හැදිච්චකම තියෙන කෙල්ලෙක් කවදාවත් නොකරන දේවල්

June 8, 2018
10,271
Things a decent girl would not do
මිනිස්සු විවිධාකාරයි කියල ඔයා හොඳටම දන්නවනේ. ඒ නිසා ඉතින් එළියට පහළියට බැස්සොත් එක එක විදියේ චරිත ඕන තරම් හොයා ගන්න පුළුවන්. ඒ අය අතරේ කරන කියන වැඩ වලින් තමන්ම අනිත් අය ඉස්සරහා ලජ්ජා වෙන, ඒ වගේම ගියොත් ගිය තැන අවුලක් දාගෙන එන අය වගේම තමන්ගේ පාඩුවේ තමන්ගේ තත්ත්වේ තියාගෙන ඉන්න අයත් අපි ඕන තරම් දැකලා තියෙනවා. කවුරු වුනත් කැමති ඒ වගේ කෙල්ලෙක්ට. මොකද අපි ඕනම කෙනෙක් කෙල්ලෙක් ළඟ හැදිච්චකම, තැම්පත්කම, හොඳ චරිත ස්වභාවයක් තියෙන්න ඕන කියලා හිතනවා. ඒ වගේ හැදිච්ච කෙල්ලෙක් කවදාවත් මේ වගේ දේවල් කරන්නේ නැහැ.

1. අනිත් අයගේ දුර්වලතා හොයන්න යන්නේ නැහැ. අපි කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නැහැ. අපි හැමෝම ළඟ අඩු පාඩු දුර්වලතා තියෙනවා. ඒ දේ තේරුම් ගත්ත කෙල්ලෙක් කවදාවත් තවත් කෙනෙක්ගේ දුර්වලතාවයන් විවේචනය කරන්න හෑල්ලු කරන්න, උසුළු විසුළු කරන්න යන්නේ නැහැ. ඒක තමන් කරන ලොකු වැරද්දක් කියලා එයා හිතනවා.

2. මේ වගේ අය කට පරිස්සම් කර ගෙන කතා කරනවා. මේක ගොඩාක් කාන්තා පාර්ශවයන්ට කරන්නම බැරි දෙයක්නේ. නොකිය යුතු දේවල් යාලුවෝ හරි පිට අය එක්ක හරි කියවන්න යනවා. අනිත් අයගේ පෞද්ගලික කාරණා ගැන අනවශ්‍ය විදියට හාරා අවුස්සන්න යනවා. එත් වැදගත් විදියට හැදිච්ච කෙල්ලෙක් කවදාවත් ඒ වගේ වැඩ කරන්නේ නෑ.

3. කේලාම්කාරියක් නෙවෙයි. අනිත් අය අතරේ වැඩි පුරම ප්‍රශ්න ඇති කරන්නේ මෙන්න මේ නරක පුරුද්ද තියෙන අය. තමන්ගේ ළඟින්ම ඉන්න කෙනාගේ දේවල් තවත් අය එක්ක කියනවා. එයාලගේ ප්‍රශ්න තව තැනක ගිහින් කියනවා. එහෙම අයට ලැබෙන්නේ අනිත් අයගේ අප්‍රසාදය විතරයි. හැම දේම හරි විදියට කරන කෙල්ලෙක් ළඟ කවදාවත් ඒ වගේ ගති ලක්ෂණ නැහැ.

4. සමාව දෙන හොද පුරුද්ද ඔයා ළඟත් තියෙනවා. තමන්ගේ පැත්තෙන් හිතලා යාලු මිත්‍රයින්, හිතවතුන් අතින් සිද්ධ වෙන වැරදි, හිත රිදීම් අමතක කරන්න, ඒවාට සමාව දෙන්න පුළුවන් හිත හොඳ කෙල්ලෙක්. ඒවා ගැන හිත හිතා පස්සේ පන්න පන්නා පලි ගන්න පුරුද්දක් මේ වගේ කෙල්ලෝ ළඟ නැහැ.

5.සමාව දෙන එක වගේම තමන් අතින් වෙන වැරදි වලට සමාව ඉල්ලන එකත් නිහතමානී ගුණයක්. වැදගත් විදියට ජිවත් වෙන කෙනෙක් ළඟ අනිවාර්යෙන් මේ නිහතමානි ගුණය තියෙනාවාමයි. කවදාවත් උඩඟුකමෙන් ඔලුව උදුම්මාගෙන ඉන්නේ නැහැ.

6. අනිත් අයත් එක්ක මිතුරු කම් දිගු කාලයක් පවත්වාගෙන යන්න නම් අවංකකම අනිවාර්ය ලක්ෂණයක් වෙන්න ඕන. ඔයත් මූණට එකක් කියලා, හිතේ තවත් එකක් තියාගෙන ඉන්න කෙනෙක් නම් කවදාවත් ඔයාට හොඳ මිතුරියක්, හිතවතියක්, විශ්වාසවන්ත සේවිකාවක් වෙන්න බැහැ. වැදගත් කමට හැදුනු කෙල්ලෙක් කවදාවත් දිය යටින් ගින්දර ගෙනියනවා වගේ පහත් වැඩ කරන්නේ නැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 862 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:23:37 PM
Script:/article/862/things-a-decent-girl-would-not-do.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:23:37 PM
Script:/article/862/things-a-decent-girl-would-not-do.html