මඳක් පහල වැටෙන අතර, හිසේ කැක්කුම, කරකැවිල්ල, මහන්සි ගතිය, සමේ ලප ඇති වීම, මාංශ පේෂී වල වේදනා ඇති වීම සහ සන්ධි වල වේදනා ඇති වීම ඉඩ කඩ තියෙනාවා. 

අනවශ්‍ය හැගීම් හට ගැනීම 

නිරාහාරව පැය 6ක් පමණ සිටීමෙන් ඔයාට නොදැනීම ඔයාගේ සිත තුල තරහව, පාලනය කර ගත නොහැකි කේන්තිය, දුක සහ මානසික ආතතිය ඇති විය හැකියි. මෙවැනි අනවශ්‍ය ලෙස හට ගන්නා හැගීම් ඇති වෙන්න ප්‍රධානතම හේතුව වන්නේ කුසගින්නයි. මේ නිසා කුසගින්න ගැන නොසිතා ශරීර ශක්තිය වැය නොවන යම් ක්‍රියාකරකමක නිරත් වීම වඩාත් යෝග්‍යයි.

නිරාහාරව සිටීමේ වාසි

දියවැඩියා රෝගය සුව කර ගැනීමට සහ ඉන්සියුලින් වල ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා.
හදවත් රෝග ඇති වීමේ අවදානම අඩු වෙනවා.
ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය යහපත් තත්වයට පත් වෙනවා.
නොකා සිටීමට හෝ අඩුවෙන් ආහාර ගැනීමට හුරු වූ විට, වැඩියෙන් ආහාර ගැනීමට අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ.

හැබයි අනවශ්‍ය ලෙස නිරාහාරව සිටීමෙන් ඔබට ඇතිවෙන අවාසි බොහොමයි. ඒ නිසා ක්‍රමවත්ව ඩයට් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1268 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:12:45 AM
Script:/article/1268/what-happens-to-your-body-when-you-stay-fasting-too-long.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:12:45 AM
Script:/article/1268/what-happens-to-your-body-when-you-stay-fasting-too-long.html